".. ඒ.. මේ මේ.. කොහෙද බලන්නේ ඈ.."
".. කොහේවත් නෑ.."
".. කොහේවත් නෑ.."
".. පොත පොත... පොත දිහා බලාගෙන මං කියපු විදියට ගාන හදන්න.."
".. ඒක අමාරුයි මහේෂි.."
".. ඒක අමාරුයි මහේෂි.."
".. අමාරු ගණන් තමයි හදන්න ඕනේ.."
".. තේරුම් ගන්නකෝ අනේ... මට තව ටිකක් කියලා දෙන්න.."
".. තේරුම් ගන්නකෝ අනේ... මට තව ටිකක් කියලා දෙන්න.."
".. බෑ.. එතකොට ඔයා මගේ මූණ දිහා බලාගෙන ඉන්නවා.."
".. වැඩේමයි.. ! .."
".. වැඩේමයි.. ! .."
ඇගේ අත'කුරු වලින් පිරුණු පොත දෙස බලමින් ද හිස කසමින් ද මනස යොමු කරන්නට ඔහු අසීරු උත්සහයක් ගනී. අකුරින් අකුර හැඩ මවන ඔහුගේ සුරත කෙටි වෙව්ලිමකින් සලිත වේ. උද්‍යාන බංකුව මත හිඳී ඇයගේ බෑගයෙන් බට වතුර බෝතලයෙන් ඔහු ගුඩුස් ගා උගුරු කීපයක් බී ඇය දෙස නොබලාම බෝතලය දික් කරයි. වේගයෙන් පිට කල හුස්මත් දෙතොලේ පැටලුනු දිය බිඳිතක් ඒ හුස්මේ ගැටීමත් නිසා පාව විත් ඇගේ දෑතෙහි වැදී නතර වෙයි.
".. පොත තෙමුවා නේද..?.."
".. ම්ම්... චුට්ට නේ.."
".. ම්ම්... චුට්ට නේ.."
".. කෑවා ද..?.." ඈ මුහුණට එබෙයි. ඔහු ගේ දෑස පොළවට වැටුණු යමක් සොයයි. නමුදු එහි තණකොළ විනා අන් යමක් නොමැත. හේ විලියෙන් මෙන් ස්වන්වරයෙන්ම ඇඟිලි තුඩු වලින් සිමෙන්ති බංකුව සූරා දමන්නට අසීරු උත්සහයක් ගනී.
".. ඇයි කතා නැත්තේ මෝඩයෝ.. කෑවේ නෑ නේ.. සල්ලිත් නෑ නේ.. ඒකට තමයි මං ඉන්නේ.. ඒකට තමයි මේ කෙල්ල ආදරෙන් ඉන්නේ... අදට ඇති ගණන් හැදුවා. එන්න යමු කන්න.." ඇය පොත අකුළමින් ද පෑන් පැන්සල් සියල්ල බෑගයට අතුරමින් ඇගේ අතවැසියෙකු බඳු මල් පිරි කුඩය දෑතට ගෙන ඔහු දෙස බලා හිඳී.
".. නැගිටින්න කෝ ඉතිං.."
"... ඕනේ නෑ.."
"... ඕනේ නෑ.."
".. ලොකුකම තියෙනවා.. යං යං.. මටත් බඩගිනි.. "
".. තව ටිකක් ඉඳලා යං.."
".. තව ටිකක් ඉඳලා යං.."
".. ඊයේ රෑට කෑවද.. ? .."
".. නෑ .."
".. නෑ .."
".. එහෙනං යං.. නැගිටින්න.."
".. තව ටිකක් ඉමු.."
".. තව ටිකක් ඉමු.."
".. ඇයි අප්පා රිද්දන්නේ මෙහෙම.. ඔයාට ලජ්ජා ද..? මං පිට කෙනෙක්ද ඔයාට..."
".. රිද්දුවේ නෑ.."
".. රිද්දුවේ නෑ.."
".. එහෙනං යං.. කෝ මගේ මහත්තයා යං... හොඳට කවලා මහත් කරලා ගන්න ඕනේ. එතකොට ෂෝක්.. ඔය ලස්සන හිනාව තමයි ආසම මං.. යං කෝ.. ලොකුකම නැතුව..."
".. ම්ම්ම්.. යං.."
".. ම්ම්ම්.. යං.."
".. අද මගේ ගානේ කෑම. කන ගමන් කතා කරමු.. ඇයි ඔය තරම් මුරණ්ඩු මගේ සුදු අප්පච්චි.. බලන්න මං කොච්චර ආදරෙයි ද..? ඔහොම ඉන්න ටිකක්.."
".. ඇයි..?.. "
".. ඇයි..?.. "
".. කවුරුත්ම නෑ මෙතැන.."
".. ඉතිං.."
".. ඉතිං.."
".. .."
".. අපෝ..!.."
".. අපෝ..!.."
ඇයගේ දෑතේ පැටලුනු කුඩා දරුවකු මෙන් ඈ ඔහු පසුපස ගාටයි. ඔහුගේ පය ඉක්මන් නොවේ. එයින් කිපෙන ඈ ඔහුගේ දෑතින් ඉදිරියට අදිමින් ද තල්ලු කරමින්ද ඔහුව රැගෙන යයි. තවත් විකට ජනශුන්‍ය වූ තැන රත් පැහැ දෙතොලින් ඔහුගේ කම්මුල මත සිත්තම් කරයි.
________________________________
".. එපා අප්පච්චි එහෙම කියන්න.. එයා කැම්පස් නේ.. ඒ මදිද..?.."
".. දූ ඒ දරුවා අපේ පවුලට ගැලපෙන්නේ නෑ.."
".. දූ ඒ දරුවා අපේ පවුලට ගැලපෙන්නේ නෑ.."
".. ඒත් මට ඕනේ.. මට එයාවම ඕනේ..."
".. මගේ තීරණය අවසාන තීරණය මහේෂි. අම්ම නැතුව ඔයාව මෙතුවක් කල් හැදුවේ ඔය වගේ නාඩගම් වලට නෙමෙයි.."
".. මගේ තීරණය අවසාන තීරණය මහේෂි. අම්ම නැතුව ඔයාව මෙතුවක් කල් හැදුවේ ඔය වගේ නාඩගම් වලට නෙමෙයි.."
ඉකිබිඳුම් වලින් කුටියම පිරී යයි. ඇය නග්න සිතුවිල්ලෙන් ඔහු හා එකතු වුව ද එය හුදෙක් සිතුවිල්ලක් පමණක්ම බැව් ඇගේ සවනට කවුළුවෙන් බට සුළඟ විත් ඔච්චමෙන් මෙන් කොඳුරයි. ජීවිතයට ලැබුණු අදිසි සතුට ජීවිතය පුරාවටම ළඟ තබාගනු විනා මගදී හැර යන්නට සිත ඉඩ නොදේ.
හෙණ හඬ පුපුරන වැහි දිය මත, කුඩ නටුවෙන් අස්වසනු හැකිදැයි ඇගේ සිත අසයි.
හෙණ හඬ පුපුරන වැහි දිය මත, කුඩ නටුවෙන් අස්වසනු හැකිදැයි ඇගේ සිත අසයි.
________________________________
".. අපි පැනලා යමු සුදු අප්පච්චි.."
".. ගිහිං..?.."
".. ගිහිං..?.."
".. නොමැරී ජීවත් වෙමු.."
".. අනේ මන්දා.."
".. අනේ මන්දා.."
"... ඔයා කැමති නැත්ද මගේ අයියේ..." ඈ ඔහුගේ මුහුණට එබෙයි. ඇගේ දෑස පෙරට වඩා දිලිසෙයි. උල්පතකින් දිය විදින්නා සේ නෙතින් දිලිහෙමින් තිබු කඳුලක් රත් පැයට හුරු දෙකපුල දිගේ විත් ගලා යයි..
".. අඬන්න එපා.. ඔයාට ඕනේ නං යමු.."
".. අඬන්න එපා.. ඔයාට ඕනේ නං යමු.."
".. ඇයි ඔයාට මාව එපා ද..?.."
".. ඕනේ රත්තරනේ.. මාව අඬවන්න එපා.. මං ඔයාට ආදරෙයි.. මං ජීවත් වෙන්නේ ඔයා නිසා.. හැමදේටම ලඟින් ඉඳන් මං ගැන හොයා බැලුවේ ඔයා.. ඒත්..?.. "
".. ඕනේ රත්තරනේ.. මාව අඬවන්න එපා.. මං ඔයාට ආදරෙයි.. මං ජීවත් වෙන්නේ ඔයා නිසා.. හැමදේටම ලඟින් ඉඳන් මං ගැන හොයා බැලුවේ ඔයා.. ඒත්..?.. "
".. ඇයි ඒත්..?.."
".. එහෙමයි කියලා ඔයාගේ තාත්තාට වේදනාවක් දෙන්න හොඳ නෑ. එයා ලෙඩින් නේද ඉන්නේ.. ඔයාල දෙන්න විතරයි.. ඒත් මට ඔයාව ඕනේ.. අපි යමු.. තාත්තා පස්සේ කැමැත්ත දේවි නේ.."
".. එහෙමයි කියලා ඔයාගේ තාත්තාට වේදනාවක් දෙන්න හොඳ නෑ. එයා ලෙඩින් නේද ඉන්නේ.. ඔයාල දෙන්න විතරයි.. ඒත් මට ඔයාව ඕනේ.. අපි යමු.. තාත්තා පස්සේ කැමැත්ත දේවි නේ.."
ඔහු වැඩුණු තනකොල්ලට දෙනෙත හොවා ජීවිතය ගැන සියුම් විනිශ්චයකය. ඇගේ දෑත සවියට මෙන් ඔහුගේ සුරතේ පැටලී උරහිස මත හිස තබාගෙන ඇයද සිතුවිලි පා කරයි. හදවතේ පටක පෙරට වඩා පිම්බෙන විට උරහිස උණුහුමින් යුත් තෙත ගතියෙන් තෙත්ව යන බව ගෝචර වූ ස්නායු බුද්ධිය හඟවයි.
ඉනික්බිතිව ඔහු ඇගේ මුහුණ දෑතින් බදාගෙන නළලත සිප ඔහුගේ පපුව මත හොවා ගනී. ඇගේ නිහඩ කඳුළු වැගුරුම ඉකියකට පෙරලී කුඩා ගැහුණු දරුවකු සිය බෝනික්කා උදුරා ගනීවි යැයි භියෙන් එය දෑතින් බදා ගන්නා සේ ඔහුව දෑතින් අල්වා තරයේ තුරුළු කර ගනී.
ඉනික්බිතිව ඔහු ඇගේ මුහුණ දෑතින් බදාගෙන නළලත සිප ඔහුගේ පපුව මත හොවා ගනී. ඇගේ නිහඩ කඳුළු වැගුරුම ඉකියකට පෙරලී කුඩා ගැහුණු දරුවකු සිය බෝනික්කා උදුරා ගනීවි යැයි භියෙන් එය දෑතින් බදා ගන්නා සේ ඔහුව දෑතින් අල්වා තරයේ තුරුළු කර ගනී.
________________________________
".. සර් ඔයාට ඇමතුමක් තියෙනවා.."
".. කාගෙන්ද ..?.." ඔහු වික්‍ෂිප්ත දෑසින් බලයි.
".. කාගෙන්ද ..?.." ඔහු වික්‍ෂිප්ත දෑසින් බලයි.
".. මහේෂි කියලා ගෑණු කෙනෙක්.."
".. ඔකේ මගේ ලයින් එකට දාන්න කියන්න.."
".. ඔකේ මගේ ලයින් එකට දාන්න කියන්න.."
".. හෙලෝ සුදු අප්පච්චි.."
".. මහේෂි.."
".. මහේෂි.."
".. හඃ..හාහ්.. සුදු අප්පච්චි.."
".. ඇයි මහේෂි අඬන්නේ.. වෙඩින් සාරියට ලස්සනට ඇති නේද මැණික...."
".. ඇයි මහේෂි අඬන්නේ.. වෙඩින් සාරියට ලස්සනට ඇති නේද මැණික...."
".. ම්හ්.. මට සමාවෙන්න.."
".. පිටත් වෙන්නේ කීයටද..?.."
".. පිටත් වෙන්නේ කීයටද..?.."
".. දැන් අප්පච්චියෝ..."
".. කොහොමද එයා.."
".. කොහොමද එයා.."
".. දන්නේ නෑ.."
".. හ්ම්ම්හ්.." ලෝකයම නිහඬ වුවා සේ හැඟෙ. කබල් එංජිමක් ගැහෙන්නා සේ හදවත වේගයෙන් හඬ දෙයි. වාන් දමන වැව් දිය සේ නෙතින් කඳුලක් පනින්නට අසීරු උත්සයක් ගනී.
".. හ්ම්ම්හ්.." ලෝකයම නිහඬ වුවා සේ හැඟෙ. කබල් එංජිමක් ගැහෙන්නා සේ හදවත වේගයෙන් හඬ දෙයි. වාන් දමන වැව් දිය සේ නෙතින් කඳුලක් පනින්නට අසීරු උත්සයක් ගනී.
".. මං යන්නං චමිත්..."
".. හ්ම්ම්ම්.."
".. හ්ම්ම්ම්.."
".. චමිත් !.. මගේ සුදු අප්පච්චි.."
".. ම්ම්ම්.."
".. ම්ම්ම්.."
"... මේ ආත්මේ කරපු පව් හේදිලා ගිහිං ලබන ආත්මේ මං ඔයාගෙම වෙනවා.."
".. සුබ පැතුම් මහේෂි ජීවිතයට.."
".. සුබ පැතුම් මහේෂි ජීවිතයට.."
".. මං මැරුනොත් ඔයාගේ දරුවෙක් වෙලා ඉපදෙන්න ද...."
".. සතුටින් ඉන්න .. කවමදාවත් අඬන්න එපා.. එයා ගොඩක් හොඳ කෙනෙක් වෙන්න පතනවා..."
".. සතුටින් ඉන්න .. කවමදාවත් අඬන්න එපා.. එයා ගොඩක් හොඳ කෙනෙක් වෙන්න පතනවා..."
දාඩාස් ගා තැබූ රිසිවරය දෙස මොහොතකුදු නොබලා මුහුණ ඔහු කාර්යාල මේසයේ ඔබා ගත්තේය. හදවතේ කොනක ඇවිලුණු ගින්න බුර බුරා නැග ශරීරයේ සැම තැන ඇවිලෙන්නා සේ දැනේ. ඉන බැඳී ගිණි අවියට දෑත යත්ම, ".. ඔයාගේ දරුවෙක් වෙලා ඉපදෙන්න ද.." මනසේ රැව් දී ඔහු දෝලනය වන්නා සේ දැනිණ.
________________________________
".. මේජර් චාමිත් කුලතුංග හොඳ වැඩක් කරේ.. නියමෙටම කළා.. ඔයා ඇටැක් එක කන්ට්‍රෝල් කරපු හැටි මං හමුදා ජීවිතයටම දැකලා නැහැ පුතා.. ටෙරාලට ටාගට් එක මිස් වෙන විදියට දුන්නු ඇටැක් එක එක්සලන්ට්. ඔයාගේ ජීවිතේ ගැනවත් හිතුවේ නෑ.. වෙල් ඩන් පුතා... ! වෙල් ඩන් ..! .."
"... තැන්කියු සර්.."
"... තැන්කියු සර්.."
".. ප්‍රයිවට් චාමිත්ව මුණ ගැහෙන්නම් මං.."
".. ඔකේ සර්.." අනන්‍ය ගෞරවය පුද කරමින් සිය කාර්යාලය වෙත පැමිනි, හද පිරුණු සතුටින් යුතුව අස්න මත වාඩි ගෙන සිටියි.
"... සර්, අද මහේෂි මිස් කතා කළා.."
".. මිස්.. උඹට කොහොමද මිස් උනේ.." ඔහු සිනාසෙමින් සිය සේවකයාගෙන් විමසයි.
".. මිස්.. උඹට කොහොමද මිස් උනේ.." ඔහු සිනාසෙමින් සිය සේවකයාගෙන් විමසයි.
".. මිස් උනේ නෑ සර්.. මිස් කතා කරලා සුබ දෙයක් ගැන කිව්වා.."
".. මොකක්ද..? එයාගේ මහත්තයාගේ ප්‍රමෝෂන් එක ද..?.."
".. මොකක්ද..? එයාගේ මහත්තයාගේ ප්‍රමෝෂන් එක ද..?.."
".. නෑ .. මිස් ට දරුවෙක් ලැබෙන්න ලු සර්.."
".. ම්ම්ම්ම්...."
".. ම්ම්ම්ම්...."
සැන්දෑ කළුවර ගලා කෑලි කැපිය හැකි සේ අඳුර දෑස් මත නලියද්දි, පොරවනයට ගුලි වූ ඔහු අතීතයේ සුන්දර තැනක සිත නතර කර ගනී. දෑස පියාගෙනවත්ම රිදී තිරයක් සේ නලියන සිතුවිල්ලක මිහිර විඳින හේ ඈ වෙනුවෙන් වෙන් කරගත් ඈ මුණ ගැසුණු දිනේ සිට ළඟ තබාගත් සිය කොට්ටය ගෙන සිප ලයට තුරුළු කර ගනියි.
උරාගත් කඳුල ද රළු දෙතොලේ උනුහුමද එක සේ විඳි කොට්ටය උණුහුම ඔහුට සදා ඇගේ මතකය ඔහුගේ මනසෙහි පටක මිහිරෙන් පුරවාලයි.
උරාගත් කඳුල ද රළු දෙතොලේ උනුහුමද එක සේ විඳි කොට්ටය උණුහුම ඔහුට සදා ඇගේ මතකය ඔහුගේ මනසෙහි පටක මිහිරෙන් පුරවාලයි.
...විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ...
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ...
හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා
ඔබට විරහ ගිනි නොගෙනේවා...
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා
ඔබට විරහ ගිනි නොගෙනේවා...
විකසිත පෙම්...
තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා...
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා...
විකසිත පෙම්...
0 අදහස්:
Post a Comment
විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.
පාඨක ඔබ විත -
මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..