දනිමි මා නුබගේ ලෙය බව වැඩෙන | නියා |
බලමි අහස් කුස හෙට කලුවරය | අයා |
ලියමි නුබ නමට කවි තව සැදෙනු | කියා |
සිතමි පියතුමණි, මම නුබේ ලොවට | ගියා |
අහස හඬන හිස් බව මට දකින | විට |
පවස නිවන නුබ ඈතින් පෙනේ | සිට |
සවස ගිණි රසය ඩා බිඳු හොවා | සට |
පහස නුබ සුවය මා හට ගෙනෙයි | හෙට |
වැටෙන ගිණි අව්ව සතුටක් මෙනි | නුබට |
රිදෙන ගත සැඟව නොපෙනෙන විලස | මට |
යදින දෙවි වරුන් නුබ ළඟ | නැතුවාට |
පතන මා ගැනම දුක ඇයි මේ | ලෙසට |
මගේ සුරත තාමත් ළදරුවෙකු | වගේ |
ඇඟේ පැහැය දඹ රන් පිළිමයක් | වගේ |
යුගේ ගෙවී යන්නේ විදුලියෙන් | වගේ |
අගේ නැතුව ඇයි නුබ ගැන මාව | වගේ |
දෑත නුබේ දිගුකර වැටෙනා | තැනදී |
මෑත ඉඳන් සැඟවී මිතුරෙක් | පිට දී |
ඈත දුරක හිටියත් මා නැති | විට දී |
දෑත ඔබේ සිහිවෙයි මට හැම | තැනදී |
හෙටක් මටත් ඇතිබව නුබ | පවසනවා |
යමක් නුබට අහිමිව බැව් | කියවෙනවා |
කමක් නැතැයි කියමින් නුබ | හිනැහෙනවා |
මතක් වෙලා නුබ ගැන නෙත | කකියනවා |
දහදුක් විඳින්නේ රස දෙන්නට | නේද |
දාහක් ලැබෙන්නේ දුක ළඟ | රැඳිලා ද |
සීයක් හොයන්නට කරගැට | වැඩුනා ද |
මේ දුක් ගෙවන්නට මට දැන් | දෙනවා ද |
මටත් වඩා මා ගැන සිතනා | නුබම |
සැපත් විඳින බව පෙන්වා නුබ | සිටුම |
සිතත් දිරිය ගෙන ගොළුවත | රැක්කාම |
නෙතත් කඳුළු බොති නුබ ගැන | හිතුවාම |
දෑත අරගෙන කොටන පොලවත් නුබ වෙතට සුව | ගෙනේවා |
සීත රැය තුල දැනෙන සිහිලස උණුහුමක් වී | දැනේවා |
ගීත ලියනා මාගේ මේ අත නුබ නමින් දිරි | ලැබේවා |
මෑත භවයක නුබේ පුතු ලෙස ඉපදිලා මා | මියේවා |
ලස්සනයි මචං.. උඹේ අදහස් වලට මම පට්ට ලයික්.. කලින් කතාවත් එහෙමයි.. දිගටම එනවා මේ පැත්තේ..
ReplyDeleteතැන්ක්ස් මචං.. ඔයාලගේ අදහස් තමයි ලියන්නට මට දිරිය දෙන්නේ :)
Deleteලස්සණ යි, බෙන්. මට මේක කියවනකොට මතක් වුණේ "කලා වැවේ නිල් දියවර අපේ අම්මා" ගීතය. මේ හා සමාන අදහසක්නේ තියෙන්නේ.
ReplyDeleteඔය ෆොටෝව දිහා බලාගෙන හිතට ලොකු වෑයමක් අරගෙන ඇස් දෙක තද කරගෙන ලිව්වේ අක්කා. ඔය ඉන්නේ අපේ පිය උතුමා.. හොරෙන් ගහපු පොටෝවක්
Deleteමට මතක් වුණේ 'අව්වේ මුතු ඇට වපුරා' ගීතය.
Deleteහෑ කස්ටියට සිංදු මතක් වෙලා
Deleteෆට්ට බෙන්... :)
ReplyDelete""""ෆට්ට බෙන්...""" මම ද ? :p
Deleteනියම පද වැලක්.
ReplyDelete