පණ අදින ලෝකයක් - gasp a world

හිරු රැස් වැටි බොල් පිණි කැට සඟවාලා....
සඳ දෙව් කොහේ සැඟවී අද භිය පාලා....
පෙර දින රැයේ සිහිනය යලි සිහි වීලා....
පය තැබූ මහී ලෝකය සිත කැළඹිලා....

මුළු ලොව අදත් නිහඬයි මේ වෙලාවේ....
හදවත තනියි නිහඬයි මං මුලා වේ....
තනිකම සැපයි සැමවිට හුදකලාවේ....
දඩ බිම ලොවයි පණ නළ විහිදුනාවේ.....

උණුහුම ගතින් දාඩිය බිඳු උරාලා....
ජීවන හුස්ම මොහොතක් ළඟ රැඳී ලා....
නිසලයි ලොවම මූසල කම පිරිලා.....
හුස්මක් නැතේ අහසක් අද හඬා ලා....

රැහැයින් හඬන තුරු ගොමු වල සතර කොනේ....
සවනත වැකෙයි හඬනා ලොව ඉරි තැලුනේ....
ගංගා දියක් නැති කතරක් වෙලා දැනේ.....
සුසුමක් පමණි මා හදවතෙ ඉතුරු වුණේ....

හිරු රැස් ගලා ලොව අවදියි කියන තුරා...
මා නිහඬව නිදි පැදුරේ නිදන තුරා....
සිහිනය මා සිත තුල උඩු දුවන තුරා....
මගෙ පෙම ලොව ඇත පණ අදිනමින් මරා....
Share on Google Plus

About Unknown

6 අදහස්:

  1. කෝ උඹේ විප්ලවීය ළිපි, ලව් සික් එක හැදිලද...?

    ReplyDelete
  2. නිදි නැති රෑයේ හිත දැහැනක සමවැදිලා
    පෙම් දිග යලා උණු කඳුලැලි සලලා
    හැඟුමක් සිතැගිමිහිරක සුව විදලා
    සුසුමන් ගලයි පෙම ලඟ හිත උඩුදුවලා


    කඳුලැලි වැලක් ඇවිදින් නෙතු නෙත් කරලා
    මැව් මතකයම සිත යටටම ගුලි කරලා
    නුඹෙ හීනයට වත්සුනු පැහැ එක්කරලා
    තව හීනයක් ගොතපන් හිත එලි කරලා

    __ කළුළුර හීනය __

    හැමදාමත් වගේ ලස්සන කවි පෙලක් :)

    ReplyDelete
  3. මාතලන් - අයියේ, මේ දවස් වල බෙල්ල ගහලා යන ගවේෂණයක ඉන්නේ. අනිවා ළඟදීම ලියනවා උඩු යටිකුරු වෙන ලිපියක්. ඇත්ත ඇති සැටියෙන් ම.. :) සුට්ටක් ඔහොම ඉන්නකෝ ඉවසං..

    ReplyDelete
  4. මොකෑ බන් මේ.. විශ්වාසනීය වෙනසක් කරන්නද හදන්නේ .

    ReplyDelete
  5. මේ කුරුල්ල තමා වදේ.

    ReplyDelete
  6. කොහොමද බෙන් මෙච්චර කවි ලියන්නේ?තැන් දෙකක ලියන්න එපැයි නේද?

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..