සිනහව කඳුල නෙතු අග පිරි ජීවිතය



සටහං මේසේ කොන අස්සේ ගොඩ ගැසුන....
ඒ මේ අස්සේ හූනං බිත්තර දමන.....
මකුළුවෝ කකුළුවෝ වාගෙයි ගමන් යන....
ජීවිතේ රඟනවා මා අද එහි  මුලා වෙන....


සිනහව කඳුල නෙතු අග පිරි ජීවිතය....
අද ඇති සතුට හෙට කඳුලක් මෙන් ඇතිය....
එළියක් සොයා ඝනදුරු රැය පහන් වෙය....
හීනය කළුවරයි, දුටුවේ යකුන්මය.....


ආලෝකයක් සොයමින් මම පාර දිගේ....
යනවිට වලක් දුටුවෙමි මඩ වතුර වගේ.....
බොර දිය තුලින් දුටුවෙමි මේ රුවම මගේ....
වියැකී යලිත් සෙලවී ඇති උණා මඟේ.....


සසරේ ගමන් යන විට මග අහුරන්නා....
සැපයට නොවේ දුකටම මුලසුන දුන්නා....
පරමල් ලෙසින් වියැකී සතුටම ගන්නා....
කවියක් වගේ නොව මා දිවියම දින්නා....


පද පේළියක් අකුරින් එක එක අමුණා.....
කීවත් ලොවේ මිනිසුන් ගැන සිතා මනා....
මැරෙනා බවක්  නොදැනෙන මේ නරනා....
දුක් දී සතුට විතරද පස් උරුම වෙනා.....


නව රස වගේ දිවියම අපේ විටක දැනේ....
ඒ රස මුවින් කෑ පසු දිව තනියි අනේ....
කුණු කෙළ ගඳයි ඒ ගඳ දිවියටම පෙනේ....
කුමකට ලොවේ රසවත් දේ සොයා ගැනේ...... ?


සිනහව කඳුල සතුටිං පිරි ජීවිතය....
අද ඇති සතුට නුබ ළඟ හෙට දින නැතිය...
අනෙකුන් පෙලා විඳිනා සැප ලොව ඇතිය....
හදවත් පලා කුමටද සතුටක් සිතිය.....


සටහං මේස අස්සේ ඒ ගොඩ ගැසුන...
අදහස් වැලම ගෙන නොමරා තියාගෙන....
ලොවටම දකින්නට සුළඟට ලබා දෙන....
මම වෙමි ඉඳුවරක් ලෝකෙට සුවඳ ගෙන....
Share on Google Plus

About Unknown

7 අදහස්:

  1. කවියක් වගේ නොවී දිවියම දිනා ගනින් කොහොම හරි ;)....

    ReplyDelete
  2. බොර දිය මතින් සිය රුව හඳුනා ගන්න
    ඒ දිය මතින් ඉඳුවර වී පිබිදෙන්න.......!!

    සාර්ථක පදවැලක්! සුභපැතුම්!!

    -බස්සි-

    ReplyDelete
  3. උඹේ ඒ හැකියාවත් උපරිමයෙන්ම තියෙනවා. ජීවීතේ දුකක් කියලා හිතන්න එපා ඒ උනාට..

    ReplyDelete
  4. කවියත් හොඳය.උඹත් හොඳය.වඩාත් හොඳ කර ගත යුත්තේ අධ්‍යපණයමය.වඩාත්ම ඒ ගැන දන්නේ එය කඩාකප්පල් කරගත් මා වැනි උන්ය.උඹට ජය වේවා.

    ReplyDelete
  5. නොපෙනෙනා අරමුණක
    හැරවුමෙන් එපිට ඇති
    සොයා යන නුඹේ ගමන
    සොම්නසින් බලමි මම්......

    ReplyDelete
  6. උඹට හැකියාව ඇත කොල්ලෝ.. අප්‍රමාදව හිතපං ඒ ඇති...

    ReplyDelete
  7. හීනය එළිවෙන කාලයක් ළඟදිම එළඹෙයි.

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..