බිනර වැස්සේ නිකිණි මතකය

බිනර වැස්සේ තෙමුණු නුබ ගැන නිකිණි මතකේ රඳවලා.....
තෙමපු වැහි බිඳු දෙස බලා මම කඳුළු අරගෙන පියඹලා.....
අදත් හඬනවා ඇතුළු හදවත කඳුළු නම් දැන් වියැලිලා.....
ගියත් නුබ හැර හදේ රැඳුනා උමතුවක් මෙන් හඬවලා.....

වැටෙන කඳුලේ සිනා මල් නැත නුබ නමින් මුකුලිත වෙලා....
අඳුරු අහසේ රැගෙන පුර හඳ ලෙසින් මගේ නෙත රුදු වෙලා...
මගේ හසරැලි නුබ වගේ ළඟ ඇවිත් හොරැහින් හිනැහිලා....
සලා යනවද මතකයේ ඒ පෙම් පැතුම් පොඩි කළඹලා....

පහන් එළියක් නොමැති මගෙ ලොව අඳුරු විජිතයේ සඟවලා....
අඳුරු කල හැටි මතකයේ ඇත එදා ඔහු ළඟ සැඟවිලා....
නුබේ සුවඳට ආදරෙයි තව ගියත් හැරදා හඬවලා....
තාම මතකයි දුර ගියා නුබ අදත් ඒ හා තනිවෙලා.....

ගලන ගඟ සේ ඉවුරේ හැපී හැපී රිදවලා හද නැති කළා...
ඉබේ ඇති වුන පෙණ බිඳක් සේ නුබ ගියා මා රවටලා....
කෙසේ කිවත් හිනැහුනා නුබ ගියා මම දැක නෙතුසලා....
නුබ ඇවිත් දුර ගියත් පෙර සේ ලං උනා කඳුලම වෙලා.....

අහස් දිය බිම තෙමා බොර දිය ඇති කළා විල කළඹලා.....
නුබ ගියත් මා සිතු නියා ඇත නුබ නමට පෙම ලියවිලා.....
අහසේ සරනා ලිහිණියෙක් සේ නුබ සොයා වැහි හල හලා....
අදත් හඬනවා නුබ සොයා මම හීන කළුවර මගෙ වෙලා....




ප/ලි -: මේ කවි හැදුනේ, ; කළුවර හීනය බ්ලොග් එක කරන කෙනාගේ “ඇතුලගත් තව සුසුමන් හෙලයි නුඹ ඇවිත් ගිය පෙර මඟ දෙස බලා”   (මේ ලිංකුවෙන් යන්න) කියන කවි පංතියට කොටපු රිපල්යි කමෙන්ට් එක තමයි උඩ පද පේළිය. කවිය හදන්න මහන්සි උනේ නම් නැහැ. ඒ උනාට පලවෙනි පදය හදනකොටම ආව යාළුවො දෙන්නෙක් මාව එක්කං එලියට යන්න කියලා.. රෑ 10 යි දැන් ආවේ. ඉතුරු කවි සම්පූර්ණ කරලා කමෙන්ට් එක සම්පූර්ණ කරන්න ලැප් එක ඔන් කරලා කවි ටික public කරද්දී හිතුනා මට මේක පොස්ට් එකක් විදියට කොටන්න. කොටන්න දෙයක් නැහැ එතනින් කොපි පේස්ට් නොවෑ. අරයාගේ කවි බලලාම අදහස් දක්වන්න.  
Share on Google Plus

About Unknown

9 අදහස්:

  1. මම දැක්කා උඹෙයි ශෂී නංගිගෙයි සංවාදේ. දෙන්නාම නියම වැඩ කාරයෝ දෙන්නෙක් හින්දා එකේ ඇති පුදුමයක් නෑ.
    යකෝ බිනර මාසේ දැක්ක දෙයක් ගැන මාස එකොළහක් තිස්සේ හිතේ තියා ගෙන ඉන්නවද?

    ReplyDelete
  2. මල ඉලව්වවයි.. ස්පීඩ් වැඩි නැද්ද බං...

    ReplyDelete
  3. Black Puma - අයියේ , විකාර. එකෙන්ම පේනවනේ ආදරේ තරම. :D උඹේ බටර් තලිය උඹම තියා ගනිං..

    දේශකයා - අයියේ, මොකක්ද අලේ ස්පීඩ් එක. මට තේරෙන්නේ නැහැ අෆ්ෆා.. වේගෙන් යන එක මගේ විනෝදාංශයක්. :)

    ReplyDelete
  4. හ්ම්ම්, දෙක ම කියෙව්වා. ලස්සණ යි ඒත් දුක යි!

    ReplyDelete
  5. නියමයි බෙන් ටෙන් . .

    ශෂීගේ කවිය තාම කියෙව්වේ නෑ ඒත් මේ කවි ටික හරිම අගෙයි.

    ශෝකය උපරිමයෙන් එලියට දාලා තියෙනවා . . .

    බූට් එක කාලා දැන් කොයි තරම් කාලයක්ද බෙන් හික්ස් . .

    ReplyDelete
  6. ධාරා - අක්කේ, තැන්ක්ස්... දුක් වෙන්න එපා අලෙ.
    දුකා - අයියේ හ්ම්.. ස්තූති වේවා.. ගිය ආත්මේ තමයි කෑවේ.. මේ ආත්මෙනම් නෙමෙයි :)

    ReplyDelete
  7. ඔයාට කවි ලිවීමේ හැකියාවනම් සුපිරියටම පිහිටලා තියෙනවා මලයා. කාලෙකින් ජාලයට ඇතුල් වෙන්න ලැබුනෙ. ඇවිත් මුලින්ම කියවපු පෝස්ටුව තමයි මේ. එළ! ජයවේවා!!

    ReplyDelete
  8. හැමදාමත් වගේ කළුවර හිනේට ගොඩ වෙන කෙනෙක් තමයි බෙන් ටෙනිසන් කියන්නේ ඇත්තම කිවොත් මන් ලියන කවියක මන් ලියපු කවියකට රිප්ලයි කමෙන්ට් එකක් කවියකින් ලැබෙනවා කියන්නේ හුඟක්ම සතුටුයි
    ඔයාගේ කවි හැකියවනම් උපරිමයි ඇත්තමයි
    කොටින්ම කිවොත් මන් මගේ බ්ලොගයට වැටෙන ඔයාගේ රිප්ලයි කමෙන්ට් කියවන්නේ හරිම ආසාවෙන්
    එ තරම් එවැයි කවිත්වයෙන් පිරිලා
    ::)

    ReplyDelete
  9. - ඔක්කොම හොඳයි.. බටර් නිසා ලිස්සලා වැටෙන එකනේ අවුල.. :p :3

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..