මගේ මල් උයනේ පිපිලා සුවඳ වුණ...
පර මිතුදම් උදෙසා මා කඩා දුණ...
හෙටක් නැති ලොවට සුවඳක් අරං එන...
මගේ මල් කළඹ අන්සතු වෙලා යන...
මගේ දෝත මත වැඩ හිඳ සිනා ගෙනා...
මගේ ලොවම සුරපුර වෙත ගෙන සොඳිනා...
මගේ දෙව් කුමරි පෙර දින සෙනෙහස යදිනා...
මගේ මිතුරු සකි සඳ සෙනෙහස ලබනා...
කඳුළු එකින් එක අමුණා කවි කල මේ ගෙත්තම්...
අසරණ මගෙ දුප්පත්කම ළඟ නුබනම් සිත්තම්...
අද නැති මුත් හෙටවත් මට නුබ මා ළඟ ඇත්නම්...
සඳවත නුබේ ලැබෙනා තුරු බලාන හිමි මත්කම්...
රුව වෙත පෙම් කෙරුවානම්, නුබට කෙසේ පෙම් කරම්
ද...
රැවටිලි බස් දෙඩුවානම්, මා කෙලසට සිනා වෙම්ද ...
නුබ හට දුක් දුන්නානම්, කුමකට අද මා හඩම් ද...
නුබ මා හැර නොගියානම්, අපි අද එක් වෙලා නේද....
දෑස කඳුළු බොඳ වී මතකය මට අද රිදවනවා...
දෑස පියා ගත්තත් හිස් ලොව මගෙ අද වැලපෙනවා...
දෑස් කොනින් කඳුළු ගලා මතකය අද සේදෙනවා...
දෑස මරණ මංචකයට යන්න වෙර ඉල්ලනවා....
ආදරයට විරා සුවය ළඟ දැවටුන දින...
ඉඳිකටු තුඩකින් හදවත උගුල්ලනවා මෙන...
ගෑණු එපා මට කිසිදින කියා කියන මන...
ජීවිතයම මුලා වෙලා වාගෙයි අද යන...
පෙම් නොකලට නුබේ හිතට මම හැමදා ආදරෙයි ලු...
මේ හදවත නුබ එනතුරු හෙට දින මග බලනවාලු...
ආදර ලොව සිහිනෙන් හෝ මා නුබ හට හාදු දෙයි ලු...
මගෙ මරණය නුබහට හෙට, ගොඩක් හිතට දුකක් නෑ ලු ....
හරිම ලස්සනයි!
ReplyDeleteසංකල්පනාවනම් ගති. එත් මාත්‍රා දෝසයක් තියනවා වගේ. මෙය වඩාත් සමීප සඳැසට නිසයි මා එසේ කීවේ. සඳස් කවි ලස්සනට අග පෙළ එන්න ලියන හැටි මෙන්න මේ ලිංකුවෙන් ගිහින් දැනගන්න
ReplyDeletehttp://siwpada.blogspot.com/
දරාගන්න බැරි තරමට හිත ඉහිරී ගලන කදුළු
ReplyDeleteහංගා ඇති මුත් කවියක අපෙ හිතටත් දැනෙයි යහළු
කවදාහරි හෙට දවසක ඔය දෙනෙතේ කඳුළු යවුළු
සිදී ගොසින් මතු වෙනු ඇත මුව මතුපිට සිනහ පබළු
සුන්දර කවියක්... දිගටම ලියන්න.සුබ පැතුම්!!!
+++++++++++++++++++
ReplyDeleteප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
ReplyDeleteරිසි වූ කෙනෙකුට පූජා කරනට
ලෝබ බවින් තොර පිදුව මනා වේ
ආපසු ලබනට නො සිතා බිඳකුත්....
-සරච්චන්ද්‍ර
මචන් මාරම ලස්සනයි...
ReplyDelete