පුර
හඳ මඩල වට කොට ඝනදුර වැඩෙන
ඝනදුර
කෑලි කපමින් මේ රැය ගෙවෙන
පාළුව
සිතේ වැඩෙමින් ඇය ගැන සිතන
රාගය
නොවේ ප්‍රේමය සටහන් කරන
පාළු
මාවතේ දෑතින් නුබ අල්ලා
සීත
අතැඟිලියි තුරුලට නුබ ඉල්ලා
රෑක
හිනැහෙමින් කියනා කවි පල්ලා
පාළු
මගේ ලොවේ කවි දැන් අහපල්ලා
පාළු
රැයේ මේ කවි ලියවෙන
අතර
ඈගේ
යහන වටකොට ඇති මුළු
හතර
නින්ද
සොයන ඒ නෙත් දෙක මට
නිතර
මතක
මං පෙතේ දිවි සොයනවා
මෙතර
ලියන
ලියන එක කවි පදයක්
ගානේ
එයා
අනේ මට දැන් සිහිවෙනවා
නේ
යන්න
දුරක් බැහැ මට දැන් මේ රෑනේ
බොන්න
දිය බිඳක් දැන් නම් මට ඕනේ
පේන
කියන දෑසක් ඈ හට
හිමිය
හීන
කවි ගොඩක් අරගෙන එනු ඇතිය
මාව
හැර ගියත් ඔබ අද කම් නැතිය
කියා
දිව ගියා අද මා ළඟ
සිටය
සොඳුර
නුබව මට අද මට හැම
සිහිවෙනවා
අඳුර
කුටිය තුල තව තව රජ වෙනවා
පැදුර
එලාගන්නට දැන් මම
යනවා
කොඳුර
කොඳුර ඉන්නට නුබ ගෙන එනවා
සත්
මහලේ යහනාවක නුබ ඇතිය
මගෙ
පොල් අතු පැල වෙත නුබ හිමි නැතිය
සැතපෙන්නට
මේ පැදුරේ ඉඩ ඇතිය
පොත
ගන්නට තාමත් සිත හරි මදිය
පොලවේ
පයගසාගෙන මා ළඟ ඉන්න
රළු
පොලවට ට නුබ පය රිදුනද ඔන්න
මල්
සුවඳට නුබේ වත මට සිප
ගන්න
අද
බැරිනම් හෙට ඇවිදින්
නවතින්න
ඔබව
නැති උනොත් මැරෙනවා සත්තයි මං
මුදල
මට පලක් නෑ රිදුමක් ගෙනාව නං
කියනු
බස් කුමට තනිකර යනවා දැන්
කියන
මේ යුගය අවසන් වේවිද
බං
මහ
පාරේ නුබේ දෑඟිලි මම අල්ලා
හැර
යන් නෑ කිව මුත් අද මා පල්ලා
නුබේ
පිය පස දකිනා විට හද හොල්ලා
මගෙ
පපුවම ගැහෙනවා ආලය
පල්ලා
සුවඳ
මලක් නොව මටනම් අද
නුබව
අහස
සඳක් නොව සැමදා
නැති අඩුව
ආල
බස් වහර ඔබලා නම් ඇසුව
දෑස්
තෙමනු ඇත කියනා විට මුසුව
ලියන
ලිපි මතින් පන්හිඳ ගිලිහෙනවා
කියන
කවි මතින් ආලය පිටවෙනවා
අසන
දේ මතින් හිස අද කැරකෙනවා
ලැබුන
තින් නුබව මා අග රජ වෙනවා
කැම්පස්
හීන අස්සේ එක
හීනයකි
පාසල්
පොතක් අස්සේ පෙම්
ගීතයකි
පාන
ලොවක් මත්තේ මල්
මාවතකි
තාම
නම් නුබව මට හිමි නැති
ලෙසකි
දකින
දකින මල් වල රොන් ගන්න සකී
හඬන
හඬන කඳුලට ඉඩ නොදුන්නෙකි
වැඩෙන
වැඩෙන පෙම වෙත මල් ලැබෙන්නෙකි
යදින
යදින දෙවියනි මා පෙමින්
වැකී
ලියනා
කවි පදය ආලය
ඉතිරේවා
සැදෙනා
ලෝක අස්සේ නුබ ලොව වේවා
හඬනා
කඳුළු ඇත්නම් ඒ මගේ වේවා
මැරෙනා
තුරා මා ළඟ නුබ
වැතිරේවා
* * * * * *
ලිපි ලියන්න
කාලය මදි අසනු සකී
හෙට දිනකදී
අත ගසනවා නියම වැකී
එතකං මේ
කොල්ලගේ ආල නොකී
අහගනු වස්
ලියනා මේ ප්‍රේමී මොකී
ටියුෂන් එක
අස්සේ පිරිලා ඔන්න
ඒ අස්සේ
පාඩම් කරනවා යන්න
කැම්පස් මත
ජීවිත උඩු දුවමින්න
පෙම් වැස්සේ
තෙමෙමින් හැඩ වෙන්න
හෙට දින
හමුවෙලා දොඩමළු වී යන්න
ආසයි මටත්
ඔබගේ ලිපි කියවන්න
කාලය හරස් වී
ඇත මග අවුරන්න
නිදහස ලැබෙන
තුරු බැහැ මට ඉවසන්න
යන්නට යනවා
ආයෙත් මම දුව එන්නම්
පුළුවන්
උනොත් ඔබගේ ලිපි කියවන්නම්
වෙනසක් ඇතොත්
මා ඒ බව පවසන්නම්
එතකන් ඔබට
ආසිරි පතමින් යන්නම්
පෙම් වැස්සට තෙමිල්ල කෙසේ වෙතත්..
ReplyDeleteලව් ජූසෙන් මල්ලියා තෙමී ඇති බවනම් හැගෙත්...
කෙන්ජි අයියාගේ කවී පදේ නම් අම්බානක සැරයි නොවැ
ReplyDelete@Kenji @ Japan
ReplyDeleteහරිම මාන්ජලිකයි අයියන්ඩි... :D කිති කිති වගේ නෙව.
උඹ ජඩමාජ්ජ කාරයෙක් වෙන්න එපා ලේඛකයෙක්ම වෙයන්.. කයි පද බැඳිල්ලත් මල් හතයි...
ReplyDeleteඅර නලියා දීපු සක්කරවට්ටම දාලා ඔය කවි ටික හරියට ඇලයින් කරගනිං බෙනෝ... අනික අකුරු පොඩි වැඩියි...
ReplyDeleteයකෝ කාලය මැදිවෙලා මෙහෙම ලිනවානම් , කාලය තිබ්බනම් අපිට කියවන්න කාලය මදි වෙන්න ලියයිනේ උඹ, නියමයි, හැබැයි ලොකු ලව් හුටපටයක් තියෙනවා වගෙයි,
ReplyDeleteබෙනාගේ දිවියට පුරහඳක් පායා ඇති හැඩයි. කොලුවාට පිස්සු හැදිලාදැයි සැකයි. කවි ලියාගෙන ලියාගෙන ලියාගෙන ගිහින්ය!!!
ReplyDelete