ආදරය ගැන නොකියූ තැන්



නුබේ දෑත අල්ලා තුරුලෙම රඳවා...
නුබේ මුවග මගෙ උරපතු මුල සඟවා...
නුබේ දෙතොල නළලත මත මා හිඳුවා..
නුබේ සුවඳ සැමවිට සිහිනෙන් පැතුවා...


නුවර වීදි අස්සේ නුබ අත අල්ලා...
තුරුළු කරන වැව මානේ හද පල්ලා..
සොඳුරු වඳන් පවසන ඔය මුව ඉල්ලා...
මතකද පෙර අපි හිටියා හිනැහෙල්ලා...


ඈත පේන ඇතුගල ගල් ෂීකරයේ..
මෑත පේන සිප්වින් මාවත වැඩියේ...
දෑස් නුබේ සිහිකර ලියු කවි ඇතියේ...
මතක පොතේ මට නම් අද ඉඩ නැතියේ...


ආදර බස් සිත අස්සේ හිනැහෙන්න...
නුබ දුන් මේ ඉනාව හෙට අරගන්න...
නුබ නැති මට ඉන්නට බෑ දැන ගන්න...
ආසයි නුබ මගෙ පැලට ගෙන එන්න...


දෑස් මානේ නුබ පිපෙනා හෙට දිනක...
කවි හිත නුබ ගැන ලියනා කවි විටක...
පද ඇමිණෙන දවසකට අපි ගෙන මතක...
නුබ නැති මම පාළුව තුල ඇත විටක....


ලබන දිනක් තුල හමුවෙන සිතුවිල්ලෙන්...
නුබව නැතුව මම ඇති මේ කඳුළැල් ලෙන්..
නුබ ගේ දෙතොල් මත දැඟිලි හෙවනැල්ලෙන්...
ලැබෙන තුරා අපි ඉමු එක හසරැල්ලෙන්...


දැනගනු වස්..
-        ලැප් එක කුඩු වෙලා. මගේ අතින් බිම වැටිලා. ඔයාලගේ පොස්ට් කියවන්න, රිපල්යි කමෙන්ට් දාන්න ඉඩක් නැහැ. අද ආවෙත් අක්කගේ මොනිටර් එකට ලැප් එක අමාරුවෙන් කනෙක්ට් කරලා.. ලියපු ලිපි වගයක් තියෙනවා මම හිමිට ෆොටෝ කෑලි අරගෙන දාල පබ්ලිෂ් කරන තුරා රැඳෙන්න. දුක මේකයි.. මට ඔයාලගේ ලිපි කියවන්න නොලැබීම.
Share on Google Plus

About Unknown

6 අදහස්:

  1. අමාරුවෙන් ලිව්වත් කොල්ලො කවි ටික ලස්සනයි,ඔන්න ඔහොම ලස්සනට එළිසමය ඇතිව ලියපං අපි හැමදාම බලන්න එනවා

    ReplyDelete
  2. අම්මරුවෙන් හරි නියම කවිටික. කොහොමත් අමාරුවෙන් කරන දේවල් වල රසය වැඩියි නේ.

    ReplyDelete
  3. කවි ටික මරු කොල්ල.
    පහු ගිය ටිකේ තොට වැහිලා තිබුන විසේ දැක්කම මම හිතුවෙ,උඹ ලග ලෙස්සල වැටිල ආපදාවක් කරගනියි කියල.
    ඔය කාලෙට ගොඩක් එවුවන්ට අත ලෙස්සන කේස් තියෙනව.

    ReplyDelete
  4. කවි ටික ලස්සණ යි, බෙන්. මීට පස්සේ කවි ලියනකොට http://siwpada.blogspot.com මේක පාවිච්චි කරලා බලන්න. ලැප් එක ගැන නං දුක යි. ඉක්මනින් ආයෙත් හමුවෙමු.

    ReplyDelete
  5. //ලැබෙන තුරා අපි ඉමු එක හසරැල්ලෙන්...// සින්දුවකුත් මතක් වුණා මේ වගේ... හොඳ තැනක් බලලා දෙන්න ලැප් එක හදා ගන්න.

    ReplyDelete
  6. ඔවුවා ඔහොම තමයි බෙනා. ලැපට ඉක්මන් සුවය පතනවා. කවි ටික හැමදාමත් වාගෙ මල් මසුරන්!!

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..