සීමිත මිනිසුන් අතර, මුදලට විකිණෙන අසීමත මිනිසුන්







ඇත්තෝ කති බොති නැත්තෝ සුසුම් ලති. වර්තමාන සමාජ ජීවන ක්‍රමයනම් එයම වේ.. 


ඇති මිනිසුන් සඳලු තලයන් හී වැජඹෙන විට , නැති මිනිසුන් අගු පිලෙහි වැටෙමින් කුසට අහරක් නැතිව කාණු දියෙන් උගුර තෙමා ජීවිතයේ සුවය සොයයි.. 

එකල රජුන් අමා රස භෝජුන් වළඳා , සේවකයන් හට කොකා පෙන්නුවේය. ( කොක්කු උන්නද නැත්ද දන්නේ නැතෝ ? කොකා තමයි ඒ කාලේ උන්නු උන් පෙන්නුවේ. අර මොකක්ද මෙව්වා පාලනයක් නොවෑ තිබ්බේ )

ධනවාදය තුල කොටු වීම නිසාවෙන් ඇති නැති පරතරය ඇති වී ඇත. ලෝකයට ධනවාදය අවශ්‍ය නැත. ලොව සියලු දෙනාට ඇති නැති පරතරය නැති වී සියලු දේවල් භුක්ති විඳීමට හැකිවිය යුතුය. සත්මහළේ රම්,බීර බොමින් අල්ලාප සල්ලාපයේ යෙදෙද්දී,
 
 ඇතැමුන් “ කොටුව “ තුල මුට්ට කර ගසමින්, ඇතැමුන් ගල් තලමින්, ඇතැමුන් පොල් ලෙලි තලමින් බඩ රස්සාව කරන්නේ ඉහත කියූ ධනවාදී සංකල්පය නිසාවෙනි. 


භෞතිකව ධනවාදය ලෙස කියූ නමුත් මිනිස්සුන් හිතින් පවා ධුෂ්‍ය වී ඇත. මළ කුණක් දකිමින් ඒ දෙසට විදුලි වේගයෙන් පියාඹන ගිජු ලිහිණියන් සේ, මුදල් කොලයට පෙරේත ඉව වැටී මිනිසා ද දිව යයි. 

සමාජය එසේ ය. ගණිකාව බිහිවන්නේ ද ? ව්‍යාපාරිකයන් බිහිවන්නේ ද ? උතුම් වූ අධ්‍යාපනය දෙන දිසාපාමොක් ඇඳුරන් විකිණෙන් නේ ද ? කුලී මිනීමරුවන් බිහි වන්නේ ද ? ලැබීම නොලැබීම හෝ පිං පව නිසා නොව ඇති නැති පරතයට විසඳුම වන මුදල් කොලයක් නිසාය..

හදවත නැති , වේදනාවක් නොදැනෙන්නෙක් සේ මිනිසා අසීමිත ලෙස කෘර වී ඇත. 

දෙයක් නැති වෙන විට එහි වටිනාකම නම් බොහෝ වැඩිවෙයි, මිනිසුන් දෙයක් පරිහරණය කරනවා විනා එහි රැක ගැනීම ගැන කිසිදු වැටහීමක් නොමැත. හොඳට කා බී , නටා ගයා, ජීවිතය ගෙවා පොළවට පස් වෙයි. නැවත ඉපදී එයම කරයි. ඇති සියලුම සම්පත් පරිහරණය කරමින්, අනාගත පරපුරේ දේවල් පවා වර්තමානය වන විට පරිහරණය කර ඇත. 

එහි සැබෑ අර්ථය නම් , අප අනාගත පරපුරට පවා ණය කරුවන් වී ඇති සේ ය.. 




ලොව ජනගහණ වර්ධන වේගය ගුණෝත්තර ශේඩියක් සේ ය. නමුත් දුකට කරුණ නම්, ලොව ආහාර නිෂ්පාදන වේගය වන්නේ සමාන්තර ශේඩියක් මෙනි. ඉතිං ආහාර හිගය ගැන තවත් හේතුන් කුමටද ?
අනාගතයේ ජීවත් වීමට අවශ්‍ය හුස්ම ගැනීම පවා පටු ලෙස සීමා සහිත වනු නොවනුමානය. 

හිතන්න, ඔබ ජීවත් වන්නේ ඔබ තුලමය. ඔබ තුල ඇති යක්‍ෂයා ගොඩ නැගෙන්නේ ඔබගේ හෘදය තුලින්මය. 

                මිනිසුන් එකිනෙකාට එකිනෙකා ඇලී ගැලී බැඳී සිටිදී. ආශාවන් අසීමිත ලෙස හඹා යයි. අවසානයට පොලවට පස් වී යාම සිදුවෙයි. මිනිසා ආශාවට කොතරම් දැඩි ලෙස වේලි ඇතිද කිවොත් සිත දඩාවතේ ගොසිනි. 

සැප දී, මහත් කැපකිරීම් කොට ගොඩ නගාගත් ශරීරය හදිස්සියේම අපටම නොකියා කුණු වී යයි. නමුත් සමස්තය සිතන්නේ ඉපදී මැරෙන බව නොවේ , ඉපදී මෙහෙ වෙසෙන බවය. ඒ නිසාවෙන්ම ලෝකයට අවැඩ කරමින් සමස්ථ සමාජයම ගඳ ගස්සන ලෙස ජීවත් වෙයි.


“................... තුවලයනම් සුව විය,,,,,
                        නමුදු.....
                                    හරිම වේදනායි.....
                                    හදිස්සියේ සැරව ගඳ  දැනුණා ....
                                    ඇතුලින් පැසවලා නොවෑ...............” 

සමාජයද එසේමය.  සල්ලි වලට කල  නොහැකි නැති දෙයක් නැති තරම් ය.. මුදලට නීතිය පවා විකිණෙයි.
“.... සල්ලි ඉතිං , දෙයියන්ගේ මල්ලි නේ....” යන මතය වැටි ඇත්තේ ඒ නිසාවෙනි. මිනිස්සුන්ගේ ඇදහීම ජාන විකෘතික දෙවියාසතුව මුළු ලොවේම පැවැත්ම ඇත කියාය. 

“ ... හෙණ හඬ නගමින් වැසි වසී... කුරුළු කූඩුවක් කඩා වැටෙයි... කුරුළු පැටවුන් බිමය. කුරුළු මව කුරුළු පියා කෑ ගසයි. මෙය දකින ශක්‍ර දෙවෙන්ද්‍රයාග් පඬුපුල් ආසනය උණු වේ... ඔහු වැස්ස නවත්වයි...” 

“... එක බිරිඳකට දරුවන් නැත. වෛද්‍ය වරු බොහෝ මුණ ගැහෙයි. නමුත් දරුවන් නොමැත. ඔවුන් දකින්නේ කතරගම දෙවියාය. පූජා වට්ටිය ගෙන දෙවියන් අසලට යයි..... පූජාව තබයි. ප්‍රර්ථනා පතයි... මාස කිහිපයකින් දරුවෙක් ලැබීමේ ප්‍රථිපල ලැබේ ( එව්වා මොනාද කියලා දන්නේ නැහැ මම.. ) ...”

මෙසේ සිතන්නේ මේ දියුණු සමාජීය මිනිසාමය. එහෙයින් ඔවුන් දෙවියන්ට වටිනාකමක් දී ඇත. වැරදි කලොත් දෙවියන් කෝප වේ. නමුදු ගුරුකම් කරවන්නේ ද ඇතැම් දෙවියන් හරහා ය.. 

මුදලද එසේ ය. අසීමිත ලෙස අප සැවොම එයට වටිනාකමක් දී ඇත. එය සදාරණයකි. එය වෙනස් කල නොහැක.මන්ද ගනු දෙනු කිරීමට මුදල නමැති සාධකය ඇවැසි බව දනිමි. 

නවතාලිය යුත්තේ මෙයයි, මුදලට විකිණෙන මානුෂීය ආකල්පයි. 

ලොවක සෑම රැකියා වෘතික පුද්ගලයෙක්ම සිටිය යුතුය. නැත්නම් සමාජ විවිධත්වයක් ඇති නොවේ. එසේ නොතිබුනොත් ඇතිවන ගැටළු විවිධය. 

දුකනම් මේ බෙදුම් වාදය ගැනයි. එනම් දුප්පත්කම සහ පොසත්කම නොහොත් ඇති නැති පරතරයම වේ.
ඇත්තන්ගේ සිනාහඬ අපට කම් නැත. මන්ද ඔවුනට සිනාසීමට අවැසිය. එය ඔවුන්ගේ අයිතිවාසිකමකි. නමුත්, සෙවුම් ඇසකින් බලනකල ඇත්තන් නැත්තං මෙතරම් පෙළන්නේ ඔවුන්ට ඇති ඉහලට යාමේ ආශාවයි. එනම් මුදලට ඇති මහා කෑදරකමයි. ඔවුන් මෙය නොදන්නවා විය යුතුය , නැත්තං නැත්නම් ඇත්තන්ට ලොව කිසිදු ස්ථානයක් නොමැති බව ඔවුන්ගේ සියුම් මනසට නොවහැටෙනවා විය හැකිය.
එනම් අපි සියලු දෙනාම මිනිසුන් බව, අප සැමටම ඇත්තේ එකම හැගීම් බව ඔබට මට අප සැමටම තේරෙනවා ඇත



මිනිස්සු පොෂ් විය යුත්තේ මතු පිටින් පමණක් නොවේ. හදවතින්ද ලොවට ආකල්ප තුලින් පොෂ් විය යුතුය. 

එවිට ලොව සුන්දර ජීවත් වීමට සුදුසු තැනක් වනු නොවනුමානය. දුප්පත්කම යනු දුක් වීමට කරුණක් නොව, පොසත්කම යනු සතුටු වීමට කරුණක් නොව එය ඇති වන්නේ මුදලිනි. මුදලට මනසින් වටිනාකමක් නොදෙන්න. මුදලට හැක්කේ බඩු භාණ්ඩ හෝ අවශ්‍යතා මිලට ගැනීම පමණි. නමුත් ඔබේ හැගීම් මුදල ළඟ නිරුවත් කිරීමට වග බලා ගන්න එපා. එය ඔබගේ හෘද සාක්ෂියට පවා ඔබ සිදු කරන කෙලසිමකි. 

අප ලොවේ ජීවත් වන්නේද ? එසේනම් ආත්ම අභිමානයෙන් යුතුව ජීවත් විය යුතුය. එය ඇති වන්නේ කිසිවෙක් රිදවා නොවේ. කිසිවෙක්ට සිනා සිමෙන් නොවේ, එය ඇති වන්නේ අප යම් දිනක හදවතේ පිවිතුරු හැගීමෙන් කල කී දෙයක් නිසාවෙන් පමණි. 

ඔබ ඔබට අවංක වන්නේ කොතරම් ද ? ඒ තරම්ම ඔබ ලොවටද අවංක වෙයි. මන්ද, ඔබ ඔබගේ හෘද සාක්ෂිය තුල ජීවත් වී ලොව යථාර්තවාදී ක්‍රියාවන් හා එක්ව ඒ හා ගැටෙමින් ලොවට හොඳ දෙයක් කරන්නේද එයම ඔබගේ ආත්මතෘප්තියට හේතු වේ.. 

ඔබට ඇත, නමුත් ඔවුන්ට නොමැත. ඔබ අල්පේච්ච වන්න. මමනම් අගයන්නේ,

කලිසම පස්ස පල්ලෙන් අඳින, වෛවාරණ සපත්තු දමා, අතේ වෙළුම් පටි ඔතා ගනිමින් ලොවට පොෂ් වෙන්න හදන සල්ලි කාරයන් නොව.......

සිනහවෙන්, සරලව ජීවත් වෙන මිනිසුන් ය. කෙනෙකු මනිනු ලබන්නේ මුදලින් නොව ඇති නැති පරතරයෙන් නොව ඒ ඒ කෙනාගේ නිවැරදි අදහස් , හැසිරීම තුලිනි. 

සම්ප්‍රදායට කොටු වෙන්න කියනවා නොව, සම්ප්‍රදායෙන් ඔබ්බට යන්න. නමුත් මුදුන් මුල සම්ප්‍රදාය තුලම තබා ගන්න. මන්ද ඔබ පෝෂණය වන්නේ මුදුන් මුල  නිසාම බැව් අමතක නොකරන්න..

ඇත්තටම ඔබ කව්ද ? ඔබ අතින් සිදුවිය යුත්තේ කුමක්ද බැව්, මදකට සිතා ඔබෙන්ම විමසා බලන්න...


(<<<<<<...........සෑහෙන අමාරුවෙන් වචන ගලපා ලියු පොස්ටුවකි. අදහස් ගලන්නෙම නැත. බොහොම අමාරුවෙන් හිතින් බලෙන් මෙන් වචන ගලපා ගත්තෙමි. හිතට කුමක් හෝ වී ඇත...... ඉඳුවර මලට පරවෙන්න කාලය හරි වගේ ද මන්දා ?  නැහැ එහෙම නොවේවි. මුල මැරෙන්න නොදී තියාගන්න උත්සහ කරනවා..... ලියලා ඉවර උනාට පස්සේ මාර නිදහසක් දැනෙනවා අෆ්ෆා................... >>>> )
Share on Google Plus

About Unknown

10 අදහස්:

  1. උදාර අදහසක් ඔබට පහළ වී ඇත්තේ. ස්තුතියි මේ සටහනට. අර පටන් ගන්න වැකිය මෙසේයි.
    ඇත්තෝ කති බොති සුකති.(කුණුහරුපයක් නොවේ) හෙළ වදනකි

    ReplyDelete
    Replies
    1. තේරුම පොඩ්ඩක් එක්ස්ප්ලේන් කොරනවා ද ? ඇහුවෙත් අදමයි. තැන්ක්ස්. අයියේ..

      Delete
  2. hali shoke thawath adahas api balaporoththu wenawa......
    :P

    ReplyDelete
  3. ඔන්න නියම බෙනා

    ReplyDelete
  4. ඇත්තටම හිතන්න බොහෝ දේ ඉතිරි කර ඇත.

    ReplyDelete
  5. සෑහෙන කරුණු ප්‍රමාණයක් අනාවරණය කර ඇති හැඩයි. හිතේ තියෙන අදහස් එක හුස්මට තල්ලු කරලා දාලා තියෙන හැඩයි. තව පාරක් කියවන්න ඕන සහෝ...

    ReplyDelete
  6. දිගටම කොරගෙන පලයන් බෙනා බොක්කෙන්ම සුබ පතමි

    ReplyDelete
  7. අමාරුවෙන් හරි ගලපගත්තොත් එළම තමා..

    ReplyDelete
  8. මොනා වුනත්හැමදාමත් තියන අයම තමයි රජ වෙන්නේ නැති මිනිහා නැත්තටම නැතිවෙනවා මිසක් ඇතිවිමක් නැ

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..