නුවර ළඳුන් Voice Print 2



නුවර ළඳුන් දැක සිනා සුනා මිස...
සිතට හැඟුම් නැතුවා...
දෑස අයාගෙන... ලඟින් සිනාසෙන...
නුබේ සිනහා පැතුවා.... //

පෙරදා.......... හමුවූ,,, මේ ගුරු පාර කොනේ...
සෙනෙහේ හදින් ගෙන, බලාහිඳිමි මම...
නුබ එන විලස පෙනේ...//
හදවත ගොළුව සැලේ...


නුවර ළඳුන් දැක සිනා සුනා මිස............//

පැතුවා....... හමුවූ දිනම සෙනේ....
දුටුවා දිනේ සිට, බලාහිඳිමි මම...
නුබ මට ලැබෙන දිනේ.......//
හදවත පෙමින් සැලේ....

නුවර ළඳුන් දැක සිනා සුනා මිස.......//



ගායනය - පද රචනය = සඳරු ( බෙන් )










විශේෂ සටහන් -

( පලවෙනි සිංදුවෙන් සෑහීමට පත් නොවී, දෙවැනි සැරෙත් පිස්සුවක් නැටුවා.. ගුණ දොස් නම් එමට ඇති... තාමත් කියන්න තියෙන්නේ මට තාලෙට හූවක් වත් කියන්න බැහැ කියලා තමයි.. අනේ මන්දා ලෝකයා ඉදිරියේ මං විහින් ලැජ්ජා වෙනවද මන්දා.. )
Share on Google Plus

About Unknown

15 අදහස්:

  1. අදහස එල ..අහලම ආපහු එන්නම්...

    ReplyDelete
  2. හ්ම්ම්...ඇහැව්වා ..ඔය ගීතිකා මට නම් එපමණ අරුම නොවේ...
    උඹේ...ඉදිරිපත් කිරීම ඉහලයි...

    ReplyDelete
    Replies
    1. :>) ස්තුතියි අයියණ්ඩි..
      කොහොමත් ගෙඹි වොයිස් එහෙකට මධුර යැයි කිව නොහැකියි නෙහ්..

      Delete
  3. ලස්සනයි ..මේකට කමෙන්ට් එකක් ලියන්න ගිහින් එක පාරක් ලැප රි ස්ටාර්ට් උනා .. දැන් කියපුවා මතක නැහැ .. එත් ලස්සනයි බන්

    ReplyDelete
    Replies
    1. ලැප් ගැනනම් කියලා වැඩක් නෑ. මගේ ලැප් එකටත් කෙලවෙලා මං දැන් ඔටෝගෙන ඉන්නවා බලාගෙන දුකේ බෑ.. මොනවා කරන්නද..?

      තැන්කු අයියේ.. 8-)

      Delete
  4. බෙන් cd එකක් කරන්න වගේ කල්පනාව..........

    ReplyDelete
    Replies
    1. අපූ නෑ.. =))
      මං ඒ තරම් මිනිහෙක් නෙමෙයි.. :o

      Delete
  5. උපරිම පිස්සුවම හැදියං මං කියන්නේ..

    ReplyDelete
    Replies
    1. විඳවන්න වෙන්නේ කන් ඇඟිලි ගහගෙන බලන් ඉන්න ඔහෙලටම තමයි :D

      Delete
  6. දැන් නම් රිද්මය රැකිලා තියනවෝ...... ගායනය කෙසේ වෙතත් ලිවිල්ලනං නියමයි..

    ReplyDelete
    Replies
    1. නැත්ද කාගේවත් තීම් සෝන්ග් එහෙම ගහන්න. ලෙක් හවුස් එකේ වැඩ එහෙම නැත්ද මට ගන්න :D

      Delete
  7. අපූරු යි. අන්තිම කොටසට මම ගොඩක් ආස යි.

    ReplyDelete
    Replies
    1. නුවර ළඳුන් දැක සිනා සුනා මිස...
      සිතට හැඟුම් නැතුවා...
      දෑස අයාගෙන... ලඟින් සිනාසෙන...
      නුබේ සිනහා පැතුවා.... //

      මං කැමතිම කොටස.. ස්තුතියි අක්කා.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author. :o

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..