දුප්පතාගේ නිවස - Poor Person House




                                  
සිහින සරණ නෙතු එකමත කඳුළුතියන්
ඇහෙන වදන් සවනට ගොරහැඩිය ඉතින්
දකින තුරා ලොව දෑ මත වැටෙන සිතින්
යදින ගරා හඬ ඈසෙයි පවනමතින්

  
කෑම කා මතින් හැසිරෙනඑකාලා
සෑම සුරමතින් වැජබී සිටියේලා
යෑම කොයි ලෙසින් අවරට ගියේහිලා
ඈම වල් මතින් සැමවිට ආවේපලා

  
දෑත දෙපය කකියනවිට හැමමත්තේ
සීත රැයට උණුහුම මත ඔහුඇත්තේ
මෑත ඉඳන් හඬලන කොවුලන්ඉත්තේ
ගීත සෝ සුසුම් විතරද හද පැත්තේ
  
බඩගිනි දැනේ කුස තුල පණු කැටි වලට
දුක් ගිණි තුලින් හැඬුවෙමි රැයහිමපවට
ඇත්තනි අසව් දුක කය තුලහිනැහුමට
සත්තුනි, පවට ඉපදුනි දුප්පත්කමට

  
දරු ඇත්තවුන් කිරි බීමට තනහොයනා
වැහැරුණු තනේ කොයි බොල මගෙ කිරිකියනා
කුස පොතු ඇලී හීතල දිය එහිවදිනා
ජීවිය කෙදින අවසන් වේ දැයි සොදිනා

  
සිහින තියේ අපටත් දරුවන්ටකියා
දැහැන බැඳී ඔවුනුත් පාසලටගියා
රෑන බිඳී හඬමින් මව් තුරුල සොයා
බයින එවුන් මැරියන් දුප්පතුන්කියා

  
සොටු බේරී බඩ ගෙඩි කුස පොත්තෙහි
අටු වේලි නැහැ කිසිවක්ඇත්තෙහි
කොටු කෑලි තිබුනත් අව් ඇතවෑහී
කටු කනවද බල්ලන් හද මත්තේහි

  
පැදුරු කෑලි මත නිදියයි ඔවුන්හැම
සිදුරු වෙලා සරමත් අත ගායිලැම
පතුරු ඇතුරු බොල් පුටුවක වාඩිගම
මැතුරු "කුටු" හඬින් අසලක හඬයිඉම

  
සහල් මිටක් දිය දාලා කැඳඋයලා
වතුර දමා ඒ මත දිය රසඇඳිලා
ලුණුත් දමා ලුනුදිය බත් කැඳකියලා
වේල් තුනක් කනවලු බඩ කුසපුරලා

  







Share on Google Plus

About Unknown

24 අදහස්:

  1. මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ.. උපරිමයි බං..

    ReplyDelete
  2. ඉතා සාමාන්‍ය දෙයක්.. නමුත් එය දැඩි ලෙස අනුකම්පාසහගතව හා කරුණාවෙන් බලා සිටීම තමා වටින්නේ.. (ඉංගිරිසි හෙඩින් කෑල්ල වැරදිය මං හිතන්නේ)

    ReplyDelete
    Replies
    1. වැරදීමක් ඇති. මටත් ඒකෙ ගැලපීමක් පේන්නේ නෑ..
      අදහසට ගරු කරමි

      Delete
  3. බොහොම ආසාවෙන් කියෙව්ව නවි පන්තිය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රජෝ... :)

      Delete
  4. නියම කවි සෙට් එකක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ත්‍රි භාෂා අයියා.. :)

      Delete
  5. පට්ටයි. උඹ නියම කවි කාරයෙක් මචෝ.

    ReplyDelete
    Replies
    1. :-) ඇයි මං.. උඹ මට වඩා ගොඩක් දක්ෂයි ඉවාන්.. මං දැකපු හොඳම ලියන්නා උඹ.. :)

      Delete
  6. අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේ රටේ මේ වගේ අය කොච්චර ඇද්ද? පුළුවන් විදිහට අත දෙමු. මිනිස්සුනේ ඔක්කොම.

    ReplyDelete
    Replies
    1. අත දෙනවට වඩා අත හරින්නෝ වැඩියි අක්කණ්ඩි .. (p)

      Delete
  7. අප අවට සමාජයේ තියන දෙයක් බන්. මේ විදියට අපි අතරට ගෙනාවට ස්තුතියි මචෝ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්හ්... පුමා ඔයාත් ලියන්න.. එයාලගේ අසාදාරණයට විරුද්ධව

      Delete
  8. කියන්න වදන් නෑ පුතේ.. උඹ නම් බුලට් බඩුවක්..

    ReplyDelete
  9. එලස්ම කවි සැට් එකක් නොවැ...

    ReplyDelete
  10. හිතට දැණෙනවා...නියමයි!

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..