බල්ලන් මරා නම්බුව රැකගත් ආණ්ඩුව

ප්‍රාණය හදේ "ලබ් ඩබ්" හඬින් ගැහෙන්නේය. ඔබගේත් මගෙත් අප කාගේත් පොදු වුත්, අසමසම නිර්මාණය නම් මේ ලැබූ ජීවිතය වේ. මන්ද අපි සැමගේ ජීවිත ප්‍රාණය ගැහෙන්නේ  ශරීර අවයව එකිනෙක හා පුරුකක් මෙන් බැඳී පවතිමිනි. එම බැඳීම් හා ඒවාහි එකතුවෙන් ජීවය ලබන කය පුදුමයක් මෙන්ම අසිරිමත් ක්‍රියාවලියකි.

අප සැම මරණයට භිය වෙමු. මන්දයත්  එහි වේදනාවට වඩා මේ ලොව ජීවත්වීමට මේ ආත්ම බවයේ ඇති දැඩි ආශාවයි. 




ඔබ කැමතිද ලෝකයේ කිසිවෙකුගේ අත්හදා බැලීමක් වන්නට. නැත මිනිසුන් ලෙස වේදනා විඳින්නට අප අකමැති වෙමු. මන්ද වේදනාව අපගේ ස්නායු පද්ධතියට ඉතාමත් ගෝචර බැවිණි. බුද්ධියත් අදහස් හුවමාරුවත් අතින් අපි අනෙක් සත්ව ප්‍රජාවට වඩා උසස් මට්ටමක පැවතීම නිසා අප දුක වේදනාව සතුට යන මානුෂීය කාරනා ගැන බොහෝ දේ දන්නෙමු.
එය පොදු වන්නේ මිනිසාටම පමණක් ද..? මේ ලොව සිටිය යුත්තු උතුම් යැයි කියන මිනිසා පමණද..? එම හැගීම ඔබ කෙරේ ඇත්නම් එය ආත්මාර්ථකාමී "තිරිසන්" ගතියකි.
පසුබිමින් ඇසෙන පුවතකි.

පසුගිය පොදු රාජ්‍ය මණ්ඩල උළෙල ක්‍රේන්ද්‍ර කරගෙන කොළඹ නගරය උත්සවශීරියක් ගත්තේය. රජය යුහුසුළුව, ගණිකාව සමාජය ඉදිරියේ සිය කය වසා තමා පතිනියක සේ පෙන්වීමට උත්සහ කරන්නා සේ අඩු ලුහුඩුකම් වසමින් තමන් සංවර්ධනය අතින් උසස් තලයක හිඳින බවත්, තව දුරටත් තුන්වන ලෝකයේ රටක් ලෙස ලෝක සමාජය ඉදිරියේ නොසිටිය යුතු බව ඒක්තු ගන්වන පුහු අධි මානසිකත්වයක් ආරුඩ කරගනිමින් පෙන්වා දුන්නේ ය. "ලොවක් හමුවන රටක්.." ලෙස අර්ථකථනය කළා මතකය.

දේශපාළුවන් ගැන මගේ එදා මෙදාතුර ඇත්තේ පුළුටු හැගීමක් පමණකි. එදා ඔවුන් සංවර්ධනය පෙන්නුවේ කෙසේ දැයි ඇසෙන දකින විට ඇති වන්නේ ශ්‍රී ලංකාව වැනි රටක ඉපදීමෙ පව්කාර හැගීමකි. දේශද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැහුනත්, මා මානුෂීය මිනිසෙක් ලෙස හිංසාව අනුමත නොකරමි. එදා කොළඹ නගරයේ සිටි සුනඛයින් 280ක් පමණ වයඹ පුරවරයේ හලාවත නගරයට ගෙනැවිත් අමු අමුවේ ඝාතනය කල බව වාර්තා වේ.

සුනඛයා යනු එදා සිට අද දක්වා මිනිසාගේ මිතුරෙකි. දඩයම් යුගයේ සිට අද දක්වාම සුනඛයා මිනිසා සමඟ දුකේදී හා සැපේදී ජීවත් විය. සමහර සුනඛයින් මිනිසාට සිය වර්ගයාට වඩා ලෙන්ගතුකමක් දැක්වීය. එය පුදුම බැඳීමකි.

දේශපාලනයේ හස්තයන් බල්ලන් මරා සිය සංවර්ධනය පෙන්වීම දුකට කරුණකි. දුක එය පමණක්ම නොවේ, ඡන්ද පෝලිම් වල ලගිමින් වැදී බණ , පුරාජේරු අසමින් දුන් ඡන්දය, භාවිතා කර අහිංසක සතුන් කෘර ලෙස ඝාතනයට අපද අනුබල දුන් නිසාවෙනි.

මිනිසාට පමණක් මේ පොළවෙහි තනි අයිතියක් නැත. මේ පොලෝ තලය සමස්ථ සත්ව වර්ගයාටම අයිතිය. උතුම් යැයි කියා, බලකාමය, ගෝත්‍ර වාදය වපුරා ගත් මිනිසාට කිසි ලෙසකවත් සතෙකුගේ ප්‍රාණය නැසීමට අවසර නැත. වාද සියල්ල කෙතරම් අඥාන ලෙස ඔළුවට විකාගෙන සිටීද කියතොත්, සත්ව හිංසනයෙන් සිය සංවර්ධනය පෙන්වීමට තරම් වත්මන් ආණ්ඩු පක්‍ෂය ක්‍රියා කිරීම ඛේදජනකය. ත්‍රස්තයන් ඝාතනය කල උතුම් රණවිරු සුරතින් බට තුවක්කුවෙන් වෙඩි කා මැරෙන අහිංසක තිරිසනෙක්ගේ ජීවිතය කෙබඳු වන්නට ඇත්දැයි සිතීමේදී පවා ඇතිවන්නේ වේදනාවක් නොවේ ද..?

ඡන්ද පෝස්ටර් ගැසීමට හා තම බලකාමය පෙන්වීමට කරන අර්ථ සුළු ක්‍රියාවන්ට වියදම් කරන මුදලින් උක්ත කියූ සුනඛ රැලට ආහාර දුන්නේ නම්, කෙබඳු පිනක් ද..? පිණ කෙසේ විතත් එසේ කලේනම් ලොවක් හමුවන රටෙහි මනුෂීයත්වය එදා ලෝකයම ඉදිරියේ සටහන් වනු නියතය.
අයාලේ යන බල්ලෙක් සිටි පමණින් අප රට අපිරිසිදුකමින් පිරේ යැයි සිතන දේශපාලකයින්, දේශයේ ජීව රුධිරය උරා බොමින් කරන අරගලය නවත්වන්නේ නම් මේ රට කොතරම් සුන්දර ද..?

බල්ලන් ගැන කුමට මෙතරම් තැවෙන්නේ ද..?.යමෙක්ට සාදාරණ ගැටළුවක් පැන නැගෙන්නට පුළුවන. නමුත් කිසිවෙක් කෘර ලෙස වධ හිංසා පමුණුවා සතෙකුට වුවත් මරණය අත් කරන්නේ නම්, එය මා දකින ලෙස ඝාතනයකි. එය මනුක්‍ෂ සංහතියට කරන නිගාවකි.


දැන් එය සිදුවී අවසන් ය. එදා ලොවක් හමු වූ රට, ලොවක් හමුවන්නට මං පෙත් පෑදුවේ අහිංසක සතෙකුගේ ජීවිතයට වධ හිංසා දී සිය නම්බුව ගැටගසා ගනිමිනි. එය සිතෙන කල්හි නුබට ලංකාවේ උත්පත්තිය ගැන ඇති වන්නේ වේදනාවක් මිස සතුටක් ද..?


බල්ලන් මරා සිය විමුක්තිය පසක් කල මහා චින්තනය ගැන කලකිරිමි. චින්තකයා කිසි ලෙසකත් මෙය නොදන්නවා විය හැකිය. නමුත් ඔහුගේ ගෝල බාලයින් නම් මෙය නොදන්නවා විය නොහැකිය. 


"මහින්ද චින්තනය" යනු හුදෙක් පෞද්ගලික ලියවිල්ලක් පමණි. එය ඔවුන් ඕනෑ අත වනන්නේය. නොබෝ දිනකින් බල්ලන් මැරීමට පවා අවසරපත් නිකුත් කරනු නියතය. බෞද්ධ රටක් ලෙස ලොව ඉදිරියේ ආඩම්බරයෙන් කියන අප මව් භූමියේ උක්ත සිදුවීම වනතුරු අවිහිංසාව ගැන කතා කරනවුන් ඉවත බලා සිටීම කණගාටුවට කරුණකි.


දේශපාලනය ගෑ වුන තැන වසුරු පිඩකි. අහිංසක සතෙකුට පවා වත්මන් පාලකයින්ගෙන් ජීවත් වන්නට ඉඩක් නොමැති බව පෙනී යයි. සතෙකුගේ ජීවත් වීම හා ඔවුන්ගේ නිදහස නම්බුවට අවනම්බුවක් ලෙස දකින පාලකයා දුප්පත් පුරවැසියා ගැන කෙලස තකන්නේ දැයි මනාව වැටහේ..

Share on Google Plus

About Unknown

23 අදහස්:

  1. මිනිස්සු බලු නොවටින පාලකයන්ට බල්ලන් වටින්නේ කෙලෙසද ? වතුර ඉල්ලු මිනිසුන් වෙඩිතබා මරණ විට බල්ලන් ගැන කවර කතාද ?

    ReplyDelete
    Replies
    1. (h) ඒකත් ඇත්ත. කුමක් කෙසේ, කවුරුන් උදෙසා ඔවුන් කරයි දැයි මා නොදනිමි.

      Delete
  2. මම නම් කැමතියි දඩාවතේ යන බල්ලෝ මරණ එකට. මොකෝ ඊට වඩා හානියක් උන් හපා කෑවොත් සිඳු වෙනවා. ඒ වගේම මෝටර් සයිකල් කාරයෝ කී දෙනෙක් මැරිලා ඇතද දඩාවතේ යන බල්ලෝ නිසා..

    ReplyDelete
    Replies
    1. මං ඒ මතයට එකඟ වෙන්නේ නෑ.. උපත් පාලන ක්‍රම ඕනේ තරම් තියෙනවා අමු අමුවේ මරනවට වඩා..

      Delete
  3. සිදුකල යුත්තේ බල්ලන් මැරීම නොව ඒ වෙනුවට වෙනත් විකල්පයක් යෙදීමයි. එය දියුණුවේ ලක්ෂණයකි. වත්මනෙහි බලු සමාජයද මිනිස් සමාජයද එක හා සමානව පෙනෙන්නේය. පිස්සු වැටුණු බල්ලා සේම පිස්සු වැටුණු මිනිහාද මරා දමයි. නොඑසේනම් පිස්සු වට්ටයි. අපිට කිසිම දිනක අපේ සංස්කෘතිය අමතක කල නොහැක. බටහිර පුද්ගලයින් තාර්කික ඥානය මෙහෙයවා වැඩ ගන්නා කල අපි අන්තර්ඥානය මෙහෙයවා වැඩ ගන්නා පිරිසක් බව අප කිසිදා අමතක නොකල යුතුය

    ReplyDelete
    Replies
    1. අදහස නම් ගෞරවනීයයි..
      (h)
      මගේ අදහසත් ඕකමයි..

      Delete
  4. අයාලේ යන සුනඛයා සමාජ පිළිලයකි. කලක් අයාලේ යන සුනඛයන් පළාත් පාළන ආයතන මගින්ම විනාශ කළා. මේ සුනණයන් සපා කෑ විට ඒ සඳහා ප්‍රතිකාර කරන්නට අති විශාල මුදලක් වැය කෙරේ. ජල භීතිකා රෝගය මාරාන්තික රෝගයකි. සුනඛ සපා කෑම් හා අනතුරු හේතුවෙන් අංග විකල වූ හා මරණයට පත් වූ පිරිස අති විශාලය.

    ReplyDelete
    Replies
    1. විනාශ කළේ නැහැ මගෙ මතකේ හැටියට... උන්ට වඳවෙන්න බෙහෙත් ගැහුව විතරයි නේද??

      Delete
    2. උපත් පාලනයක් කරලා, අයාලේ යන බල්ලන් සංරක්‍ෂණය කලොත් නරකද...?
      බල්ලෝ අයාලේ යන්නේ මිනිස්සුන්ගෙම වරදින් නෙමෙයි ද..?

      බැල්ලියෙක් පැටව් රොත්තක් වදපුවාම පන්සල් පල්ලි ගාවට ගිහිං තනි කරන්නේ ඔය මානුෂවාදී කියන මිනිස්සුම නෙමෙයි ද../

      Delete
  5. සතෙක් වුවද මැරීම අනුමත කළ නොහැකිය. ඒවාට බෝවීම වැල්ක්මීම සදහා නිසා ප්‍රතිකර්ම ඇත..

    ReplyDelete
    Replies
    1. 8-) සතෙක් වුවද එයත් හැගීම් දැනීම් දැනෙන ප්‍රාණයක් නේ..

      Delete
  6. බල්ලන් මැරීම මමත් අනුමත නොකරමි. එහෙත් දඩාවතේ යන බල්ලන් පිළිබඳ මෙයට වඩා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තිබුණි....

    ReplyDelete
    Replies
    1. මගුලක් කතා කරනවා. එහෙම කලේ නැත්නම්, චෝගම් නම්බු වතුරේ නේ බොල..
      චින්තනයට කෙල වෙනවා නේ.. :D

      Delete
  7. වෝගම් නිසා බල්ලො මරපු චින්තනය,
    නොගැලපෙන තැනක ගුවන් තොටුපල හදල මොනරු මරණ චින්තනය,
    ඡන්දය වෙනුවෙන් මිනි නොමරන චින්තනයක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. සුදු වෑන් ආවොත් මං නෑ කියන්න. මං යනවා කැසිනෝ ගහන්න :D

      Delete
  8. හදවත ගැහෙන්නේ එක විලසිනි ... සතෙකු වුව .. මිනිසෙකු වුව ප්‍රාණය නම් ප්‍රාණයමය ... මිනිස් ජිවිත තිරිසනුන් සේ බිලි ගන්නා යුගයක තිරිසන් සත්වයකුගේ ජීවිතය ගැන කුමන කතාද ...

    දේශපාලනය වනාහි ජරා ගොඩකි ... එහි ඇලි ගැලී සිටින්නවුන් හට එහි ඇති දුගද නොතේරේ ...

    ReplyDelete
    Replies
    1. ///
      දේශපාලනය වනාහි ජරා ගොඩකි ... එහි ඇලි ගැලී සිටින්නවුන් හට එහි ඇති දුගද නොතේරේ ...
      ///

      ගඳ දැනෙන උන් කිව්වත්, උන් ඒ අශූචි විකන එකනේ පුදුමේ බං. (h)

      Delete
  9. බල්ලෙකුගෙ තියාමිනිහෙකුගෙ ජිවිතයකටවත් අද ලන්කාවෙ අගයක් නැ.රටෙ ලොක්ක ලගම හිටපු භාරතගෙ ජිවිතට ලැබුන වටිනාකම පෙනව නේද.ජිවත්ව සිටින සත්වයෙක් ජිවිතෙ නැතිකිරිම අනුමත කරන්න බැ.එත් දඩාවතෙ යන බල්ලො කියන්නෙත් ලොකු ගැටලුවක්

    ReplyDelete
    Replies
    1. මේ රටේ ඔය පාලකයෝ අවිහිංසාවාදය නොදන්නවා වගේ මගේ හිතේ..

      Delete
  10. දඩාවතේ යන පාලකයින්ට වඩා දඩාවතේ යන සුනඛයෝ හොඳයි. උන් කන්න දීපු අත හපන්නේ නැහැ. අරුන් චන්දේ දීපු අත හපනවා විතරක් නෙමේ කඩනවාත් එක්ක.

    ReplyDelete
  11. දඩාවතේ යන බල්ලන්නට වැඩිය සමාජයේ තව පිළිල තියෙනවා.. ඒවා නොදකින එකනේ ප්‍රශ්ණේ බං..

    ReplyDelete
  12. ප්‍රශ්නය වන්නේ බල්ලාද මිනිසාද යන්න නොවේ... ජිවය ජීවිතය අප කාටත් උරුමයි. නමුත් කාගේ හෝ ජීවයක් සමග සෙල්ලම් කිරීමට කාටවත් අයිතියක් නැත. අඩු තරමින් තමාට තමාගේ පණ නැසීමට හෝ අතිතියක් නැත. [-(

    ඉඳින් මිනිසුන් වී ඉපිද සුනක වැඩ කළහොත් වැපරූ තරමින්ම අස්වැනු ලැබෙනු නිසැකය...

    ReplyDelete
  13. මිනිසාට පමණක් මේ පොළවෙහි තනි අයිතියක් නැත. මේ පොලෝ තලය සමස්ථ සත්ව වර්ගයාටම අයිතිය. උතුම් යැයි කියා, බලකාමය, ගෝත්‍ර වාදය වපුරා ගත් මිනිසාට කිසි ලෙසකවත් සතෙකුගේ ප්‍රාණය නැසීමට අවසර නැත.
    මීට වඩා හොඳින් මෙක කියන්න මං දන්නෙ නෑ. මාත් හිතන්නෙ ඔහොමයි..

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..