සම්බෝලයි - දන්කුඩ, බෙලෙක් පිඟන යි - රැඩිකල් කිරායි with බෙනා






සිලිං  බිලිං ටෝන්...

මොකාද බොල බයික්කලේ බෙල් එක කොටන්නේ... 

මේ... ම්හ්.. මං මං.. ඕයි.. මොකද උඹහෑ අපේ ගෙවල් පැත්තේ නාවේ.. !


(නොදකින් මේ වැදගත් වෙලාවේ මේකා මොකට ගෙදර ආවද ? ) න්න්න්... නෑ.. කිරෝ මම එන්න උන්නේ.. 

මේ වැඩ වැඩි බං. බුකියේ බ්ලොග් එකෙයි මේනියා ගහලා නොවෑ.. මම ලියනවා ලියනවා ඉවරයක් නෑ.. 

මට ඔය කෙටිලි තේරෙන්නේ නැහැ බොල බෙනෝ.. උඹලා ඉතිං කෙටිලි කොරන මහතැන් ලා. අපි පොළවත් එක්ක රැවිලි ගෙවිලි කොරන පනන් හතරට ආලේ කොරන අර සෑමාන්‍ය ඔලොක්කුවෝ නොවෑ..
අනේ වෙල් කක්කුටු කිරෝ.. මේ බොලා ආපු එක හොඳයි... බොට මයේ බ්ලොගේ කොටන්න දෙන්න ද ? 

ඕන  සෙද්දක් කොටහං. මට වාර විබාගේ නොවෑ. යන්ට ඕනේ සුට්ටක් පොත බලා කියා ගන්ට.. 

මට කෙටිලි දැයෙන් නෑ බොල. අප්පච්චියා මා එනකං වෙලේ බලා ඇති. කමක් නෑ.. කවදා කොටපුවා ද ? දිය කෝ උඹේ හොර ගෑණි...  ඈ බොල මක්කද දැන් මම කොටන්නේ .. :/ 

මෙහ්.. උඹ ඕන මගුලක් කොටහං. කොටලා තියලා පල. මම තොගේ නමින් ඕක අනිත් මොටාලට දෙන්නම් කෝ.. 

දෙයක්ම නැත්නම් උඹේ කෙරුවාව කොටහං.

         *             *                      *                      *                      * 
( කිරාගේ සටහං )

මම රං කිරිමුදියන්සේගේ මනෝභය සතිස් බණ්ඩාර වෙමි. බෙනා ගෝතයා ඇතුළු තරුණ කැළ මා අමතන්නේ කිරා නමැති නාමයෙන් ය. මුන්ට ඉතිං එකෙක්ට පරිබ්‍රව කොරන්න ඇත්නම් හෙන ආතල් ලු.
මා ඉගන ගත්තේ 11 වසර දක්වා පමණි. හේතුව අපේ ගමේ ඒකාල ඊට වඩා ඉගන ගත්තේ නෑ නොවෑ.. බෙනා තමයි ඔය විස්ස විජ්ජාලෙ යන්න උඩ පයින්නේ. අනේ ඕකා යන විජ්ජාල. විජ්ජාලෙ කෙසේ වෙතත් විජ්ජාවක් කොරලා තමන්ගේ ගේ පොජ්ජත් විජ්ජාලෙ නිසා නැති කොර ගනීද දල්ලේ ලෑ.. 


  හීං කන්ද අසබඩ වැව මානයේ මැටියෙන් කල අනභිබවණීය මාගේ භවන ඇත. තුං මැට්ටෙන් කපරාදු කල එම මහා මාලිගය පොල් අත්තෙන් සෙවණ දේ. බෙනාලට වගේ ඒ සී කූල් ප්ලානින් නෑ නොවෑ..
වැවේ හුලං, කන්දේ සිලි සිලි  සවුන්ඩ්, වෙලේ පවන් එක්ක සොමි සඳ පරාදයි මයේ ජීවන විමන.
පවුලේ පිය රජා හැරුන කොට මා එකම පිරිමි පුළුට වේ. පියා රජා ද ඇතුළුව නංගි පැටික්කි, අක්කා බෝනික්කි, අම්මා ස්වීටි , බළල්ලු දෙන්නා, බල්ලෝ දෙන්නා ඇතුළුව පවුලේ සමාජික පිරිස 8ක් පමණ වේ. 
 
අපේ ගම තමයි ඈ 
මේ දවස් වලනම් හෙණම අමාරුය. පෑවිල්ල මාරම සැරය. ගමේ සක්කිලි එකාලා වැවේ දියවර හිඳී යනකම් බලා ඉන්නේ මාළු තලන්න ය. 

ගමේ වැව ගැන කිව්වොත් වැව මානයේ වැවට නැමුණු කුබුක් ගසක් ඇත. (මට වඩා ඔය ගහ ගැන බෙනා හෙන ආලෙයි. ඒ ගැන කියන්ට කල් තියේ ඈ )  ඔය කුබුක් ගහේ අත්තක් වැව් දියවරට මේම කරලා නැමිලා තියේ නිකං අර බෙනා කුරුණෑගල ක්ලාස් යන පාරේ අර කොල්ලෝ කුරුට්ටෝ හක්කලං කොරන තැන් වල තියෙන බංකුව වගේ..
මයේ නගා ඔතනට වෙලා ඔය මාළු පැටවුන්ට හොරෙන් බත් ඇට දීලා ඕකුං එව්වා කාලම මෙන්න සයිස්.
ආයේ එක මාළු තඩියෙක් කිලෝ එකක් වත් ඇති මයේ හිතේ. වතුරට නැවුන මයේ සුටි නංගිගේ කකුලේ දැවටී දැවටී මාළු ටික බත් ඇට ගිලින්නේ හිඟන්නෙක් බත් පත ගිලිනවා වගේ.
ගමේ පව්කාර හැත්ත වැවේ දිය හිඳෙන කම් බලාන ඉන්නේ මාළු ටික අල්ලං බඩට හලා ගන්ට.
බෙනා ගොයියට දවසක් මම කිව්වා යමං බට්ටෝ මාළු බාන්ට කියලා. මේකා කියපි,

මචං , මේ බලපං.. උඹේ ශබ්ධ කෝෂයට තියන වචන මට නැහැ. හැබැයි මම කියන දේ ඔලුවට දාල තේරුම් ගනිං. මචං අපි ඇයි සත්තු මරන්නේ. මචං අපි මරන්නේ කන්න. නයෙක් පොළඟා වගේ සත්තු මරන්නේ ආරක්ෂාවට. හරි මචං සත්තුන්ගේ මස් කාපුවම අපිට ලැබෙන්නේ මොනවද ? මචං ප්‍රෝටීන. ඉතිං මචං, ඔය ලැබෙන දේවල් ගන්න අපිට මේ ස්භාවධර්මයේ ගන්න ඕන තරම් ශාක කොටස් තියෙනවා. බලහං මේ ලෝකයේ ඕන තරම් ශාක භක්ෂක සත්තු ඉන්නවා. ඒ වගේම මචං උඹ දන්නවා ද ? මහත්මා ගාන්ධි වගේ වැදගත් මිනිස්සු කවදාවත් ඔය වගේ ජරා ජීවිත ගත කරලා නැහැ.

හැම සතෙක්ම ජීවත් වෙන්න පුදුම ආසයි බං. උඹ කැමතිද කාගේවත් ගොදුරක් වෙලා මැරිලා යන්න. උඹට ඒ අත්දැකීම නොලැබෙන්නේ මිනිස් ජාතියට වග කියන අපිට අභියෝග කරන්න වර්ගයක් මේ ලෝකේ තවත් නිර්මාණය නොවී පවතින නිසා බං. එහෙම තිබුනා නම් මේ පණ ගැහෙන ජීවිතේ, ඔය ගැහෙන (මයේ පපු කිනිත්තට දැන් මූ ඇඟිල්ල තියලා ඈ ) පපුවට මරණ භය දැනෙන්න තිබ්බ මචං.

(අත් දෙක දෙපැත්තට විසි කරලා මේකා දැන් ) මචං මේ ලෝකේ කුරා කුඹි යෙක් පවා ජීවත් වෙන්න ගොඩක් ආසයි. ඒ ජීවිත දින ගානකට සීමා උනත් ඇත්තටම ඒ ජීවිත මේ ලෝකේ දකින්න පුදුමම ආසාවකින් ඉන්නේ. භය කියන දේ කාටත් තියෙනවා.

(අපේ නංගියා ඔන්න කාමරෙන් එලියට ආව. කට අරගෙන බෙනාගේ විස්ස විජ්ජාල දේශනාව අහනවා. මම කට අරගෙන බලාගෙන ඉන්නවා. මේකා එක පාරටම නංගි දිහා බලලා අහපි )

 නංගි ඔයා කැමතිද අර මැරුණ සයිමන් අත්තගේ මිනිය කපලා උයලා දුන්නොත් මස් කරලා කන්න. කුකුල් මසට, හරක් මසට, එළු, ඌරු මේ හැම මසටම වඩා රසයි.. හැබැයි මැරිලා සතියක් ගෙවිලා ඕජාව ගලනවා ඇති.

(අපේ  සූටියා ) ඊඊඊඊයා.... අයියේ... මොනාද කියවන්නේ.. ? වමනේ යන්නත් එනෝ.. 

(බෙනා කියපි ) අන්න මචං, ඔන්න නංගියෝ, අපේ වර්ගේ කෙනෙක් දැම්මොත් අපේ බඩට එතන මළ සොහොනක් එතන තනිකර කුණු ගොඩක්. ඇත්ත ඕකයි. ඔය හැම සතාගේම මළ කුණ ඕජාව. හැම සතාම මචං කුණු ගොඩක්. හැබැයි ඔය අපි කණ සතාගේ අපි මොකටද අපේ බඩ අස්සේ දාගෙන මළ සොහොනක් කරගන්නේ අපේ බඩ. 

(අපේ සූටියා ) හ්ම්ම්ම්ම්... අයියා හරි. (මට ඇඟිල්ල දික් කළා ) අපේ මේ බූරුවාට වඩා කොච්චර හොඳ ද ?
 (මම මයේ පපුව ඉස්සරාට දාල ) අනේ උඹ පූදින්නේ නැතුව ඉඳපං කෙල්ලේ. දුප් ගෙට. ආව මෙතන කොල්ලන්ගේ මැදට පනින්න.

ඔන්න ඔහොමයි එදා ඕකා මට දේශනාව දුන්නේ. එදා මෙදා තුර මම මාළු දිහා බලන්නෙත් නැහැ. මට හැමදාම බෙනා කියපු දේවල් මතක් වෙනවා. 

දැන් ඉතිං මම හැදුවේ මාළු ගැන කියන්න නෙමෙයි. 

මේ දවස් වල, බෙනාලගේ ගෙදර ඉඳන් තමයි මයේ නංගි ඉස්කෝලේ ගාටන්නේ. මටනම් බෙනා ගැන විස්වාසයක් නෑ. ඕකා අම්බ කුපාඩියා. මොනා කොරන්නද අපිට කාසි නැති උනාම ඕම තමයි. හැබැයි බෙනා මයේ නංගිට පැණි හලන්නේ නැති බව දන්නවා. බෙනාගේ අක්කා එක්ක නොවෑ මයේ නංගියා ඉන්නේ. දුකක් නැහැ.

අපිත් ඉතිං හිඟා නොකා හිඟා කනවා. වැවේ වතුර හීරාවක් තියේ. ඒ හින්දා කන්නේට යැපෙන්න වතුර නෑ. ගොවි මහතැන් වල ඉන්න ලොකු ලොක්කොන්ට කිව්වට වැඩක් උනෙත් නැහැ. සිරසෙන් ද මොකෙන්ද ආව. ඒ උනාට මයේ හිතේ අර වයසක ලොක්කා කහට මෙව්වා උන දත් පොල්ලෑව එලියට දාගෙන මක්කෙයි කිව්වද මන්දා. කියපු දේ කුත් නැහැ.

අපි විඳින දුක දන්නේ උඩ ඉන්න වලානේ දෙයි මෑණියෝ විතරයි. ඒ උන්දැටත් අපි ගැන බලන්න වෙලාවක් නෑ මයේ හිතේ. මොණරු කොළ උඩ ඒ දෙයි හාමුදුරුවෝ විකිණෙනවා ද මං දෑ ..
කටිං පව් පුරවන්නේ මක්කටද ? පොහොර ටික කලට වෙලාවට ලැබෙන්නේ නැහැ. 


අපි බෝම අමාරුවෙන් පෝර ටික අරගෙන වෙල් කොරටුවට ඉහ ගන්නේ. රජයේ මහතැන් ලා නම් කියනවා අපි 350 ට පෝර දෙනවා කියලා. හැබැයි දෙනවා නම් තමයි. බොරු කියන්නේ මක්කට ද ? දෙන්නේ බන්ඩි ගොයමට පොහොර ගහන්න උනාම බිම් පොර.. ඉතිං කෝමද අපි කාලෙට පෝර නොලැබ ගොයිතැන් බත හරියට කොර ගන්නේ. බිම් පෝර මිටියක් ගමේ පොලි මුදලාලිට හෙණ තලන්න අපි ගන්නේ 650 ට විතර. දෙයියනේ මේ මිනිස්සු මෙච්චර මොහේ ඇයි හිතෙනවා. මොනා කොරන්නද බෙනා වගේ අපි ඉගන ගෙන මහතැන් වෙන්න හීන දැක්කේ නැහැ නොවෑ. හීන දැක්කත් ඒ හීන දිය වෙලා ගියේ අපිට කාසි බාගේ නැති නිසා.. 

කාසි තිබ්බනම් අපි හැමදාම ලොකු ලොකු රජවරු තමයි. 

මං අහගෙන බෙනා කියනවා “ කැහැපට ගහ ගත් කළ , ඇඃ.. නෑ නෑ... (මට මතක නෑ බොලව්. ) මඩ සෝදා ගත් කල ගොවියා රජ්ජුරු කමටත් සුදුසුය කියලා.....” 

බෙනා නිසාම හොඳයි, මම වෙන එකෙක්ට එහෙමනම් කියනවා මඩ හෝදගෙන ආපු කල නූතන ගොවියා හිඟා කන්නත් සුදුස්සෙක් කියලා. අපිට ඕක තමයි උනේ හසන්ත මහත්තයෝ. අපේ ජිවිතේ ගැට ගහන්නේ වෙන ගැටත් ලිහලා.

බෙනාගේ අත යි මගේ අත යි ගත්තාම මයේ අතෙ කර ගැට්ට නිකං ඇතාගල ගලේ හිටෝපු නමුනුකුල වගේ.පැන අල්ලන බෙනාට වඩා උදැල්ලේ වාරුව හොයන මට ජීවන බර දැයෙනවා. මයේ අප්පච්චිට මොනාහරි උනොත් ඒ පිරිමි පුළුටක් විදියට ඉන්න මට මේ ගොයිතැන් බතෙන් තමයි මයේ පවුල අරගෙන යන්ට වෙන්නේ.

බෙනා ගොයියා වැව් මානෙට රිංගන්නේ අර ගිටාර් නට්ට අරගෙන ජීවිතේ හරි සුන්දරයි කියාලා. ඒ උනාට අපිටනම් පොල් සම්බෝලෙයි බතුයි එක්ක බෙලෙක් පිඟානේ ගෙවන හිඟන බත  කන වෙලාව තරම් සුන්දර වෙන ජීවිත කාලයේ වෙලාවක් නැහැ. 

දැයට කිරුළ මේ පැත්තේ හක්කලං කොරන නිසා අපිට කරන්ට් එක දෙන්ට හදනවා ලු. මයේ අම්මේ ඒක ඇහෙද්දී මයේ හිත පස්වනක් ප්‍රීතියෙන් උතුරා ගියා. ලාම්පු එළියේ කලාමැදිරියෝ මැරෙන එක බලාන ඉඳලම එපා වෙලා නොවෑ.. ලාම්පු එලියට හුරු උන අපේ ඇස් දෙක බම්බු වගේ ලයිට් පොලු වලට කෝම හුරු වෙයි ද දන්නේ නැහැ. මයේ අප්පොච්ච්යි අම්මා ස්වීටි ගියා මහා ඇමතිගේ දෙපා නමදින්න ලයිට් ගන්න ඕනෙයි කියලා ආධර ගන්න. මයේ හිතේ බෙනාටයි මටයි මේ සැරේ චන්ද හිමිකමත් තියේ. මම දැක්කා මයේ නමත් චන්ද පෝරමේ තියෙනවා.

මයේ අප්පොච්චා එක එකාලට මෙහෙ කරන්න වගේ දෙපා නමදින එක මයේ හිතට මහා බරක්. උන්දැලා අපේ චන්දෙන් නොවෑ ඔය කාර් බාර් අරගෙන සල්ලි කුට්ටි එක්ක සෙල්ලං කොරන්නේ.
බෙනාගේ කතා අහලා මයේ හිතේ තිබ්බ දේශපාලන මෙව්වා එක අර බෙනා කියන වචනේ මොකක් ද ? අර කෙළසීම ද මොකක්ද එක වෙලා ගියා. 



ඒ ඇත්තෝ ගමට එන්නේ චන්ද කාලෙට විතරයි මයේ හිතේ. එක සැරයක් මේ ගමේ දයාසිරි මහත්තයා එක්ක චන්දෙ ඉල්ලන්න අර සන්ධානේ පැත්තෙන් ආව අර ජෝක් ටෙලි විසෝන් එක අයි ටී ඇන් එකේ මහතැන් කෙනෙක්. මට නම මතක විදියට සුදර්මන් රදලියගොඩ මහත්තයා. 

ඒ මනුස්සයා ඇවිත් ගමේ පාරට බස් දෙකක් දානවා කිව්වා. පාර හදනවා කිව්වා. පස්සේ ගමේ තිබ්බ බස් එකේ ඩ්‍රයිවර් උන්නැහැට තඩි බෑවා, තව කොන්දොස්තර අර අහිංසකයාට ගැහුවා ඒ අය විපක්ෂේ ය කියා.. ඒ දවස් වල අපි සූටි කොල්ලෝ කුරුට්ටෝ නොවෑ. ඔව්වා තේරුනේ නැහැ. දන්නෙත් නැහැ. පස්සේ ඒ හේතුව නිසා ගමේ තිබ්බ බස් එකත් නැති උණා. 

අපිට දැන් ගමේ අර කැඩෙන ගල් කුළු පටවන ගල් ලොරි වල පිහිට තමයි. ඒ ගල් ලොරි නැත්තන් 5km පයින් ගාටන්න ඕනේ බස් යන පාරට. 

දයාසිරි මහතැන් නම් අනේ සිරියාවයි. ගමේ ගොඩේ මළගෙයක් වූ පටන් එනවා පස්සේ විපස්සේ බලන්නේ නැතුව. මම ඒ මහතැන් ට හෙන ආලෙයි. ඒ මහතැන් ගේ සිරියාව අපේ ගමට තියේ. ඒ උනාට ඒ මහතැන් ගේ උනත් දේශපාලන ජීවිතයට මයේ එච්චර කැමැත්තක් නැහැ.


මම දන්නේ එක දෙයයි, අපි කන සම්බෝලේ බතේ රහ දන්නේ අපි. දන් කුඩ එක්ක බතේ රහ මේ ඇත්තෝ නොදන්නවා ඇති මයේ හිතේ. බෙනානම් විස්ස විජ්ජාලේ යාවි. විජ්ජාලෙ ගිහිං විස්ස විජ්ජාල සහතිකේ අරගෙන ගෙදර හිඳී දන්නේ නැහැ. ඒ උනත් විස්ස විජ්ජාලෙ අරගල වලට මැදි වෙලා බෙනාගේ අප්පොච්චිගේ හීනනම් ඕකා විනාස නොකාවී කියලා මම හිතනවා.

සංජිව මහතැන් ලා කරපු අරගලෙන් ඒ මහතැන් ගේ ජීවිතේම විනාස උණා නොවෑ. අවසානෙට ඒ මහතැන් ට මොනවද ලැබුනේ හිර බත් වල රස විතරයි. ඒ මහතැන් නොදන්නා දේවල් ගොඩක් තියේ මයේ හිතේ. ඒ මහතැන් ට තිබුණා විස්ස විජ්ජාලෙ හරහා සිස්සයෝ රැස් කරලා සමාජය ඉදිරියට ඇවිත් ඔයිට වඩා දෙයක් වැදගත් විදියට කොරන්න. ඒක කොරන්නේ පිකටිං කොරලා නෙමෙයි කියලා ඒ මහතැන් ට දැන්වත් තේරෙනවා ද දන්නේ නෑ මයේ හිතේ. මොන දේ උනත් ඒ මහතැන් දන්නවා ඇති අවසානෙට දුක් වෙන්නේ තමන්ගේ අහිංසක මව් පියෝ විතරයි කියලා.
පොලිස් අණ නොතකා විරෝධතා පා ගමනක් සංවිධානය කිරීම හේතුවෙන් සංජිව බණ්ඩාර මහතාව පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම නඩුව කැඳ වු අවස්ථාවේදී මිරිහාන පොලිසිය අධීකරණයට සඳහන් කර තිබෙන්නේ සංජිව බණ්ඩාර මහතා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු නොවන බවයි. ඒ සම්බන්ධයෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා හා ශ‍්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින් ලිඛිතව දැනුම් දී ඇති බව පොලිසිය අධිකරණයට දන්වා තිබේ. ඒ අනුව එම විශ්ව විද්‍යාල සිසුන් සහභාගී කරගෙන නීති විරෝධි ලෙස විරෝධතා පාගමක් සංවිධානය කිරීමට ඔහුට කිසදු අයිතියක් නොමැති බව මිරිහාන පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

ඒ මහතැන් ගේ ප්‍රවෘත්තිය මයේ හද කම්පා උණා. අද ඒ මහතැන් උසි ගන්නපු එක යාළු මිත්තරයෙක් එයා ගැන කතා කරනවා ද ? විස්ස විජ්ජාලෙ යන්න ඇත්තේ ඒ මහතැන් ට ගොඩක් වියදම් කොරෝලා නොවෑ.. 

ඔව්වා හොඳ පාඩම් මයේ අනිත් සහෝදරයන්ට. මට සැක බෙනා ගැන. ඕකත් ඔව්වම කොරයිද කවුද දන්නේ ? සංජීවගේ මල්ලිගේ අදහස් නොවෑ හිත් පොජ්ජේ ඔඩු දුවන්නේ. ඕක තුවාලයක්. ඒ තුවාලේ බෙනා කියන අපේ එකාගෙත් හිතේ විස පොවලා වැඩි වෙලා නොවෑ.. 

නිදහස් අධ්‍යාපනය නිසා නොවෑ අපිත් මේ 11 වසරට හරි ගිහිං කොටන්න පුරුදු උණේ. ඒ ගැන කතා කරන්න ගිහිං නීතියේ කොන්දේසි වලින් පිට ගිහිං සංජිව සහෝදර මහතැන් ගේ දැන් ජීවිතයම නන්නස්තාර උණා නොවෑ.

“..........කි...කි..රෝ.... ඇති දැන්. දීපං ඉතුරු ටික මම ලියන්නම්.. නැත්නම් මේක කියෝන උන් කියාවි මේක දිගයි කියලා.. කම්මැලි කොල්ලෝ නේ කියවන්නේ... :D ........
හිටු ... අවසන් කොරලා දෙන්නම්.. ”

එහෙනම් බෙනාට දුන්නා බෝර්ඩ් එක. මම චුත. තෙරුවන් සරණ.... පස්සේ ආයේ බෙනාට හොරෙන් සෙට් වෙමු.




ප.ලියමි.
-          බෙන් ටෙනිසන් මෙතැන් සිට  කිරාගෙන් සටහන් ටික ඉවරයි. මට කියන්න දේවල් ටිකක් ඇති ඒ ටික කියන්නම ඕනේ. 

මර්වින් සිල්වා මහත්තයාගේ ළමයින්ට වගේ ගහපු පාරවල් වැදුනා කියන්න සංජිව මහත්තයාට බෑ නොවෑ.
වාස් අංකල් ට වගේ මරපු එව්වා යට ගහන්න යට ගිරියෙන් උසාවියේ පුප්පන්න සංජිව අයියට බෑ.
හෝමාගම හිටපු  දීසාවිනිසුරු වගේ හැම මිනිහම අල්ලස් ගන්නෙත් නැහැ නොවෑ.
අර කවුද මන්ත්‍රී කිව්වා වගේ ගණිකාව නීති ගත කරමුය, ගබ්බසාව ලංකාවට ඕනෙය කියලා නොභියව කියලා ලජ්ජා භය නැතුව ඉන්නත් ඔබ තුමාට ශක්තියක් නැහැ.

මේ රටේ කල නොහැකි සියල්ල පදනම් වෙන්නේ බලය හා මුදල මත, උඩ ඉඳන් යටට යට ඉඳන් උඩට යන්නේ දිය යට ගින්දර. මේ රටේ අසාදාරණයට ලක් වෙන්නවුන් ගැන කතා කරන්න බල්ලෙක් වත් නැහැ. ඉන්න උනුත් නිදාගෙන සංජිව මහත්තයෝ. ඉතිං ඔබ සඳහා අප කුමක් කරමුද ?

මිනිස්සු බුරුතු පිටිං මරපු ජේ.වී.පී එකේ උන්දැල බයක් නැතුව ලැජ්ජාවක් නැතුව අවිහිංසාවාදය අරක මේක ගැන කතා කරනවා. අපේ අප්පච්චිලා දන්නවා ඉස්සර කාලේ එයාල හුජ්ජ කරන්නත් එලියට බහින්න රෑ භය උන තරම්. හැබැයි එයාල වැරදි මත ඉන්නවා. 

සංජිව මහත්තයෝ, ඔන්න ඕකයි තත්වේ, 

දශක 30ක් අපේ රටේ මරණ භිය ඇති කරපු LTTE එකේ උන් පුනරුක්තාපණය කරලා උන්ට සමාව දෙනවා. හැබැයි උඹ කතා කලේ නිදහස් අධ්‍යාපනය ගැන, උඹ කතා කලේ පෞද්ගලික විස්ස විජ්ජාල ගැන, උඹ ඒ දේ ගැන කතා කරලා උඹට සදහටම විශ්ව විද්‍යාලේ දොර වැහුනා නම් සහෝදරයා උඹ ඔය කරයි කියන බම්බුවේ නීතිය කඩ කලානම් මේ රටේ නීති කුමටද ? 

සංජිව මහත්තයෝ දැන් දන්නවා නේද රටේ තත්වේ,ඔන්න ඕකයි තත්වේ. ඔබ තුමා වෙනුවෙන් හඬක් නගන්න බල්ලෙක් තරම්වත් නැතුව ඇති මහත්තයෝ. හැබැයි ඔබ තුමා වෙනුවෙන් අඬන්න ඔබතුමාගේ අසරණ අම්මා ඉන්නව. එදා ස්ටේජ් එකේ, එදා මහා පාරේ ලේ රහ වෙනකම් රටේ ඔයාගේ සහෝදරයන් වෙනුවෙන් කතා කරපු ඔයාට මහත්තයෝ අද හැමෝම බනිනවා. 

මහත්තයාගේ වැරදි ඇති, මහත්තයා සටන කරපු විදිය වැරදි ඇති. මහත්තයෝ ඔබතුමා සර්ව සම්පූර්ණ නැහැ.



ඇති ඈ... පසුවට හමු වෙමු. කිරාගේ සටහන දකිද්දී බෙන් විදියට මට උඩ ටික කියලා යන්නම හීතුනා.
Share on Google Plus

About Unknown

9 අදහස්:

  1. Replies
    1. හරි හිනා නේ.. තැන්කු ආ..

      Delete
  2. ade ubalage gama dakinna ona .... mama ennada .. harima sundarai ban ...

    ReplyDelete
  3. කිරා කියන බාහිර ආටෝපය අයින් කලාම බෙනා නැත්තම් "ස**" කියන චරිතය තමයි මම නම් දකින්නේ. ඒක උඹට කරපු අපහාසයක් නෙවේ මලේ. උඹ ගැන ඇත්තටම කියපු කතාවක්.
    මේ පොඩි පොඩි අක්ෂර අඩු පාඩු තියනවා ඒ ටික හදා ගෙන ගියොත් නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මම කියන්නේ නිදහස් අධ්‍යාපනය සහෝදරයා.. ආ.. අහ්හ්.. ඔල්ලේ ලෑ..

      ( ස** කිව්වේ කුනුහබ්බ්යක් නෙමෙයි නේද )

      අක්ෂර වැඩක් නැහැ. අඩු ලුහුඩු බලන්නේ නැහැ පුමෝ. වෙලාවක් නැහැ බං.

      Delete
  4. බෙනා අද අමුතු ස්ටයිල් එකක් භාවිත කරලානේ.

    ReplyDelete
    Replies
    1. අළුතින් හිතන්න හිතුවා. ඒ උනාට අවසානට බලද්දී මම විදියටමයි හිතලා තියෙන්නේ

      Delete
  5. වට් ද ෆක් මං පොෂ් B|

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..