ආදරණිය හා ගෞරවණිය ගැහැණිය - Malala Yousafzai



"One child, one teacher, one book and one pen can change the world."

අධ්‍යාපනයේ සම අවස්ථා සමස්ථ දරු පරපුරටම එක සේ ලැබිය යුතුය. නමුත් සමහර රටවල අධ්‍යාපනය යන හිමිකම තියා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවා නැතිව ඇත.




මෙම ලිපිය ලියවෙන්නේ, මගේම වයසේ වෙසෙන  මලාලා යූසුෆසායි සොයුරිය වෙනුවෙනි.
අධ්‍යාපනයේ සම අයිතිය,  තම රටේ දරු පරපුරට ලැබිය යුතු නිදහස් අධ්‍යාපනයේ වටිනාකම, මානව හිමිකම්, කාන්තා අයිතිවාසිකම්, තම රටේ සිදුවන අසාදරනකම් ගැන නොබියව තම අදහස අන්තර්ජාලය හරහා ලොවටම පෙන්වූ ඇය නම් මේ සියවසේ වීරවරියකි. (පෞද්ගලිකව අතිශය ගරු කරමි )

"The extremists are afraid of books & pens. The power of education frightens them."

සමස්ථ වර්ගයා වෙනුවෙන් අයිතීන් සඳහා හඬ නැංවූ ඇයට හිමි වුයේ තලේබාන් සුනඛයින්ගේ වෙඩි උණ්ඩයකට යටත් වීමයි.

“පොතත් පෑනත් දකින විට අන්තවාදීන් තැති ගන්නවා මලාලා යූසුෆසායි”

දශක 30 කට අධික යුද්ධයෙන් බැට කෑ ජාතියක , මමද පුරුකක් වන්නෙමි. නමුත් රට මැද ජීවත් වූ මට ත්‍රස්තවාදය ගැන ප්‍රයෝගික භියක් දැනී නැත. මම දුටුවේ ගුවන් විදුලියේ කතාවෙන් මැවුන චිත්ත රූපයත්, රුපවාහිනිය තුලින් දුටු දේයෙත් මැවීම පමණි. ඒ ගැන මා හදවතින් කනගාටු වෙමි. 

අප රටේ ද අන්තවාදී කල්ලින් විසින් අන්තවාදය ඇති කර මානව හිමිකම් බලවත් සේ උල්ලංඝනය කල අවස්ථා ඉතිහාසයේ ඕනෑතරම් තිබේ. 

"I dont want revenge on the Taliban, I want education for sons and daughters of the Taliban."

බුද්ධිමත් දරු පරපුරකගේ බිහිවීම තුලින්, රටක් මනා සංවර්ධන ක්‍රියාවලියකට දායක වේ. අධ්‍යාපනය තුල ජීවත් වෙන්නවුන් තුල, කුහක කම නැත, වෛරය නැත, බොරුව නැත, වංචාව නැත , රැවටිය නොහැකිය. මන්ද ඔවුන් බුද්ධිමත් නිසාවෙනි. ඔවුන්ගේ මනස මුවහත් නිසාවෙනි.

පාකිස්ථාන් තලේබාන්වරුන්ට බුද්ධිමත් මිනිස් ප්‍රජාවකගේ බිහිවීම තම අන්තවාදී ක්‍රියාවන්ට දොරගොළු වැසිමකි. 
 
තලේබාන් වරුන්ගේ කෘර ක්‍රියා
ජාතියක් ආගමක් පටලවා මිනිසුන් අමු අමුවේ මරා , තම අරමුණු මුදුන් පත් කරගන්නා ඔවුන් සමාජය කෙලසමින් විෂ පතුරවයි. 
 
ආගමක් යැයි කියමින්, ජාතියක් යැයි කියමින් අධෝ මුඛයේ ශුද්ධත්වය ගැන කතා කරන තලේබාන් වරුන් තවත් එක් දැරියකට දුන් අතවරයන්.

දේශමාමක යැයි ද , ජාත්‍යාලය යැයි ද , තම ආගම වෙනුවෙන් ද යැයි ද , තමන් සටන් කරන බව පවසන ඔවුන් තම පරපුරේම අයිතිවාසිකම් කෙලසීමට ලක් කරයි. 

වයස 16ක දැරියක් වන මලලා පමණක් මේ හඬ එක් කිරීම විටක පුදුමයට කරුණකි. මෙතරම් වයසින් පහල දැරියක් දකින සමාජ අසදාරණය එම සමාජය තුලම ජීවත් වෙන්නවුන්ට නොපෙනුනා විය නොහැකිය. ඔවුන් ඒ පිළිබඳව හඬ නොනැගුවේ වෙඩි උණ්ඩයකට ගොදුරු වීමට අකමැත්ත නිසා හා තම ජීවිතයට ඇති ආදරය නිසා විය යුතුය. 

අධ්‍යාපනය ලැබීම සෑම දරුවෙකුගේම අයිතියක් පමණක් නොව, එය ඔවුන්ගේ යුතුකමක් සහ වගකීමක් බවයි, ඉස්ලාම් ධර්මයේ සඳහන් වෙන්නේ
 
ඉස්ලාම් ධර්මයේ සඳහන් නිදහස් අධ්‍යාපනය සඳහා ඇති අයිතිය පකිස්තානු රජය හා අන්තවාදී පිරිස් ඔවුන්ට ලබා නොදෙන්නේ උඩ කියූ බුද්ධිමත් පිරිසක් බිහි වී සමාජ පිළල කොන් වී යන නිසා නොවේද ?
කාන්තාවක් ලොව පූජණීය වේ. මන්ද යම් දිනක ඇය ලොව වටිනාම පදවිය එනම් මව් පදවිය ලබනා නිසාවෙනි. 

එය එසේ වන්නේ නම්, ඇයට සම අයිතිවාසිකම් හිමිවිය යුතුය. භාරත සමාජයේ තිබු පිරිමියා හා ගැහැණිය අතර වෙනස අද වර්තමාන දියුණු නවීන ලෝකයේත් දැකීමට හැකිය. 

කාන්තාවන්ට හිමිවිය යුතු අයිතිවාසිකම් වෙනුවෙන් කතා කල මලාල ගැන මා නම් අවංකව සතුටු වෙමි. ඇයගේ හඬ තියුණුය. ඇයගේ හඬ වැරදි කරන්නවුන් ගේ එනම් තලේබාන් සුනඛයින්ගේ මොලය විනිවිද යනු ඇතිය. 

"There was a time when women asked men to stand up for womens' rights. This time we will do it for ourselves."

පාකිස්තාන් කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීම හේතුවෙන්, තාලිබාන් ප්‍රහාරකයන් ඇයගේ හිසට සහ ගෙලට වෙඩි තබා තිබිණි.
තලේබාන් සුනඛයින්ගේ සපාකෑම හේතුවෙන් අනතුරට පත් වූ මොහොත 
    
 
වෙඩි තැබීම හේතුවෙන් ඇති වූ අභ්‍යන්තර බලපෑම වෛද්‍ය ඇසින්
දරුවෙක්ගේ අයිතීන් ගැන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් ඇයට ජීවිතය පවා අහිමි වීමට තිබිණි.
නමුත් ඇය නොබියව ඇගේ අදහස් තවමත් ලෝකයට ගෙන හැර දක්වයි. ඇයට පුළුල් ආරක්ෂාවක් UN මගින් සැපයීම අගය කල යුත්තකි.


මලලා ලොව අවදි කළේය. ඒ අවදිවීම පිබිදීමක් විය යුතුය. සමස්ථ අසාදාරණයට විරුද්ධව අප නැගී සිටිය යුතු කාලය පැමිණ ඇත.
ලොව දෙයක් ඉල්ලුවොත්, ලබා ගැනීමක් කලොත් එය ලැබෙනු ඇත. නිවටයෙක් ලෙස සිටියොත් එය නොලැබී යනු ඇත. අප අපේ හඬ අවදි කරමු.

"Let us pick up our books and pens," Malala said. "They are our most powerful weapons.

පසුගිය 16 වනදා එනම් ඇගේ උපත සිදුවූ අසිරිමත් දිනය ලෝක මලාල දිනය ලෙස UN මගින් නම් කර තිබිණි.
නමුත් ඇය නිහතමානිකම කොතෙක්ද යත්, ඇය මෙසේ ප්‍රකාශ කර ඇත. 


MalalaDay is not my day, today is the day of every woman, boy and girl who has raised their voice for their rights"

ඇය එදා කතාව ආරම්භ කලේ මෙසේය... 



"I don't know where to begin my speech. I don't know what people would be expecting me to say,"  

හැමදෙයින්ම පීඩා විඳිමින් එය දරාගත නොහැකි කල , මුව විවර වුවා නොව, සමස්ථ අයිතීන් වෙනුවෙන් සමස්ථය විඳින දුක දරාගත නොහැකි කල මලලා හඬ විවර කර ඇත.
ලොව වෙසෙන සෑම කෙනෙක්ටම ඇය ආදර්ශයක් වනු ඇත. ඇය ලෝක පූජිත චරිතයක් වනු ඇත.
මගේ ලෝකයේ නම්, මාගේ මව හැරුණකොට ඇය වීරවරියකි.

 




Born: 12 July 1997
Birthplace: Mingora, Khyber Pakhtunkhwa, Pakistan
More details as :
The Pakistani schoolgirl shot by the Taliban

Peace activist Malala Yousafzai was 14 years old when she was shot in the head in an assassination attempt in the Swat Valley of Pakistan. Yousafzai became known as an advocate for girls' schools in 2009, when she wrote for the BBC about life in her hometown under the rule of conservative militants in the Taliban. The Pakistani army launched military operations to drive out the Taliban in 2009, and a documentary film helped Yousafzai became internationally famous as a chronicler of the chaos. She was nominated in 2011 for the International Children's Peace Prize, and that same year won Pakistan's first National Youth Peace Prize (now called the National Malala Peace Prize). While on a bus from school on 9 October 2012, Yousafzai and three other girls were wounded by two gunmen. The Taliban claimed credit for the shooting and vowed to kill Yousafzai for encouraging western ideas, specifically the education of women. Malala Yousafzai was seriously wounded in the head and neck and airlifted to a British hospital for safety reasons and for specialized treatment.

Share on Google Plus

About Unknown

7 අදහස්:

  1. සෑහෙන්න මහන්සි වෙලා සකස් කරලා තියෙන පොස්ට් එකක්. මලාලා යූසුෆසායි ගැනත් ගැහැණිය/සම අවස්ථා ගැනත් හොද අදහස් පෙලගැස්මක් කරලා තියෙනවා. සැබැවින්ම ලොව වෙසෙන සෑම කෙනෙක්ටම ඇය ආදර්ශයක් වනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඔව් අනිවාරෙන් මිත්‍රයා... අපේ රටේ මිනිස්සුන්ගේ උනත් මේ සිද්ධ වෙන අසාදරනකම් වලට ඇස් ඇරෙන්න කාලය ඇවිත්..

      Delete
  2. hmmmm ....oun wapurana deyehi aswanna nela gannehiya ... uba ahala thiyene ben .. un wapurana de aswanna lagadima labewi mage me lak manigen .. mata eka therenawa ....

    ReplyDelete
  3. තලේබාන් ගේ නිරුවත හෙළිකළ මේ ලිපිය ඉතාමත් කාලෝචිතයි. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අගය කිරීම වෙනුවෙන් ස්තුතියි. එය මගේ යුතුකමක් වෙනවා කියලා හිතෙනවා. මලාල කතා කලේ හරි දේ වෙනුවෙන්. එයා වෙනුවෙන් නොනැගෙන මගේ හඬ වෙන බයිලා වෙනුවෙන් කුමටද ?

      Delete
  4. බෙනා මේක නම් ඇත්තටම වටිනවා. මේ කරුණු ටික මේ විදියට ගලපලා දැම්ම එකට ස්තුතියි බන්.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් වෙන්න ඕනේ. පුදුම කලකිරීමකින් ලිව්වේ. මේ යක්කු එක්ක තියෙන තරහට කරුණු ගලපන්න තේරෙන්නේ නැහැ. හැබැයි හිතුවට වඩා ලියලා. හැබැයි කණගාටු වෙනවා තව දේවල් මට ලියන්න තිබ්බා. :D

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..