නුඹට අමතක ද මා !
නුඹ නිතර අසන විට,
මා,
සුසුම් ඉකි ගසා
නැත !
කියා පිය ගතිමි
දිලිහෙන්ට පෙර දෑස.. !
සදාකල් පියවෙලා,
ගියා නම්.. සැපතයි කියා....
වසාලිය නොහැකි කල
ලියු
අප මතක
පොත..
තේරුම :
නුඹ නිතරම අසන්නේ නුඹට අමතක වෙලාද කියලා මාව. මම දන්නේ නැහැ ආදරේ කරපු කෙනෙක් කොහොම එහෙම අහනවද කියලා.. මට වේදනාවක් දැනෙන්නේ ඒ වචනයට.. ඒ වචන ඇතුලේ තියෙන්නේ මාව තේරුම් නොගත්තු කෙනෙක්ගේ ගෝරනාඩුවක්..
ඒ වෙලාවට මගේ හදවත කකියනවා.. නුඹ මගේ දෑස් දකියි කියන බයට මම පියා ගන්නේ මොකක් නිසාවත් නෙමෙයි, කඳුළු බිංදු වැටෙයි කියන බයට..
මට හිතෙනවා මම මැරුණා නම් හොඳයි කියලා..
නුඹව අමතකද කියලා අහනකොට, මම නුඹව අමතක කරන්න හදන සෑම මොහොතකම අපේ මතකයන් ආයෙම ආයෙම අපිව මතක් කරන නිසා...
2 අදහස්:
විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.
පාඨක ඔබ විත -
මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..
Subscribe to:
Post Comments
(
Atom
)
////මට හිතෙනවා මම මැරුණා නම් හොඳයි කියලා..
ReplyDeleteනුඹව අමතකද කියලා අහනකොට, මම නුඹව අමතක කරන්න හදන සෑම මොහොතකම අපේ මතකයන් ආයෙම ආයෙම අපිව මතක් කරන නිසා... ////
මැරුණම හරියනවද මල්ලි?? ඒනං මාත් පොඩ්ඩක් මැරිලා බලන්න ඕනි!!! (c) cheer (c)
මම නෙමෙයි බං.. මම මේ කියන්නේ ලවර්ස් ලා ගැන =))
Delete