ඔවුන්ගේ ලෝකය ; දුප්පතුන්ගේ ලෝකය

                                        

  
බත් කැඳ බීවා මටනම් ගිණි නැතුවා
සිත් එක් කෙරුවා එනමුත් දරු හැඬුවා
මත් රා බීවා එනමුත් දුක ඇතුවා
ගත් ණය පියවා ගන්නට මං නැතුවා

  
උදළු කෙටිය රළු පොළවේ වැදෙන කොට
මදුළු අරින කොස්, කුසගිණි නිවයි බට
කඳුළු නොමැති දෑසින් හද සොයන විට
බදුළු කෝච්චියෙ පීල්ල පෙනෙයි මට

  
දහඩිය පෙඟිලා සුවයක් දැනුණු ගත
අත පය රිදිලා තවනම් එපා සිත
පුරුකක් පැලිලා රුධිරය ගලයි අත
මා අද මැරිලා එනමුත් කාසි සෙත

  
දරු සෙනෙහස උඩු දුවන්නේ හරි වේගෙන්
මරු පෙනෙන්නේ කාසි නැතිව ආවේගෙන්
සරු ලබන්නේ කුසගිනි නැති සිනහවකින්
හිරු එබෙන්නේ අපෙ ලෝකෙට රිදවීමෙන්


  
ලෙල්ල ගහලා ගන්නේ අපි පොල් ගෙඩියේ
වල්ල දාල උඩ යන්නේ මරු ගැතියේ
දැල්ල දමන්නට තෙල් පහනට නැතියේ
මල්ල පුරා ඇත්තේ කුණු රෙදි සතියේ

  
සතෙක් වෙලා ඉපදුන පිණ තිබුණානං
බතක් උයා ගන්නේ කුමටද මමනං
සිතක් නැතුව කාසිය ලොව හෙල්ලුවනං
ගතක් කුමට මා හට රිදුමක් දේනං

සියතුන් අහසේ ගියමුත් මං

නැතුවා
ඇවතුන් සැප ලෙස තිබුණත් පිං නැතුවා
සැපසුන් වෙන බවනං ඔබහට නැතුවා
කසපං හොරි - තුවාල දරු සුව නැතුවා

  
ගෑණි ගියා සෙයිලමේ මළුහොයන්නට
මෑණි පැදුරු කඩමල්ලේ නිදන්නට
සීනී කොයිද රස තේ දිව තෙමන්නට
දෝණි නුඹට ගවුමක් නෑ අඳින්නට

  
හිරු හිනැහුණ වාර එන්නේ එක සැරයයි
"මරු" හිනාව ඔහු හට දත් හැට හතරයි
දරු මල්ලන් ගේ මුල්ලට දුව සැඟ වෙයි
"තරු" දෙන්නං ඡන්දය එන හඬක් ඇසෙයි

  
බොර ඉඳුවර කවි කරන්න ඉඩ දුන්නා
කවියෙන් දුප්පත් අපෙ වත ලියවෙන්නා
කොතරම් කීවත් මේ දුක ඇවිලෙන්නා
බොර දිය කළඹා මා අද පිටවෙන්නා

  
Share on Google Plus

About Unknown

14 අදහස්:

  1. බඩ ගැන නොහිතා රට ගැන හිතා ඡන්දෙ දාන්ට කියනවා ඔන්න..

    ReplyDelete
    Replies


    1. නෑ නෑ...

      වැරදි වැටහීමක ඉන්නේ ඔය.

      Delete
  2. දුක තමයි අප්පා :(

    ReplyDelete
    Replies
    1. හැමදාම නේද..? සතුටක් ඇත්තෙම නෑ වගේ.

      Delete
  3. >>බොර දිය කළඹා මා අද පිටවෙන්නා<<......................කතිරෙ ගහන්ට වෙන්ටෑ ....
    එල කවි සැට් එක ....සුපිරි....

    ReplyDelete
    Replies
    1. මෙතුමාත් වැරදි වැටහීමක වගෙයි.

      හිරු හිනැහුණ වාර එන්නේ එක සැරයයි
      "මරු" හිනාව ඔහු හට දත් හැට හතරයි
      දරු මල්ලන් ගේ මුල්ලට දුව සැඟ වෙයි
      "තරු" දෙන්නං ඡන්දය එන හඬක් ඇසෙයි

      ////හිරු හිනැහුණ වාර එන්නේ එක සැරයයි///

      ඡන්දේ ඉල්ලන්න බොහෝ උදවිය ඉන්නවා. ඒත් අපේ ගම දිහා බලන්නේ ඒ දවසට විතරයි. හිරු හැමදාම එනවා. ඔහුත් නාමික හිරු. හැබැයි චන්දෙ දවසට මතක් වෙනවා.

      /// "මරු" හිනාව ඔහු හට දත් හැට හතරයි ///

      හිනාව කටපුරා තිබුනත් සතුටින් ඉන්නවා වගේ පෙන්නුවත් ඒ හිනාව මාරයෙක්ගේ වගේ. අපේ කාලේ දේශපාලුවෝ හිනාවෙන්නේ කෙහෙල් ඇවරිය එළියේ දාගෙන නෙහ්. එකයි දත් හැට හතරට වැඩි කලේ.

      /// දරු මල්ලන් ගේ මුල්ලට දුව සැඟ වෙයි ///

      ඔහු එනකොට ලැජ්ජාවට ද භයටද දන්නේ නෑ.. දරුවෝ ගෙයි අහුමුලු ගානේ සැඟවෙනව. එකෙන් කියවෙන්නේ තමන්ගේ නිවසේ ඉන්නවත් අයිතියක් නෑ කියලා.

      ///"තරු" දෙන්නං ඡන්දය එන හඬක් ඇසෙයි ///

      ඔහු කියන්නේ තරු දෙන්නං කියලා ඒත්, ලැබුන දෙයක් නෑ දුප්පත් මට. වීදියේ එහා කොනේ තරු වෑහෙන හඬ ඇහෙනවා. දුප්පත් අපිට නටන්න පුළුවන් ද..?


      බොර ඉඳුවර කවි කරන්න ඉඩ දුන්නා
      කවියෙන් දුප්පත් අපෙ වත ලියවෙන්නා
      කොතරම් කීවත් මේ දුක ඇවිලෙන්නා
      බොර දිය කළඹා මා අද පිටවෙන්නා

      //බොර ඉඳුවර කවි කරන්න ඉඩ දුන්නා///

      මේක කතෘ කවියක් කරා මං. අවසන් කවිය හැරයාම. නැත්නම් අවසන් කිරීමක් විදියට ලිව්වේ.

      බොර දියක ඉඳුවර ඇතුලේ ලියවෙන්නේ පෞද්ගලිකත්වය නොවේ. අනුන්ගේ වේදනාව. ඔහු මට මගේ ජීවිතේ/ දුප්පත්කම කවි කරන්න ඉඩ දුන්න.

      //කවියෙන් දුප්පත් අපෙ වත ලියවෙන්නා//

      කවි පේලියකින් දුප්පත් අපේ කතාව මං දිග හැරියා.


      ///කොතරම් කීවත් මේ දුක ඇවිලෙන්නා///

      මම මොන දේ කිව්වත් පලක් නෑ. මං රට්ටු ඉස්සරහා මගේ අසරණකම කිව්වට තේරුමක් නෑ. ඔවුන් හිනා වෙනවා. ඔවුන් අනුකම්පා කරනවා. වර්ගවාදය කවියකින් නැති වෙන්නේ නෑ. ඉතිං කොච්චර කිව්වත් මං කවි මගේ දුක ඇවිලෙනවා.

      /// බොර දිය කළඹා මා අද පිටවෙන්නා ////

      බොර දියට මං බැහැලා උන්නේ.. මගේ අතින් ඔබව නොසන්සුන් කළා. උදාහරණය අපූර්වී ; "දුක තමයි අප්පා " ඇය කැළඹීලා..
      ඉතිං අද මම ඔබව කළඹා පිට වුණා.

      ඔන්න ඔහොමයි ඔකේ තේරුම. අනිත් කවි වලත් එහෙමයි. :)

      මං දේශපාලනයට කැමති නෑ. මගේ කතිරේ එක බල්ලෙක්ට වත් දෙන්නේ නෑ. මං උන් වෙනුවෙන් මගේ වචන කාලේ නාස්ති කරන්නෙත් නෑ කෙන්ජි අයියේ.

      ඇගයුමට ස්තුතියි.
      හැමදාම මගේ දේවල් කියවලා දාල යන අදහසට බොහොම පිං.
      ඔයා අපිට ඉන්න හොඳම සහෘදයෙක්.

      Delete
  4. උඹේ කලින් කවි තරම් නම් මේක රහ නෑ...

    ReplyDelete
    Replies
    1. // උඹේ කලින්// ඒ වචනෙට ස්තුතියි.
      මටනම් මගේ කවි මෙලෝ රහක් නෑ.. හික්ස්.

      Delete
  5. ඔන්න ඔය කරගෙන යන විදියට කරගෙන පලයං. උඹ කවි ලියනවා ලස්සනයි.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. /// උඹ කවි ලියනවා ලස්සනයි //

      බොහොම ස්තුතියි... ඔබටත් ජය.

      // ඔන්න ඔය කරගෙන යන විදියට කරගෙන පලයං. //

      මක්කද බොල මං කරන්න ඕනේ..???

      Delete
  6. ලියහන් තව ලියහන්
    ජයවේවා!!!!!!

    ReplyDelete
  7. නියමයි බන්.. ජය වේවා...!!!

    ReplyDelete
  8. ඔහොම යමන් කොලුවෝ අනාගතය සුභයි..

    ReplyDelete
  9. ඇත්තටම හැබෑටම ගති... අපේ උන්නෙ බඩගෝසතර වාදය

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..