දැයට කිරුළ - රට දිනන හෙට දිනට ( spoliation, dissimulation, commission )

දැයට කිරුළ මහින්දට කිරුළක් පමණ ද..?

දැයට කිරුල යනු හුදෙක් ප්‍රදර්ශනයක් පමණක් ද යන ගැටළුව නැවතත් පැන නැගේ. එය ප්‍රදර්ශනයක් පමණක් නම්, එයින් ලබන ආදායමේ ශුද්ධ ලාබයට කුමක් සිදුවේ ද ? ඒවා බලකාමින්ගේ ලෝගු තුල සැතපෙන්නේ ද..?


දැයට කිරුල යනු සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ( මා සිතා සිටියේ ) දැයේ සංවර්ධනය උදෙසා සුඛවිවරණය සාදනු ඇත කියා ය. නමුදු සිදුවන්නේ අනිකකි. වර්තමානයේ ( 2014 ) දැයට කිරුල ප්‍රදර්ශනය වයඹ පළාත ක්‍රේන්ද්‍ර කරගනිමින් කුලියාපිටිය විශ්ව විද්‍යාල භූමියේදී එලි දක්වන බවට මාධ්‍ය මගින් ලාංකේය ජනතාවට දැනුම් දී ඇත.


නමුදු වයඹ පුරවරයේ ජනතාව නම්, එය දන්නේ 2013 අගබාගයේ සිටය. එයට හේතු කීපයකි.
වයඹ ක්‍රේන්ද්‍ර කරගෙන පැවති මැතිවරණ ව්‍යාපාරය අතරමැද දැයට කිරුල ජංගම සේවා ද පැවැත්විණි. එයින් සිදු කෙරුනේ වයඹ පුරවැසියන්ගේ අඩු ලුහුඩු හඳුනා ගෙන ඒවාට පිළියම් යෙදීමයි. ග්‍රාම සංවර්ධනයට ප්‍රමුඛ ස්ථානයක් දෙනවා යැයි එදා පැමිණි නිලධාරි මහත්වරුන් පුන පුනා දිව්රුම් දුනි.


ඔවුන් ග්‍රාමීය ජනයාගෙන් ලබාගත් තොරතුරු වලින් අතලොස්සක්

* නිවාස අහිමි පවුල්
* වැසිකිලි පහසුකම් අහිමිවුවන්
* පානීය ජල අවශ්‍යතාවන් ඇති ( ලිං නැති )
* විදුලිය තවමත් නොමැති අඩු ආදායම්ලාභී පවුල්
* ජාතික හැදුනුම්පත් - උප්පැන්න යනාදී අහිමි වුවන්

උක්ත නිදසුන් අතලොස්ස දුප්පත් මිනිසුන්ගෙන් ලබාගත් තොරතුරු වලින් සුළු කොටසක් පමණකි.
මෙයට පවා දේශපාලනය බලපෑ බව කිව යුතුමය. උක්ත මිනිසුන් සිය අඩුලුහුඩුකම් සපුරා ගැනීම වස් දේශපාලන ගැත්තන් පසුපස ගියේ ය. දේශපාලන කාර්‍යාල පෝලිම් තුල අව්ව තැප්පේය.


වයඹ පුරවරයේ ගරු කටයුතු ප්‍රධාන පක්‍ෂ සංවිධායක තුමෙක්ගේ ලේඛම් වරයෙක් මෙවැනි අහිංසක වැසියෙක්ට සිය සේවාව සැපයීම ප්‍රතික්‍ෂේප කරමින් වෛරී සහගත ලෙස බැන වැදුන බව කිව යුතුමය.
දැයට කිරුල යැයි කියා, ඔවුන් සිය අඩුලුහුඩුකම් සපුරා දෙන බව පවසමින් ඔවුන්ගෙන් අයදුම්පත්‍ර සපයා ගත්හ. නිදහස් සන්ධාන මැතිවරණ සමිති වලට බැදී සිටීම හා එම සමිතිවලින් ලබා දෙන පක්‍ෂ කාඩ්පත දැයට කිරුල ජංගම සේවයේදී දුප්පත් මිනිසුන්ගේ අවශ්‍යතාවන්ට සරිලන ලෙස සිය සේවා ලබා දීමට ප්‍රධාන සුදුසුකමක් වූ බව වයඹ ජනයාටනම් නොරහසකි. කරුණු කාරණා එසේ තිබියදී, වයඹ පළාත් මැතිවරණ සටන ආරම්භ විය.


දැයට කිරුළ නිර්මාපකයින්

වයඹ මත්ද්‍රව්‍ය වල ඒකාධිකාරය පවත්වාගෙන යන ප්‍රධාන පෙලේ ඇමතිවරයෙක්ගේ පුතෙක් පවා  මැතිවරණ සටනේ ප්‍රමුඛ වුයේ ය. ඔහු අත දිග හැර වියදම් කලේ ය. එම කල්හි ඔහුගේ පෞද්ගලික නිවස ඉදිරිපිට සාද වල නිමක් නොවීය. ඔවුන්ගේ තැබෑරුම් වල පෝලිම් පිට පෝලිම් ගැසෙමින් මිනිසුන් පොරකන අයුරු දුටුවන්ගේ දෑස් සාක්‍ෂි සපයනු නියතය. වනිතාවන්ට සාරි සැපයීම - ජංගම දුරකථන සැපයීම වැනි බොළඳ ඡන්ද ව්‍යාපාරයක් ඔහු මුදල් ආශ්‍රයෙන් ආරම්භ කලේ ය. සටහන තබන මා පවා සිතුවේ ඔහු ඡන්ද සටනින් ජය ලබනු නියත කියා ය. මුදලින් කෙල පැමිණියෙක් වූ ඔහුට මුදලට ඡන්දය දුන් මිනිසුන් බොහෝ සිටියේ ය. සමාවන්න.. ! නැත ඔහු මුදලට නිදහස් මානව අයිතිවාසිකමක් වූ ඡන්දය දීමේ අයිතිය ලබා ගත්තේ ය.

ඔහුගේ නම පමණක් අප අසා තිබිණි. කිසිදා රුව නුදුටුවේ ය. හිරිමල් වයසේ යෞවනයෙක් වූ ඔහු ඡන්ද සටනේ මැර  මෙන්ම මුදලට ආරුඩ නාමයක් දිනා ගත් අයෙක් වුයේය.

දයාසිරි ජයසේකර මහත්මා විපක්‍ෂය හැර පක්‍ෂ මාරු කරන්නේ මෙසමහිය. උක්ත කියූ තරුණයා ගුවනින් අකල්හි වැටුන පැරිෂුට් එකක් මෙනි. දයාසිරි යනු වයඹ පුරවරයේ ආලෝකයක් යැයි බොහෝ දෙනා සිතුවේය. ( මා එසේ නොසිතමි. හුදෙක් මා තේරුම් ගත් පරිදි දේශපාලනය යනු වසුරු පිඩකි. එය ගැලපෙන්නේ ඌරන්ට සහ සුනඛයින්ට පමණි ) සිය විශ්වාසයක් ලෙස වයඹ ජනයාගේ හිතේ පැල පදියම් වීම නිසා ඔහු වටා බල සේනාවක් ගොඩ නැගිණි. උක්ත තරුණයාගේ නිවසින් කා, දයාසිරි වටා මිනිසුන් ගොඩ නැගිණ. සැබෑවටම සිදු වුයේ එයම පමණකි.

ඡන්ද උණුහුම සැම රජ මැදුරක්ම - සෑම පැල කටුමැටි ගෙයක් පාසාම ගියේ ය. ආණ්ඩු පක්‍ෂයේ ඇම වුයේ දැයට කිරුල ය. ඇම ගිල්ලේ අහිංසක පීඩිත මිනිසුන් ය. දැයට කිරුල මුවාවෙන් ඡන්ද හොරා ගත්තේ ය. පාරවල් සදන බවට ලිඛිත පොරොන්දු දුන්නේ ය. වෙනදා වාචික පොරොන්දු මෙදා ලිඛිත වුයේ ය. විදුලිය දෙන බව කිවේ ය. මිනිසුන් සියල්ල විශ්වාස කලේ ය. මන්ද දැයට කිරුල මෙදා වයඹ තබන බවට තීරණය කල නිසා ය.

දැයට කිරුල යැයි කියමින් සිදුවන වංචා බොහෝ ය. ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන වෙළඳ සැලක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 900 ත් - 850 ත් අතර අගයන් ගනී. නමුදු ප්‍රදර්ශන භූමියේ ඇතැම් තැන්හි හොර රහසේ පිටවන සිමෙන්ති කොට්ටයක මිස රුපියල් 400ත් - 300ත් අතර මුදලකට ලබා ගත හැකිය. ABC ගල් යනු මාර්ග සංවර්ධනයට යොදා ගන්නා විශේෂිත ගල් වර්ගයකි. එය මාර්ගයට යොදා ගනිමින් මාර්ගය වැඩි දියුණු කරයි.

පෞද්ගලික අංශය යොදා ගනිමින් ABC ගල් අදින ට්‍රක් රථ ආධාරයෙන් ප්‍රදර්ශන භූමියට රැගෙන එයි. වරකට උදෑසන සිට රැගෙන ආවොත් සවස 6 පමණ වන විට රැගෙන හැකි වන්නේ ට්‍රක් රථ 4ක් පමණි. මන්ද එම ගල් නිෂ්පාදිත කර්මාන්ත ශාලා තිබෙන්නේ කුලියාපිටියට බොහෝ ඈතින් නිසා ය. නමුත් ට්‍රක් රථ රියදුරන් හතරට වඩා රැගෙන එන බව පෙනී යයි. මේවා සිදුවන්නේ බොහෝ වගකිව යුත්තන් ගේ දෑස් මතය. ට්‍රක් රථ වලට යොදන ඉන්ධන පවා ජාවාරම් හා වංචා වලට ලක් වේ. මේවා ගැන කතා කිරීමට කිසිදු නිලධාරියෙක් වග බලා ගන්නේ නැත.

ග්‍රාමීය සංවර්ධනය යැයි කියමින්, කිසිසේත් අදාළ නැති වාරිමාර්ග පද්ධති - රාජ්‍ය නොවන පෞද්ගලික වැව් අමුණු පිළිසකර කරයි. තුන් කාලයේම අස්වැද්දු කුඹුරු මේ හේතුවෙන් පුරන් වී අවසන් ය. 


වයඹ පුරවරයේ ප්‍රධාන කර්මාන්තය ගොවිතැන ය. යල මහ දෙක සරුවට අස්වද්දන ගොවියන් මෙම පුරවරයට,  පහන්ටැඹක් බඳු ය. වැව් අමුණු පිළිසකර කරන බවට පොරොන්දු දුන් නිසා සමහර වැව් වල ජලය නියං කාලයේම වෙල වේලි දිගේ පහලට රූරා යන්නට හැරියේය. එයින් සිදු වුයේ වියලි කාලයේ ( වත්මන් කල ) අස්වැද්දීමට ජලය නොමැති වීමයි. නමුත් ගොවියන්ට සතුටු වීමට දෙයක් තිබුණි, මන්ද ග්‍රාම සංවර්ධනය දැයට කිරුල මත වත්මනහි වෙන බවට දුන් පොරොන්දුව නිසා වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරනු ඇතැයි අපේක්‍ෂා කල නිසාවෙනි.


නමුදු සිදුවන්නේ අනෙකකි. ඡන්ද පෝලිමේ ආවුන් දැන් එන්නේ නැත. ඔවුන් පීඩිතයන්ගේ අයිතිය බොරු පොරොන්දුවට - මුදලට - බලයට  සොරා ගත්තේ ය. මෙදා එය මවා පෑමක් කරමින් සොරා ගත්තේ ය. සංවර්ධනයක් යැයි කියමින් බලකාමින්ගේ බඩවියත තවත් මහතට ආරා ගනිමින් පෝෂණය කර ගනියි. 


ලංකාවේ දේශපාලකයින් සියල්ල අධෝ මුඛයේ සිටින අසූචි ගිලින පණුවන්ට සමානය. සියල්ල ගැන සාමාන්‍ය ජනතාව කෙරේ ඇත්තේ, වෛරී සහගත සිතුවිල්ල කි. නුබලා සිදු කරන වංචා - දුෂණ සියල්ල තුලින් ලබන  තාවකාලික ජය හා එයින් බොන ජය පැන් දුප්පත් ජනතාවගේ ජීව රුධිරය වේ.

අහිංසක මිනිසුන්ට බලාපොරොත්තු දී, ඒ මිනිසුන්ගේ කඳුළු වලින් සිය බලය සපුරා ගන්නා සිවලුන් බඳු නුබලාට හිමි කුමක් දැයි මා නොදනිමි. නීති හා නීති සම්බන්ධ සියල් ආයතන සිය හෘද සාක්‍ෂිය කෙලසන මොහොතක අප කුමක් නම් කරම් ද..?

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම් ද මේ දැනෙන වේදනාව..?

දැයට කිරුළක් කියා පෞද්ගලික ලියවිල්ලක් මතින් සැදුණු එම කිරුල සාමාන්‍ය ජනතාව ගේ ජීවිත වල බලාපොරොත්තු සිඳින පාරාවළල්ලක් වි ඇත.


( කිසිදු දේශපාලන පක්‍ෂයකට - කිසිදු නාමික පුරවැසියෙකුට මඩ ගැසීමේ අරමුණින් මෙම සටහන නොලිවෙමි. මා හට දේශපාලනය යනු වසුරු පිඩක් පමණි. මා ස්වාධින පුරවැසියෙක්ම පමණකි. )
Share on Google Plus

About Unknown

15 අදහස්:

  1. ඔය ජාතික ගීය වාදනය වෙන එක නවත්තහං. බොට ඕන විදියට ඒක වේස ගෑනියෙක් කරන්න බෑ.. හරිය..

    ReplyDelete
    Replies
    1. ඒක මගේ අයිතිය. නිදහස් දිනය වෙනුවෙන් දැම්මේ..

      ගෑණියක් වේසා වෙන්නේ, ඒ ගෑනි එක්ක බුදියපු උන්ට විතරයි.. මොකද උන් තමයි ගෑනි වේසාවියක් කියලා දන්නේ.. නොදන්නා උන් ඈතට වෙලා දකින්නේ සාමාන්‍ය ගෑනියක් දිහා බලන විදියට.
      ජාතික ගීයට නටන උන්ට ඔව්වා කියන්න හරිය.

      මේ ජාතිය ගැන කැක්කුමක් සහ අයිතියක් මටත් තියෙනවා.

      Delete
  2. මල්ලි ඩිසල් ලීටර් 100 ක් විතර එවන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. බැරි කමක් නෑ, එකෙක් අල්ලා ගත්තොත්.. :D අඩුවට ගන්න පුළුවන් වෙයි..

      Delete
  3. කොච්චර කෑව බිව්වත් අන්තිම මොහොතෙ තමංගෙ අතේ තියෙන දේ හරියාකාරයෙන් පාවිච්චි කරන්න මොළේ පාවිච්චි කරන්න මිනිහෙකුට හැකියාවක් තියෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. පාවිච්චි කරන්න මොළයක් තියන්නත් ඕනේ අයියේ.. !

      Delete
  4. ණයට කෙලිය දැයට කිරුල ...ලංකාවේ තව ජීවත් වෙන්න අදහසක් තියෙනවනම් ඕවාට හුරුවෙන්න වෙයි... හුරුවෙලා විතරක් මදි ඒවා අගය කරන්නත් වෙයි. අගය කරලා විතරක් මදි ඒවාට දායක වෙන්නත් වෙයි.

    ReplyDelete
  5. මල්ලි සිමෙන්ති ටිකක් අඩුවට ගන්න පුළුවන් වෙයි නේද,ගෙයි පොඩි වැඩක් තියෙනව.

    ReplyDelete
  6. පොලියට අරන් මගුල් කනව

    ReplyDelete
  7. පුහු ප්‍රචාර්නයක් හා ඒ නමින් කරනා ඉහගෙන කෑමක් පමණි.. ගම් උදාවෙන් මීට වඩා දෙයක් උනා..

    ReplyDelete
  8. සම-හරක් වැඩිපු ඉන්න ලංකාව වගේ රටක මෙහෙම වෙන එක අහන්න දෙයක් නැහැ සමීර...කොහොම උනත් දේශපාලනය කියන්නේ මගේ නම් ප්‍රියතම මාතෘකාවක්..........

    ReplyDelete
  9. ජනතාවගේ මුදල් හිතුමතේට කාබාසිනියා කරන්න ලෝබ නැත්තේ ගෙදරින් ගෙනාපු නැති නිසානේ. දැයට කෙසේ වෙතත් වැයට කිරුළක්.

    ReplyDelete
  10. අනේ මොකට කියනවද ඔය කිරුල ගැන නම්. ගමත් හූරගෙන කන්න හදාගත්තු කිරුලක්.

    ReplyDelete
  11. කළුවර බුරුත අඩියක් කීයක් වෙනවද බං..

    ReplyDelete
  12. ඇත්තටම මේවා මවා පෑම්. නම් බෝඩ් වල දා ගැනිලි. මිිනිස්සුන්ට මේ වගේ වැඩ වලින් වෙන්නේ බොහෝම සුලු සෙතක්. වඩා සෙතක් වෙන්නේ වෙනත් පාර්ශවයන්ට. ඇත්තටම ගම් උදාව වගේ වැඩ සටහන් එදා බොහෝම සාර්ථකව ක්‍රියාත්මක උන, මිනිස්සුන්ට සෙතක් උන දේවල්. ඇත්තටම මේ වගේ දේවල් වලින් තමන්ගේ කිරුළ හදා ගන්න අය මම නම් දකින්නේ රජුන් විදිහට නොවේ. ඒ ගැන තවත් කියන්න ඕනි නෑ නේ. අර කවුද කිව්වා වගේ ලංකාවේ දේශපාලකයින් සියල්ල අධෝ මුඛයේ සිටින අසූචි ගිලින පණුවන්ට සමානයි.

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..