වෙනුෂි හා ඇගේ මරණය ( Suicide )

ආදරය නම් මැවීම පුදුමය. ජීවිතයේ දර්ශකය,  කොතැන පිහිටියේදයත් ආදර නොහොත් ඇල්ම එම දර්ශකයේ සීරු මාරු වන්නේ ය.
ආදරයේ ප්‍රභේද බොහෝය. දෙමාපිය ඇල්ම, ගුරුවරාදීන්ගේ ඇල්ම, යහළු මිත්‍ර බැඳීම, පෙම්වතුන් හා පෙම්වතියන් ලෙස ආදරය යන මාතෘකාව ජාලගත  සන්නිවේදනයන්ගේ සංඛ්‍යාත නිරුපනය සේ විවිධ ඒවාට ආවේනික ඉසව් මාර්ග කොට ගනී.
ආදරය යන ඇල්ම දෙමාපිය වේවා, ගුරුවරාදීන් වේවා, පෙම්වතුන් වේවා, මෙම තුන් සාධකයන්ට අවේණික වූ පරාසයන් ගනී. එය වූ කලී ස්භා දහමේ නිර්මාණයයි. එය වෙනස් කල හැක්කෙක් නැත. එය වෙනස් කල නොහැක.

ආදරය ගැන කතා කිරීම හදවතට දඬුවම් ලැබිය හැකි වරදකි. ආදරය විනය නීති මාලාවට පටහැනිය. මාතෘකාව වෙනස් කර අප කුරුණෑගල සර් ජෝන් කොතලාවල මිශ්‍ර පාසලේ 11 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි, පී.බී. වෙනූෂා ඉමන්දි බණ්ඩාර ගැන  කතා කරමු.

වෙනුෂි,  අවුරුදු 15ක පමණ ජීවිතය ගැන දැනුම් තේරුම් නොමැති නමුදු වයසට වඩා මේරු දැරියකි. මා බුද්ධිමත් බැව් නොකියමි. නමුදු ඈ බුද්ධිමත් ය. එසේ පැවසීම පාඨක ඔබට ගැටළුවක් වනු ඇත. මන්ද ඇය සිය දිවි හානි කර ගත්තේ කුමක් අරඹයා යා දැයි ඇතිවන ගැටළුකාරී තත්වය හේතුවෙනි.

ඇය පොළවට පය ගසා ලොව දෙස ඇයගේ කෝණයෙන් බැලීමට සුදුසු කල එළඹී දැරියකි. නව යොවුන් විය හැගීම් හදේ සිතුවිලි හිරිවට්ටන කාලයකි. තන අග පිණිබිඳු වියලි නොයා අග පුඩු පිරිමදිමින් මෙය සැබෑ ලොවේ රසය යැයි ලොවට හඬගා කියන ජීවිතයේ සොඳුරුම පරිච්ජේදය ඇය ලියමින් සිටියා ය. අසාදාරණය රුස්සන්නේ නැත. ඉහ ඇති තැනට කර විත්, පුළුඋකුල නෙරා, තිසර තන උස් වී කායික ලෙස ඈ ජීවිතය රස වින්දාය. වෙනදා යන බස් රථයේම ඈ පෙරදා යන්නට ඇත. නමුදු කුඩාකල මෙන් නොව ඈ සිතින් සිහින දැක්කේ ය. ඇයට සිහිනයක් තිබිණි. ඒ සිහිනයේ කවුරු ජීවත් වුවද ඇය ඒ තුල විප්ලව කලේ ය.

සැබවින්ම ඈ ජයග්‍රාහි විප්ලවකාරිනියකි.


යොවුන් වියේ හැගීම් වලට එරෙහි විය හැක්කෙක් මේ ලොව නැත. සොබා දහම නිර්මාණය කල ඒ අපූර්ව හැගීම් යටපත් කිරීමට වයසින් මුහුකුරා ගිය පණ්ඩිත ලෙස ලෝකය අර්ථකථනය කරන නිර්වචනයකින් පමණක් ජීවිතේ යම් ඉසව් දකින මොට පුද්ගලයින්ට එය විහිළුවක් වන්නට ඇත. මන්ද ජීවිතය පටු ලෙස දැකීමට තාරුණ්‍යයේ දොර විවර කල මානවයින්ට හෝ මානවිකාවන්ට ඉඩ හසරක් නොලැබේ.

කුඩා කල දැරියක් ලෙස ලෝකය දකින ඈ සමනළුන් පසු පස දිව යයි. තාලයට කවි කියයි. බැබලෙන හිරු රැසට දෑස් විවර කර නිසොල්මනේ රේඛා අඳි. වයසින් මුහුකුරා වැඩෙයි. ඈ වැඩිවිය පැමිණෙයි. එහි අර්ථය ඈ දරුවෙක් ප්‍රසූත කිරීමට සුදුසු බව යැයි කියති. දින ගණනාවක් තිස්සේ සිර අඩස්සියේ තබා ලෝකය වෙත සිය දරුවා මහා මංගල නැකතින් පෙන්වයි.

සැබෑවටම ඈ වැඩි වියට පැමිණ ද..? නැත ඈ තවමත් සිටින්නේ සෙල්ලං මානසිකත්වයේය.

වෙනදා මෙන් විරුද්ධ ලිංගික ඇසුරට ඈ හට අවසර නැත. නොහික්මුණ සිතට එය වැළක්විය නොහැක. ආශාව නමැති රුද්‍ර සිතුවිල්ල ඇතිවේ. එය සොබා දහම විසින් සැදුවකි.

ඒ තුලට ආදරය නැමති මෝඩ ආකල්පය රිංගා ජීවිතේ තෘප්තිමත් කරයි. රෝස දෙතොලට හාදු වැහි වැටෙමින් අනුරාග පහසෙහි මුල් හුස්ම ගිල ගනී. නළලත දෑස දෙතොල හා ක්‍රමයෙන් දෙතන යනාදී ලෙස රස සංවේදන තෘප්තිමත් වේ.

එය වලකා ලිය නොහැක. එය සොබා දහමේ නිර්මාණයකි.

පිම්බුණ, රස පැහැ ගැන්වුණු කය දකින කල සිය හදවත ගැහේ. එය කෙසේ නම් නවතාලන්න ද..? එය ලෝකයේ පැවැත්මේ සදාතන න්‍යායකි. පාසල් සංස්කෘතියේ නියාළු විනය පද්ධතියකට එවැනි හැගීම් වලක්වාලිය හැකි ද..? ඒවා මොටකර නූතන පරිසරයේ අක්‍රිය බුද්ධි පද්ධතියක් හිමිකර දීමට නොහැකිය. මන්ද පොර මානසිකත්වය පෙර මෙම ධරණීතලයට අදාළ පද්ධති සංකල්පයේ හැගීම් නමැති සංවේදනය කවා ඇත. අධ්‍යාපනය - සංවර්ධනය - සභ්‍යත්වය යනාදී කරුණු ජීවිතය එබෙන්නේ පසුකාලීනවය. මෙම සාධකවලට උක්ත හැගීම් මොට කර දැමිය නොහැක. ඒවා ඉබේ ඇතිවී ඉබේ පහව යයි. මනෝ විද්‍යාව නැමති විෂයක් නිර්මාණය වන්නේ එම නිසාය. මනෝ විද්‍යාවට පමණක් පසක් වන, පියවි ලෝකයේ අධිමාන්නය සහිත මිනිසුන්ට පසක් නොවන අහිංසක හැගීම් දාමයක් සාදාරනීකරණය කල හැක්කේ මනෝ විද්‍යාත්මක විග්‍රහයකට පමණි.

අප තවමත් දූපත් මානසිකත්වයේ සිටින බැව් බැලු බැල්මට පෙනේ. මෙහි වරදකරුවන් ආශ්චර්ය නොවේ. වරදකරුවන් අපමය. ඉමාෂි වරදක් කරන්නට ඇත. එහි සැබෑවටම වරදක් මා දකිමි. පාසල් විනය පද්ධතියට අප ගැති විය වන්නෙමු. එයට අනුකූලව හැඩගැසීමට  නොහැකිනම්, අප පාසලින් ඉවත්ව පෞද්ගලිකව  අධ්‍යාපනය ලැබිය යුතුය. පාසලක විනය පද්ධතියක් තිබෙන්නේ එම ආයතනයේ පරිසරය විධිමත් ලෙස ගොඩ නගා ගැනීමේ අරමුණින් ය. මන්ද බාහිර පරිසරයෙන් එල්ලවන චෝදනා වලට වග උත්තර කරුවන් වන්නේ වැරදි කරන දරුවන් නොවේ. එහි භාරකාරත්වය දරන ගෞරවනීය වෘත්තිකයන් ය. නමුත් එහි නීතිය අනිසි ලෙස මානසික පීඩනයක් ඇතිවන සේ යොදා ගැනීම කිසිසේත් අනුමත කල නොහැක.

නීතිවේදීන් මනෝ භ්‍රාන්තීන් පිලිබඳ සැලකිලි නොදක්වන බැව් දනිමි. නමුත් මෙහි ඇති කරුණු නම්, පෙම්වතෙක් හා කතා බස් කිරීම, ඔහු සමඟ අත් අල්ලා මහමග යෑම, චිත්‍රපට නැරඹීම යනාදිය අපරාධමය ස්භාවයක් ගන්නේ ද යන්නයි.

පාසලක විදුහල්පති වැනි පුද්ගලයෙක්,  දරුවෙක්ට  අසභ්‍ය වචනයෙන් සියළු ළමුන් ඉදිරියේ බැන වැදීම මානුෂීය ගුණ ධර්ම වලට පටහැනි ය.  එය කිසි සේත් දරුවෙක්ගේ මානසිකත්වයට නොගැලපෙන අතරම, එම වෘත්තියේ ගෞරවයට කරන කැළලකි.

අවියක් කරගත් ඇගේ මරණය

පාසල් පද්ධතියේ ශිෂ්‍ය උපදේශනයට මනෝවිද්‍යාව පිලිබඳ යම්තාක් දුරට හෝ දැනුමක් ඇති තාරුණ්‍ය පසුකල ගුරු මහත්මයෙක් හෝ මහත්මියක් සිටී. ඔහුගේ හෝ ඇයගේ වගකීම සිසුන් වරදක් කිරීමට පෙර උපදේශනය තුලින් යහ මග යැවීම හා වරදක් කල සැනින් එම ගැටළුව සාකච්චාමය ස්භාවයෙන් විශ්වාසදායික ලෙස පිටස්තර මිනිසුන් හා  නොගැටෙන ලෙස විසඳා දැමීමයි. එයින් දරුවාගේ මානසිකත්වයට බලපෑමක් ඇති නොවීම යන කාරණය බලවත් ලෙස එම ගුරුවරයා සලකා බලයි.

නමුදු, ඉමාෂි සහෝදරිය දෙස බලා කල විමර්ශනයේ දී ඇයගේ ගැටළුව කිසිම අවස්ථවක උක්ත ගුරුවරයා ලඟට ගොස් නැත. මා කල සොයා බැලීම්වලදී එවැනි ගුරුවරයෙක් එම පාසල තුල සිටිබව අනාවරණය වුවද ඔහු මෙම සිද්ධිය මෙසේ පවතින තුරු කුමක් කළා දැයි ගැටලුවකි.

එමෙන්ම ඇයගේ ගැටළුව විභාග කිරීමට කිසිසේත් අදාලත්වය නැති ගුරු මහත්මියක් මැදිහත් වී ඇත. විදුහල්පති අසලට ගොස් මෙම ගැටළුව පාසල් රැස්වීමේ ඇයට පරිභව කිරීමට තරම් සංකීර්ණ ලෙස ව්‍යාක්ත වී තිබේ. බුද්ධිමත් ගෞරවණීය වෘත්තිකයෙක් අතින් මෙවැනි වැරදීම් විය හැකිද..?

පවසන්නේ විදුහල්පති කූඩු කර නීතිය ඉදිරියේ ඝාතන වැරදිකරුවෙක් කරන ලෙස නොවේ. මෙවැනි දෙයක් සිදු නොවීමට ඉදිරියට වග බලාගන්නා ලෙස ය. මන්ද සෑම පාසලකම සිදුවන සම්ප්‍රදායික සංස්කෘතියක් ලෙසට උක්ත දඬුවම් ක්‍රමය පත්වී ඇත. ගැටළුවක් පැන නගින විට එය මනාව ඇතුල් පැත්ත විමසීමකින් බලා වග විභාගයකින් තොරව දඬුවම් ක්‍රමයට යයි. පාසල් පද්ධතිය තුල දරුවාගේ පවුල් පසුබිම, ජීවත් වන ප්‍රදේශය ආදී පෞද්ගලික ගැටළු පවා එළිපිට විදහා දක්වයි.

අප කිසිවෙකුන්  ලැජ්ජා විඳීමට කැමති නැත. ලැජ්ජාව ඇතිවූ විට අප සිත් තුල පිටස්තර ලෝකයාගේ දැක්ම පිළිබද කුකුසක් ඇති වේ. ඔබ සමාජය සමඟ ගැටෙන්නෙක් නම්, ඔබ සමාජීය පුද්ගලයෙක් නම් ඒ තුලින් ඇතිවන කලකිරීම විස්තර කල නොහැකිය. ඒ තුල ඇත්තේ වේදනාව - තනිවීම හා සමාජ ගැන වෛරී සහගත හැගීමකි. එය තේරුම් ගත හැක්කේ මනස පිලිබඳ වටහා ගත හැකි පුද්ගලයෙක්ට පමණි. පිටස්තරයා දකින්නේ එය

ෆේස්බුක් අඩවිය හරහා විවිධ page අමුණා ඇයගේ මරණය පවා like - comment මත විකුණා කන්නෝ බොහෝය. දැවෙන රටේ වැදගත් මාතෘකාවක් ලෙස වත්මනෙහි ඇය පිළිබඳව සටහන් වේ. නොබෝ කලකින් ඇය සැමගේ මතකයෙන් දුර යනෙනු ඇත. අපේක්‍ෂා කලේ කිසිවෙකුට ඇඟිල්ල දිගු කොට චෝදනා කිරීම නොවෙ, තවත් වෙනුෂි කෙනෙකු බිහිවීම වලකාලිමයි. හැඟීම් තේරුම් ගැනීමත්, හැඟීම් සංතර්පණය කර බුද්ධිමත් ලෙස ලොව දැකීමත් විඳින්නා සතුව බව නැවත නැවතත් මෙම මරණය ආශ්‍රයෙන් මතක් කල යුතු දෙයක් නොවේ. එයින් සිදුවන්නේ සමාදානයේ සැතපුණු ඇගේ මිනීවලේ පණුවන් ගණන් කිරීම වැනි ක්‍රියාවකි.

අවසන් ලෙස ඇයගේ ලිපියේ මා දුටු හා කණගාටු දායක කොටසක් සටහනකට එක් කරමි. මා මෙයින් බලාපොරොත්තු වන්නේ විදුහල්පතිට වරද පැටවීම නොවේ. සමස්ථ පාසල් පද්ධතියේම දුර්වල තැනක් පෙන්වා දීමටය. මෙය එම පාසලට පමණක් ආවේනික කරුණක් නොවන බව හඬ ගා කීමටය.

".....සමහර සර්ලා ප්‍රශ්නයක් උනාම මගෙ පවුල ඇදල ගන්නවා මං මේ කියන්නේ කා ගැනද කියලා මගෙ අප්පච්චි දන්නවා.මට තවත් ජීවත් වෙලා ඉඳලා ඔය ස්කෝලෙ වේස පද අහඅහ O/L කවදාවත් කරන්න බෑ.අහින්සක ලමයි පුංචි වරදක් කළාම එයාලට ‘‘වේසි’’ කියලා කතා කරන එක නවත්තන්න.ළමයින් වරදක් කියද්දී කවුද හරි වැරදි කියලා හොයලා බලන්න කියලා .ඔය ස්කෝලෙ වැරදි කරන්නෙ මමයි නංගියි විතරක් නෙවේ.50% ක්ම යාළු වෙලා ඉන්නෙ.ඒවා සර් දන්නෙ නෑ අපි කියන්නෙත් නෑ.ඒකයි හැමදාම අපේම වැරදි කියන්නෙ.මං මගෙ අප්පච්චිට ගෙඩක් ආදරෙයි.කවුරුත් ඉස්සරහ මගෙ දුව කරපු වැරදි වලට සමාවෙන්න කියනවාට මං කැමති නෑ.දැන් ප්‍රින්සිපල්ට තියෙන්නෙ මාව ස්කෝලෙන් අස් කරලා දාන්න කියලා.අපි හොඳ දෙයක් කළාට තරඟ වලින් දින්නටඅපිට හොඳ නාමය දුන්නෑ ඒත් වරදක් කලාම ස්කෝලෙටම ඇහෙන්න කෑ ගහන්න විතරයි දන්නෙ.එයා කියන්නේ මම ස්කෝලෙට අගවුරවයක් කියලනේ ඕව අහඅහ මට ස්කෝලෙ යන්න බෑ ගමගේ සර් කිවුවා මම නරක ළමයෙක් කියලා.මං එවෙලේ මගේ O/L රිසාර්ට් වලින් මගේ හොඳනරක පෙන්නන්න තීරණය කළත් මං පරක්කු වැඩී දැන් කරන්න දෙයක් නෑ..."

Share on Google Plus

About සමීර සඳරුවන්

10 අදහස්:

  1. මුලු සමාජයක්ම ජරාජීර්න වෙලා තියෙද්දි,ඉස්කෝලයක්,විස්වවිද්යාලයක්,වෙනම අරගෙන,එතන විතරක් ලස්සනට තියාගන්න බලන මෝඩ මිනිස්සු ඉන්න රටක් තමය් ලන්කාව.උපාදිධාරී ගුරු වරයෙක් විදියට,ලමයෙක් ගෙ ඉරියව් දිහා බලල,ඒ ලමයව තේරුම් ගන්න තරමෙ ඔලුවක් අපිට තිබුන.ඒත් දැන් ඉන්න ප්‍රින්සිපල්ලටවත් ඒක නැහැනෙ.ඉස්සර වෙලාම ඒ අයව මනෝ විද්යාව පැත්තට යොමු කරන එක ගොඩක් කාලීනය්.නැත්නම් තත්වය ඉදිරියට ගොඩක් නරක වෙය්.

    ReplyDelete
  2. උබ කිව්ව හරි.දූපත මානසිකට්හ්වය තමා ඔය නාකින්ට තරැණ හැගීම් තේරෙන්නෙ නෑ..සමාජයෙ වැරදි මේවා.

    ReplyDelete
  3. ෆේස්බුක් එකේ ඉන්න උඹේ වයසේ ගොන් හරක් බූරූ තකතීරුවෝ එක්ක බැලුවාම උඹ ලංකාවේ මහාචාරයවරුන්ටත් වඩා ඉදිරෙය්න් ඉන්නවා.. මොකෝ උඹ බුද්ධිමත්.. මේ රට හදන්න පුළුවන් උඹ වගේ ඒවුන්ට තමයි.. පුලුවන් නම් මේ රට හදපන්.. නැත්නම් මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න පුළුවන් රටකට පලයන්.. ඒවල තුන්වන පන්තියේ පුරවැසියෙක් ලෙස ජීවත් උනත් මීට සැපයි..

    ReplyDelete
    Replies
    1. මාතලන් ඇත්තටම මේ පොඩි එකා අනිත් එවුන්ට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්න කොල්ලෙක්.....

      Delete
  4. කතාකරන්න දෙයක් නෑ ..එච්චරයි. අපි ගමන් කරන්නේ "knowledge hub of Asia" ඉලක්කයට එතනට ළමයින්ව ගෙනියන්න හදන්නේ මේ වගේ ගුරුවරුද?

    ReplyDelete
  5. කෙල්ලගේ මරනෙත් මාකට් කරන්න හදන උන් ඉන්න රටක් මේක,අපි කොච්චර ආවේගශීලි වුනත් වැඩක් නෑ බං

    ReplyDelete
  6. අන්තිමට ඒ දෙමව්පියන්ට තමන්ගෙ දරුව නැතිවුණු එක විතරයි වුණේ..

    ReplyDelete
  7. ඕක ගැන ඔය තප්පුලන පොල් බූරුවන්ට කියන්න ගිහින් එපාවෙලා බන්. උඹ ඔය පොඩි වයසට ලෝකෙ දකින විවෘතභාවය ගැන ආඩම්බරයි සඳරු.

    ReplyDelete
  8. ලමයින්ව ඇති කරන්නෙත් නැති කරන්නෙත් ගුරුවරුම තමයි බං...

    ReplyDelete
  9. අනේ මන්දා බං මෙවා කාගේ වැරදිද කියලා,

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..