ආදරයක අරුමය Wonder L o V e



                                
කිතුල් රෑනක් වගේ කොණ්ඩය උකුල තෙක් ඇතදික් වෙලා
දෙතොල මදිටිය වගේ දිලිසී සිප ගන්නමැයි ඉඟි කළා
සවන කිචි බිචි වගේ හඬ මට දෑස අද කුල්මත්වෙලා
හා දෙනක් වගේ ගැහෙන ළමැදෙහි මා නිදන්නද අයැදලා
  
පුංචි ගවුමේ ඉරුණු තැන් දැක රිදුණු මගෙ සිතහඬනවා
හදෙහි රිදුමේ මිහිරි තැන් මත නුබව අරගෙන සිඹිනවා
යදින යැදුමේ දෙවි බඹුන් හිඳ නුබව සිතිජයේමවනවා
කියන කෙරුමේ බමන මතකය තව තවත් හද ගැහෙනවා
  
යන්න නුබ අද ඉවත මා හැර කිමද මතකයේ තනි වුණේ
එන්න බෑ මට දසත වැටකොටු බැඳ තබයි නුබපෙරමුණේ
දන්න සැම හට පැවසුවා නුබ මගේ යැයි අදයන දිනේ
ගන්න බෑ නුබ දුර වැඩියි මට දෑත ඇත හෙට එනවා නේ

  
කුසුම් පිපුණත් පරවෙලා යයි බඹරු ඇවිදින් හෙටදිනේ
පැතුම් තිබුනත් මගේ හද තුල සිරවෙලා නුබ නැතඅනේ
සිතුම් හැඬුවත් හදේ නුබ ගැන දුකයි නුබ දුර ගියානේ
හැඩුම් ආවත් කඳුළු කුමටද මතකයන්, යටතටගැනේ
  
දෑත නුබේ කළු වලඳේනොගෑවී
මෑත ගැබේ නිලට කුසුම්පිපේවී
ඈත නගේ නුබේ මතකයතියේවී
සීත මගේ දෑතෙහි නුබහිඳිවී
  
තනුව නැති උනත් මා ලියු පෙම්ගීයේ
දිනුම නුබ ලඟයි මම තව නෑකීයේ
වැනුම මඩ මතින් වැනුවත් මේලීයේ
දැනුම ගොඩ මඩින් කුමටද මටආයේ
  
පෙම්බර ලියන් දුටුවත් මා නුවර මැද
සුන්දර නුබට කියනුව මා කුමටඇද
සිත්තර නුවන් අරගෙන දෝතින් ලමැද
ගින්දර නොදී හද වෙත නුබ එනවා ද
  
යන එන විට මග සිටි මාගුරු පාරේ
හින හෙන නුබෙ රුව දකිමින්මහ හූරේ
පැමිණෙන ඇත්තන් ගැන සිතමින්නියරේ
කියමින කවි අද මෙලසින් පෙමවැතිරේ
  
Share on Google Plus

About Unknown

12 අදහස්:

  1. බොහෝ දෙනෙකුට පොදු අද්දැකීමක් මම හිතන්නේ... , ලස්සණට කවි කරලා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ හැමෝටම තියෙන්නේ කියා ගන්න බැරි වෙලා දුක් වෙන ආදර කතා ද :-?

      Delete
  2. සුපිරි කවියෙක් ,කොහොමත් හිත ගිය තැන මාලිගාව කියනවනේ මල්ලි

    ReplyDelete
    Replies
    1. මට ඒ මාලිගාව කටු කැලේක හරි හදා ගන්න මාර ආසයි අයියණ්ඩි..

      Delete
  3. මල්ලී කවිය පිට පනින්නේ මන්ද?? ඒක හදාහං. ලස්සන කවි අදහසක්..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කමෙන්ට් එකට තමයි මම කැමතිම.
      මට ඒ වැරැද්ද පෙන්වලා දෙන්න ප්ලීස්. ඒක ඔයා මට කරන ලොකුම උදව්ව වෙයි..

      Delete
  4. උඹ නං මලේ කවි කම දොතින්ම උරුම කරන් ආ කොල්ලෙක්..

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා. මං එච්චර දක්‍ෂ නෑ අයියණ්ඩි.. [-(

      Delete
  5. නුඹේ දෑසින් ගැයෙන කවිපද හෙට දිනක් ගැන ඉගි කලා
    ඒ වසන්තය වියැකියාවිද සෙනේ මල්කම් බිම හෙළා
    කොතෙක් ඇහුණත් විහඟ ගී නද දස දිගත ලොවකින් ගලා
    රිදෙන ඇස් දෙක දල්වගෙන මම නිහඩ වී ඉමි මග බලා..

    ReplyDelete
    Replies
    1. ලියන කවි පද හෙට දිනක් ගැන ලියා තැබුවත් පන්හිඳේ
      ගයන රිද්මය වියැකි යාවිද මට භයයි මගේ පෙම ලඳේ
      ඇසෙන විහඟුන් කියන දේ ගැන සිතුවිලියි හදවත බිඳේ..
      රිදෙන දෑසින් ඉන්නේ ඇයි නුබ එන්න මා ඉමි අද ලඳේ

      Delete
  6. ආදරය කොහොමත් අරුමයක් මචං..

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..