O2 Blood Donation Camp


සහෘදයන් පිරිස
අප වීරයන් දකින්නෙමු. අප වීරයන් යන මග යන්නෙමු. වීරයන්ගේ චරිතයන් අප ජීවිත වලට ආරුඩ කරගනිමින් පොර මානසිකත්වයක් මවා ගැනීමට අප යුහුසුළු වන්නෙමු.
යතුරු පුවරුවට සීමා වූ වීරත්වයේ ඝර්ජනාව ඔබ දුටුවා ද..?

ඔබට එය දකින්නට, මානුෂීය හදක විවරය තුලින් ගැලු හද ගැස්මේ රිද්මය විඳින්නට අප ඔබට පසුගිය 12 වෙන ඉරිදාව වෙන් කරන ලෙසට ආරාධනා කළෙමු.


යතුරුපුවරුවට පමණක් කොටු වී තිබු මානුෂීය හදවත් වල ගැලු සුවඳ විඳින්නට භාග්‍ය, වෙන් කරගත් ඉරිදා දින  පැමිණ පිරිසට  ලැබිණි. facebook fake profile යනු යතුරු පුවරුවට පමණක් කොටු වී, ජාලගත සමාජයට නොභියව අමතන පිරිසකි. fake වේවා, real වේවා කුමන ලේබලය ඇලවුන ද සිය  facebook ගිණුම නිදහස්  මාධ්‍යයක් කරගනිමින් ලොවට අමතන්නට හා සිය අදහස් සමාජගත කරන්නට ගිණුම් හිමියෝ  වෙහෙසෙති. facebook හි ඇති අදහස් විවිධය. ඇතැම් අදහස් සමාජ චින්තනයන්ද විනි විද යයි.එවැනි අදහස් දකින ඇතැමුන් ප්‍රකාශ කරන්නේ " උඹ බුකියෙන් රට හදන්නේ නැතුව, තියෙන වැඩක් කර ගනිං බං " කියා ය. facebook හරහා රට හදන්නට නොව හැදුනු රටේ මිනිසුන්ගේ කය මත සිය ජීවය පොවන්නට තරම් අසිරිමත් මානසිකත්වයක් ඇති පිරිසක් අප පෙරදා දුටුවෙමු.

උත්තරීතර සමාජ මෙහෙවරක කොටස් කරුවන් ලෙස සිය අදහස් සමාජගත කරමින් ද, සමාජයට වෙනස් චින්තකයන් බිහි කරමින් ද සිය තාරුණ්‍ය හදවත් වල ගැහෙන මනුශීයත්වයේ රාවය සිංහල යුනිකෝඩ් බසින්  සමාජගත කරන්නට පමණක්ම නොව, සජීවී ලොව ඉදිරියට ගෙන යන්නට O2 සංවිධානය 2013 වර්ෂයේ දී  බිහි විය.

නොයෙක් ගැටීම් හා රළු ප්‍රහාර මත සිය ගමන් මග වේගයෙන් ඉදිරියට ගිය O2 සාමාජිකයින් සමාජ සේවයේ තවත් එක් අදියරක් ලෙස facebook සහෘදයන් හා එක්ව ලේ දන් දීමේ කඳවුරක් පසුගිය දා ගම්පහ සිද්ධාර්ථ විද්‍යාලීය භූමියේදී පවත්වා සාර්ථක ලෙස නිම කළේය.
ඔබේ කය අසිරිමත් ය. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම  නිර් + මාණය කි. සිය ජීවිත කාලය තුල ගෙවෙන මොහොතින් මොහොත සියල් මිනිසුන් කරන්නේ අනුන්ගේ දේ උදුරා සතුටු වනවා පමණි. එයින් එහා ගිය  තමා සතු දේ,  පරිත්‍යාගයෙන් සතුටු වීම නින්දා සහගත හැගීමක් ලෙස බොහෝ උදවිය දකිති. සැප දී තනන කය යම් දිනක වියකෙන්නේ, පොලවට පොහොර බිඳක් ලෙස ශුන්‍ය වී ය. ආත්මය පමණක් ඉගිලී, සසර ගමන් මග දුවන අතර කයට ඇත්තේ නවාතැන් දීමය. එය  අත් හැර දමන අම්බලමක කාර්‍ය පමණක් උසුලයි. 


වෛද්‍ය ශිරෝමන් මහතා පරිත්‍යාගශීලියෙකු සමග
ලේ බිඳක් දී, සිය හදවතේ ගැහෙන රිද්මය තවත් හදවතකට තිලින කරන්නට ලැබේ නම් එය පුර්ව වාසනාවකි. එම වාසනාවේ කොටස් කරුවන් ලෙස සිය කයේ ගලන මානුශීයත්වය තවත් හදක රිද්මය හා එකතු වන්නට,  fake profile සහෘදයන් හා ගම්පහ අවට හදවත් ඇති පිරිස දායක වූ බව සතුටින් දන්වා සිටිමු.

ශ්‍රී ලාංකික ජනගහනයෙන් 30%ක් පිරිසකට සිය රුධිරය දිය හැකි වුවත්, 2%ක් පමණක් සිය රුධිරය පරිත්‍යාග කිරීම අවාසනාවට කරුණකි. මන්ද, සෑම තත්පර 30කටම වරක් ලංකාවේ කොහේ හෝ කෙනෙකුට රුධිර පාරවිලයනයක අවශ්‍යතාවක් ඇතිවේ. රුධිර පරිත්‍යාගයේ වැදගත්ම ඒ තුලින් පාඨක ඔබට මනාව වැටහෙනු ඇත.

මිනිසුන් ප්‍රසිද්ධිය ලබයි. ඇතැමුන් සමාජ රිදවීම් කර එය ලබා ගනියි. ඇතැමුන් අමානුෂික ලෙස ප්‍රසිද්ධිය ලබා ගනියි. ඇතැමුන් එම ක්‍රියාවන් සියල්ල නිශේධනය කරමින්, තමා සතු අදහස් හා මානුශීයත්වයේ වීරත්වය සමාජගත කරමින් ප්‍රසිද්ධිය ලබා ගැනීමට වෙර වීර්ය දරයි.
fake කියූ සැනින් දැනෙන අර්ථය බොරුව නම් වේ. බොරුව තුලින් ගොඩ නැගුනේ අර්ථවත් සමාජ මෙහෙවරක් නම් කුමට තැවෙන්න ද..? fake ලෝකයේ සහෘදයන්ටත්, O2 සංවිධානයේ සහෘද පිරිස හා එක්වූ සජීවී ලොව සමජකාමි  සහෘද පිරිසටත් මෙවැනි සමාජ සේවයන් තව තවත් ඉදිරියට ගෙන යන්නට හැකියාව ලැබේවායි බොර දියක ඉඳුවර අඩවිය සුබ පැතුම් එක් කර සිටින්නෙමු.

මාධ්‍ය අනුග්‍රහය සපයමින්  යහපත් සමාජ මෙහෙවරකට අත්වැල් සැපයු විදැස ගුවන් විදුලියට සිය අදහස් ප්‍රකාශ කල වෛද්‍ය ශිරෝමන් මහතා , හෙද නිලධාරිනියකගේ, සහ O2 නිර්මාතෘ කෝකිල මහත්මාගේ සිය අදහස් පහත වැඩසටහන තුලින් ඔබේ සවන් පත් අතරට එක්කාසු කර ගැනීමට බොර දියක ඉඳුවර ජාලය අවස්තාව උදා කළෙමු. 




නොදැකපු මිනිසුන් අතර ගොඩ නැගුන ඒ මිත්‍රත්වයේ නාමයට  අරුතක් සජීවී ලෝකය තුලට මුසු කල සියල් මිතුරන්ට ස්තුතියි..

සියළුම O2 සාමාජිකයින්

Share on Google Plus

About Unknown

10 අදහස්:

  1. උගට් මනුස්සයෙක් ගේ පෝස්ට් එකක් වගේ :)
    උඹ බුකියෙන් රට හදන්නේ නැතුව, තියෙන වැඩක් කර ගනිං බං " (o)

    ReplyDelete
  2. සතුටුයි ගොඩාක් සාර්ථකව කරගන්න හම්බුන එකට. මේ විස්තර අනිත් අයත් එක්ක බෙදා ගත්ත එකට තැන්ක්ස් බන්

    ReplyDelete
  3. නිතර කොළඹ එන්න පුළුවන් තරම කොළඹට කිට්ටුවක හිටියා නම් අපිත් එනවා බං..කොහොම වුණත් වැඩේ එළට කරලා තියෙනවා.
    තව තවත් මේ වගේ සමාජ සත්කාර්‍යයන් කරන්න ශක්තිය ලැබේවා....!!!

    ReplyDelete
  4. එම කාර්යය ජයග්‍රහණයක් උනානම් ඉතා සන්තෝසයි. අපි එක පාරක් කරපු බ්ලඩ් ඩොනේෂන් කෑම්ප් එකක් බලෙන්ම වැඩි පුර පැය 2 ක් කරන්න උනා ඒ කට්ටියට. අකමැත්තෙන් උනත් කරා මොකද ඒ තරං ලේ දෙන්න කස්ටිය හිටි නිසා.. උදව් නං උදව්. ඒකෙදි උන්ටත් ඕටි අරව මේවා බලන්න බැරි උනා.. හැක්

    ReplyDelete
  5. හොඳ සමාජ සේවයක් මල්ලියෝ...ඔයාලට පින් (h)

    ReplyDelete
  6. බොහොම හොඳයි!

    ReplyDelete
  7. අගේ ඇති වැඩක් පොඩි කොල්ලො කෙල්ලෝ සෙට් එකෙන් එදා කළේ.. ස්තුතියි නුඹලා හැමෝටම

    ReplyDelete
  8. ජය වේවා...!

    කව්ද බං වයස 10 එකා? b-(

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..