Cyber Mega Beach Party මිතුදම වෙනුවෙන් කවි තිළිණයක් !!!


                
බොල් පිණි මත සෙනෙහස් බව සඟවා ලා
සල් මල් පියලිය මෙන් මිතු දම් පිරි ලා
විල් මල් සුවදක් මෙනි නුබ සිහිවී ලා
මල් කවි ගෙතුමට මං අද සැරසී ලා

  
මූදු වතුරේ එබෙමින් අප හිනැහෙද්දී
සුමුදු රැල්ල ඇවිදින් රළ පෑගෙද්දී
ඇවිදු පයට පණ දැන් මුහු වී එද්දී
විහිදු පින්න කිව්වා අප ගැන එහිදී


  
සිහින එලා ඒ මත දිගැදුණු මිනිසුන්
සවන බලා වැළඳව අප හැම දෑතින්
දකින වෙලා ගෙන මිතු දම අද වැඩුවන්
දකින ලියා ගෙන හැර දක්වමි මෙලසින්

  
බොර දිය මත ඇඳු මේ මම කවි සිහින
සර සර ගා ඔබ ගැන ලිව්වෙමි හැඳින
වෙර ඇති දා දෑතින් ලියුවා එදින
මෙර දැනුණා සැම මිතුදමනම් මෙදින

  
බීච් පාර්ටි අස්සේ, නිහඬව ඉඳලා
කීචි බීචි හඬ මගෙ කට තුල වැටිලා
මොරටුව පෙදසේ මානම් තව තනිවීලා
හෙට දින යමී සැමටම මම සමු දීලා
  





තවමත් ගෙදරට යාමට නොහැකිවිය. පුමාගේ මොරටු කැම්පසයේ හොස්ටල් එකට වී ලීවෙමි. මුන් පිස්සු කෙලින්නේ ය. මුන් කිව්වේ පුමාගේ යහළු අයියලා ය. මෙහේ පට්ට ය. අසා හිතෙන්නේ ය... කෙසේ වෙතත් කතාව ලියන්නට මත්තෙන් බීච් පාර්ටි එක පට්ට ය. සංවිධායක මණ්ඩලයට බොර දියක ඉඳුවරයන්ගෙන් ස්තුතිය පුද කරමි.. ගොඩක් සතුටු වුණා... නියමයි. හොඳ සහ මඩ ගැන කාලය අරගෙන ලියන්නම්. මේ කවි තිළිණය ඔයාලට!!!
Share on Google Plus

About Unknown

31 අදහස්:

  1. මා ආවා..
    හොදට කැවා
    මිතුරන් හමු වූවා
    හොදට සතුටු වූවා

    ReplyDelete
    Replies
    1. (f) හොඳට බොන්න ලැබුනේ නැත්ද අයියන්ඩි

      Delete
    2. මැක්සා මචං ... :d

      Delete
    3. ස්තුතියි මලයා.....

      Delete
    4. මේ කවියත් නරක ම නෑ :-D

      Delete
  2. ආව් ආව්! නුදුරු අනාගතයේ මොරටුවේ ඔය හොස්ටල් එකේම නවතින්නට ලැබේවායි පතමි!!! :)

    ReplyDelete
    Replies
    1. තැන්කු අක්කි... ඒ දෙ ඒ විදියටම වේවා කියලා මම මටම පාර්ථනා කරනවා x-)

      Delete
  3. අද බෙනා ඉවරයි ඔන්න ඈ

    ReplyDelete
    Replies
    1. ආසාවෙන් ඉන්න ඇති නේද ඉවර කරන්න. එව්වා කොහෙද මම බෝල් ගාඩ් දාගෙන නිදා ගත්තේ :3

      Delete
  4. මේක දැම්මෙ ෆෝන් එකෙන්ද බං :O

    ReplyDelete
    Replies
    1. මගේ ලැප් එකෙන් බන්. මම කිව්වා මම ගැන හොඳක් කිව්වේ නැතිනම් දාන්න දෙන්නේ නෑ කියලා. ඔය යටින් තියන කෑල්ල පස්සේ දම්මවා ගත්තේ

      Delete
    2. මේ සිස්සයාගේ ලැප් මහත්තයාගෙන්. නිකං නෙමෙයි නෙට් කුලිය බර ගානක් ගෙවන්න උණා සමියෝ ;((

      Delete
  5. Replies
    1. තැන්කු වේවා.. ඔයා ආවේ නැහැ නේද..? මම දැක්කේ නැහැ නේ

      Delete
    2. ආවෙ නෑ මල්ලි. ඊගාව එකටවත් බලමු.

      Delete
  6. තාම කුතුහලය අවුස්සලා විතරයි......පොටෝ එනකන් බලන් සිටිමි..

    ReplyDelete
    Replies
    1. මම මේ පොටෝ ලැබෙනකම් බලාගෙන ඉන්නේ :D

      Delete
  7. සිරාවටම..ෆොටෝ දානකන් ඉවසිල්ලක් නෑ

    ReplyDelete
  8. බොහොම සතුටුයි!!!

    ReplyDelete
    Replies
    1. ඔයා ආවේ නැහැ නේද අයියණ්ඩි. ආපු නැති ඒකට තරහා වෙන්නයි වටින්නේ

      Delete
  9. Replies
    1. 8-) බොහෝම ස්තුතියි අයියණ්ඩි ...

      Delete
  10. ඒ මං උඹව හම්බුනා නේ බං? මතක නෑ..... :D

    සුභ වේවා!!! රාජජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මට මතකත් නෑ අනී.. ඔයාටත් එව්වම ලැබේවා.. :D

      Delete
  11. කවි ටිකනම් පංකාදුයි හරිම රසයි
    මට මේ ටික ලියන්නට හිතුනේ ඒකයි
    ඒත් මේක ඔබ ලියුවෙ සිහියෙන්මැයි
    අහන්නට හිතුනේ වයසේ වරද නිසයි

    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ඇයි ඔය බොරු වර්ණනාව කවි ගැන මේ හැටි ....
      නයි අරිනවා නේද ඔයා අල්ලන් අපේ නැටි...
      බයි කාලයි මේක ලිව්වේ හිතුවද මගෙ මැටි....
      යයි යන්නට වයස අරං එව්වා ලෝකේ හැටි...

      මං ඔය පැත්තේ ඇවිත් ඉන්නේ මගේ හිතේ මිතර්යා.. කවියට බොහොම ස්තුතියි. ඔන්න මගෙන් හාස්‍ය මුසු කවියක් .. :D

      Delete
  12. නියමයි බෙනා ,එත් දුක උඹවයි පුමාවයි මිස්වෙච්ච එක තමයි. එකම තැන ඉඳලත්

    ReplyDelete
  13. $-) එළ ඈ. උඹත් හිතුවට වැඩිය ව්එනස් එකෙක්...

    ReplyDelete
  14. බොල් පිණි මත සෙනෙහස් බව සඟවා ලා

    මේක මම දැක්කෙ "බඩ සඟවා ලා" වගේ.. මම ආයි ගිහින් බැලුව කාට හරි බබෙක් හම්බු වෙන්නවත්ද කියල!

    ReplyDelete
  15. ලස්සනයි කවි පද ටික...
    සමුදෙන්න අමාරු දවසක් උනා.ඇත්තටම ඒ සමුදීමක් නෙමේ මටනම්.

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..