HIV and instructions



ජීවිතයක් කවදා හෝ මිලිනව යයි. එය වෙනස් කිරීමට ඇති මගක් නැතුවාමය.  මරණීය මිනිසුන් මැද අමරණීය මිනිසුන් නැතුවාමය. අමරණිය වන්නේ චරිතයකට පමණි. එයද සමාජීය මිනිසාට මතකය තිබෙන තුරු පමණි.

මීට බොහෝ කලකට පෙර අප්‍රිකා මහද්වීපයේ එක්තරා පව්කාර ස්ථානයකින් මෙම පිලලය හට ගත්තේය. එය වඳුරු විශේෂයකින් ආරම්භ වී මිනිස් කයට ඇතුළු වුයේ කුමක් මගින් දැයි නොදනිමි. එම රෝග කාරකය සමස්ත මිනිස් උන්නතියට බලපෑමක් එල්ල නොකරතැයි එදා මිනිසා නොසිතන්නට ඇත.

“... නාඩි වැටෙනවානම් දර මිටියත් සැපයි ....” කියන සමාජයක අප ජීවත් වන්නෙමු. එය සමාජ බෙලහීනත්වයි. හුදෙක් එසේ කියන උක්ත පුරවැසියා, දරමිටියට සීරි ඕජසය උඩු දිවූ කල ජීවිතයෙන් පලා යාමට සිදු වෙයි එපමණක් නොවේ ඔහු රෝග කාරකයෙකි ඔහු ඇති කරන බිජු මගින්, ඔහුගේ අංකුර මගින් ලොව පුරා අහිංසක ජීවිතයක් මිලිනව යාමට ඉඩ සලසා දෙයි.


මෙය ඉතාමත් ඛෙද ජනක ලෙස උඩු දුවා ඇත. කියන්නට යන්නේ අන් කිසිවක් ගැන නොව,  HIV ගැන ය.
නම ඇසු පමණින් ලජ්ජාවෙන් ඉවත බලා මුහුණ අකුල්වාගත් යුගයක් මා ද පසු කලෙමි. ලිංගික අධ්‍යාපනය කියා නාමයක් නැති රටක ජීවත් වීමේ අපහසුව දැනෙන්නේ මෙවන් සමජරෝග සංක්‍රමණය වන්නට හේතු සාධක වන බීජ පහල වන්නට තුඩු දුන් පසුය. නියපොත්තෙන් කැඩිය යුතු දෑ පොරවෙන් කණින්නට කල් වෙලා ගත්තේය.  දැන් නොහැකිය. ඇත්තේ වත්මන් පරපුර රැකිය යුතු විධිමත් ක්‍රමයක් නිර්මාණය කිරීමය.

පෙර අවධිය නිරන්තරයෙන් මතකයට නැගේ. 8 වසර අවසාන ගෙවූ කාලයයි. රාගික හැගීම් උඩු දුවද්දී අප එය සඟවා සිටියෙමු. ඇය සිනා සෙන විට මා පෙරලා ඉවත බැලුවෙමි. අප කිසිවෙක් හා නොකියා තනිව ඒ හැගීම වින්දෙමු.  සෙල්ලම් බත් ඉයු ඇය මම, සෙල්ලම් ගෙදර මව පියා දරුවන් වූ ඔවුන් මම ඇය යන අප සියලු දෙනා හිතින් තෙරපුනෙමු. අපි ලිංගික වෙනස්වීම්, නව යොවුන් අවධියේ ආකල්ප ගැන අසා නොතිබුණි. අප සිතුවේ එය වරදක් ලෙස ය.

9 වසරට පාස් වී හොරෙන් හොරෙන් සෞඛ්‍ය පොතේ පිටු ගණන් කල අයුරු සිහිවන විට අදටද සිනහ නැගේ. සිය මිතුරාට එහි අඩංගු දෑ පෙන්වා සිනාසුන හැටි ඒ හා ඒවා සිය යෙහෙලියන් හා සසඳා බැලු හැටි අපට මතකයන් ය.
අපි වයසින් මෝරා වැඩුනෙමු. ඔවු නොවුන් පෙම්වතුන් වී අපටද කලින් කූඩු වන්නට සිහින දකින අයුරු බලා අප ගොළුවත රකින විට , “ උඹලට බැහැ.. උඹලට පණ නැහැ..” කියා ඔවුන් පොරත්වය විදහා පෑහ. සෞඛ්‍ය පාඩම උගවන්නට ආවේ හෙමින් අඟ පසඟ ඇති “ මිස්” කෙනෙකි.  “අඳුර  සියළු ලජ්ජාවන් නිශේධනය කරයි” යන මතයට ඔප්පු කිරීම් සාධක ඇසුරින් පෙනෙන්නට තිබු ඇය කෙරෙන් “ආලෝකය” ළඟ “ප්‍රජනනය” පාඩම “..මෙව්වා මොන කුනුහරුපද...? මෙව්වා පොඩි උන්ට කොහොම මම උගන්වන්නද...?..” කියා පාඩම ලොප් කර දැම්මාය. අප රූප බලා, පින්තුර බලා සැනසී වැඩී ආවෙමු.

අපෙන් මිතුරන් දුරස් ය. ඔවුන් පෙම්වතුන් ය. ඔවුන් දැන් වෙනම ලොවක් තනාගෙනය. කෙල්ලන් හා පාරක් යයි, පිල්ම් බලයි, රෙස්ට් හවුස් යයි. මන්ද එය තාරුණ්‍ය නමැති උප සංස්කෘතිය තුල පොරත්වයට අවැසි දෙයකි. එය නොවේනම් “පොන්න” ගතියක් සේ සලකයි. මේවා සමාජයට විවෘත නොවූ ප්‍රසිද්ධ රහස් වේ..
නාඩි වැටෙනම් දරමිටියත් සැපයි යන කියමනට එන්නේ මෙතනින් පසුවය. දරමිටියක් වුවද අසහනයට සහනයක් දෙන්නට උණුහුම ඇත්නම් සැපතක් වේ. අසහනය දුරලන්නට ඕන කුණුගොඩක් උණුහුම නම් හේතු විය නොහැකිය. එය මාගේ වෙනම මතයකි. නමුත් සමාජ මතය එසේ නොවේ.

HIV සමාජ රෝගය අදවන විට ශ්‍රී ලංකාවේ විශාල ලෙස ව්‍යාප්ත වී පවතී. ව්‍යාප්තියට වඩා එහි බලපෑම බොහෝ ලෙස පාසල් සංස්කෘතියට ලැදි බව ඔබ දන්නවාද ?

මේ වනවිට මා ජීවත් වන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ  පමණක්  මේ අවුරද්ද ඇතුලත රෝගීන් 11 දෙනෙක් HIV අසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත. පසුගිය අවුරුද්ද හා සසඳන කල, 2012 වසරේ දී රෝගීන් 6 දෙනෙක් පමණක් වාර්තා වේ. මෙයින් විශාල ලෙසම ව්‍යසනයක් වී ඇත්තේ, මොවුන් හරහා රෝගය ප්‍රචාරණය වීමය. තවමත් නිශ්චිත ප්‍රතිකාරයක් සොයා නොගත් මෙම රෝගය නිසා වැළඳුනු සියලු දෙනා ප්‍රතිශක්ති ඌනතාව නිසා මිය යයි. වෘතීමය ගණිකාවන්, පාසල් වයසේ දරුවන්  පවා මේ අතර සිටි.

අප්‍රිකාව තුල මෙම රෝගය 40% පමණ ව්‍යාප්ත වී ඇත. එහි ඇතැම් නගර පවා මිනිසුන් නොමැති ජනශුනය නගර ලෙස තැබීමට මෙම රෝගයට හැකියාව ලැබීම ගැන කණගාටුවට කරුණකි. රෝගයට නොයෙක් බෙහෙත් නිර්මාණය වුවද, ඒවා සාර්ථක නොවූ අත්හදා බැලීම් පමණකි.

විද්‍යාවේ සඳහන් පරිදි වයිරසයක් විනාශ කිරීම අපහසු දෙයකි. සොබාදහමේ මැවුම් ශිල්පයේ උසස්ම පුරුක ඔවුන්ගේම අසහනකාරී හැගීම් නිසා විනාශවන බව මෙයින් පෙනේ.


Human immunodeficiency virus infection යන නමින් හඳුන්වන මෙම වයිරසය මිනිසා ප්‍රතිශක්තිය බිඳීමට තරම් ප්‍රබලය.  පසුගිය 1 වනදා ලෝක ඒඩ්ස් දිනය යෙදී තිබිණි. බොහෝ දෙනා ඒ පිළිබඳව දැනුවත් ය. රෝගයට හේතුන් කියන්නට නොයෙමි. රෝගය කුමක් දැයි අර්ථ කථනය නොකරමි. ඒ තියා රෝග ලක්ෂණ පවා කියන්නේ නැත.  මෙම සටහන රෝගය වලක්වා ගැනීම උදෙසා පමණි.

මෙම රටට ලිංගික අධ්‍යාපනය අවශ්‍ය ය. මෙම මකරා ගැන උගැන්වීම වහා නවතා, යථාර්තවාදී අධ්‍යාපන ක්‍රමයක් අවැසි වේ. මන්ද වර්තමානය වන විට “උගතමනා ශිල්පයමයි රැකෙනා” යන වෙනස් වී “මතු රැකෙනා ශිල්පයමයි උගතමනා...” ලෙස වෙනසකට ලක් වී ඇති බවක් පෙනේ. මනෝ විද්‍යාත්මකව ලැබිය යුතු උපදේශන නැත. උපදේශනය පාසල යන සංස්කෘතිය තුල දඬුවමක් වී ඇත.

විටක අපට සිතෙන්නේ අප හිර කර තැබූ සිරකරුවන් ලෙසය. අධ්‍යාපනය යන්න ඉගැන්වීම පමණක්ම නොවේ. යම් කිසි විෂය පද්ධතියකට කොටු වී සමාජ උන්නතියට සුදුසු පුර වැසියෙක් නිර්මාණය නොවේ.
ලාංකික තාරුණ්‍යයට මනෝ විද්‍යාත්මක ලිංගික උපදේශයක් නොලැබුනොත් මෙම සමාජ රෝග තව දුරටත් උඩු දුවනු ඇත.

අද වනවිට සිය ගෙදර මවට දරුවක් ලැබෙන්නට යනබව දරුවන් දැනගන්නේ ඇයගේ කුස නෙරා ආ විටය. හේතුව ඔවු නොවුන් අතර පවතින දුරස් බවය. සම්ප්‍රදායත් සංස්කෘතියත් අස්සේ සිට තහනම් ගෙඩි කඩන යුගයක් නිර්මාණය වීමට මෙම හේතුන් බොහෝ දුරට බලපා ඇත. කුතුහලය යන හේතුන් නිසා සමාජ බොර දියට පය තබන බොහෝ දෙනා මඩ නා ගනී.
අවසන් ලෙස මෙවැනි දේ කෙලවර වන්නේ අහිංසක ජීවිතයක් බිලි වී ය.

පසුගිය දා පුවත්පතක “ හමුදා බටයෙක්, 14 හැවිරිදි දැරියක් දුෂණය කරයි..” ලෙස සිරස්තලයක්, දැක්වී තිබිණි. මනෝ විද්‍යාත්මකව ගත් කල මෙවැනි දේවල් සඳහා සාදාරණ හේතුන් ඇත. හමුදා සේවයේ නියතු වන්නන්ගේ මෙවැනි නොයෙකුත් අසහනකාරී හැසිරීම දැකීමට පුළුවන. මන්ද 30 වසරක යුද්ධයක් නිමා වූ පසු, එම යුධ මානසිකත්වය දුර ලීමට මෙම රජය ගත් කිසිදු ක්‍රියාවක් නැත. කිසිදු මානසික උපදේශනයක් ලැබෙන බව තොරතුරු ලැබී නොමැත. ඔවුන් ආවේගශීලී වීම හා අසහනකාරී වීම සාමාන්‍ය  දෙයකි.

යම් යම් දේ සමරන්නට කැලැන්ඩර්වල දින 356ත් මදි තරම් ය. නමුත් එය එක දිනකට පමණක් අදාල වේ. එම දිනය කුමක් වුවත්, උත්සව ගෙන උපරිමයෙන් සැමරීමට ලෝකවාසීන් පෙළඹෙන්නේ කුමන “ගොන්” ගතිය නිසාදැයි නොතේරේ. එක දිනකට පමණක් අදාළ වෙන මෙවන් කරුණු කාරනා එළඹෙන වසර වෙනවිට බොහෝ සේ ව්‍යාප්ත වී තිබෙනු ඇත. එදිනට කතාවට , පොරත්වයට පමණක් මෙවැනි මාතෘකා එළඹෙනු ඇත. සියළු දෙනාට දැනෙන්නේ ඔහු හෝ ඔහුගේ අසහනයට එරෙවූ දාටය.

පන්සිල් පද රකින්න.. ඔබ සුරකෙවී.  අපි සභ්‍ය ලෙස ජීවත් වුවහොත්, අසභ්‍ය ලොව අප කරා නොයෙනු ඇත. ( අඳුර තුල ඇල්ලු කලාමැදිරි එළියක් පමණි. මහා ප්‍රදීපයක් වන්නට මට ශක්තියක් නොමැත. )
Share on Google Plus

About සමීර සඳරුවන්

14 අදහස්:

  1. වටිනා අදහස් පෙළක්, දිගු නිහැඬියාවකින් පස්සේ ඔබ නැවත කරලියට පැමිණ ඇත්තේ ඉතාමත් සිත්ගන්නා සුළු රටාවකින්, දිගටම ඔහොමම යමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතිය ඉවාන්... පුංචි පුංචි තාක්ෂණික හේතුන් මත තමයි නිහඩ බව. පුළුවන් විදියට ලියාගෙන යනවා.. :D

      Delete
  2. සත්‍ය පහදලා තියනවා... ඒත් ප්‍රායෝගිකව මේවා මේ විදියට කෙරෙන්නේ නෑ. තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සලසා ගත යුතුයි. ආසාව වෙලාව නිදහස එකට සෙට් වුණු තැන නොවෙන්නේ කුමක්ද? ප්‍රඥාවට මුල් තැන දුන්නොත් සියල්ල යහපත් වේවි. වැරදි නොකරන්නේ කවුරුද?

    මේක මල්ලේ පොල් කමෙන්ටුවක් මලයා

    ReplyDelete
    Replies
    1. නැහැ අයියේ, මම හිතනවා ගෙදරින් මම කියපු දැනුවත්කම තිබුනොත් ඔය දේවල් අවම වෙන්න පුළුවන්.. මන්දා මමනම් හැදෙන්නේ එහෙමයි.. කිසිම රහසක් නැහැ, අපි එකිනෙකාට ගරු කරනවා ඒ වගේම හැමදේම කියලා දෙනවා.
      ඉතින් එහෙම අනිත් පවුල් වලත් තිබුනානම්, පාසල ඇතුලින් ඒ දේවල් ආවනම් කොච්චර අගෙයි ද ?

      බොහොම ස්තුතියි අදහසට///

      Delete
  3. අපිටත් ඔය සෞඛ්‍ය පාඩම් කවදාවත් කලේ නැහැ.10 වසරෙදි අපිත් එක්ක සෙට් උන කොල්ලෙක් හිටිය...ඌ 8,7 වගේ ඉද්දි හිතන් ඉඳලා තියෙන්නේ බබාලා නිකම්ම හම්බෙනවා කියලලු........

    ReplyDelete
    Replies
    1. :D ඉතිං, මම හිතුවෙත් බැඳපු දෙන්නෙක් එක ළඟ නිදා ගත්තාම මුකුත්ම නොවී නිකන් හම්බ වෙනවා කියලා.. හැබැයි ඒ කාලේ අදහස් මේ කාලෙට වඩා පිවිතුරුයි...
      :>)

      බොහොම ස්තුතියි සහෝදරයා..

      Delete
  4. බෙනා පහුගිය ටිකේ ඩයනා අක්කා හෙව්වේ මේ ගැන කතා කරන්න නෙවේ නේද?

    විහිළුවක් බන්. ගොඩක් වටිනවා මේ අදහස පුරුදු මතයට වඩා දැනෙන විදියට සමාජ ගත කරන්න ගත්ත උත්සාහයට

    ReplyDelete
    Replies
    1. ඩයනා හොයපු එක සාර්ථකයි.. ලියන්න ඕනේ ඒ ගැන. ඒ හෙව්වේ මේ ගැන ලියන්න නෙමෙයි. මේක ලියන්න මම එච්චර වෑයමක් ගත්තේ නැහැ නෙව.

      බොහොම ස්තුතියි අදහසට.. විහිළුව කරලා විහිළුවක් කියලා කියනකොට ගතියක් නැහැ පුමෝ.. මම දන්නවා, උඹ කැමති නැහැ මගේ තරහා අවිස්සෙනවට.. කොච්චරවත් ගිනිපුක් ගාය නෙව. :D

      Delete
    2. අම්මේ මම බය වෙයි උඹට තද උණා කියලා. සද්දේ දාගෙන ආවොත් අනිත් උන්ට වගේ මටත් ගෙදරට ඇවිත් කණට එකක් ගහනවා. අම්මපා ඔව්

      Delete
    3. ;-( මේ වෙලාවට මට ඩයනා පැත්තකින් තියලා බොට මඩ ගහන්න හිතෙනවා.. :p

      Delete
  5. මොනව කියන්නද බං උඹ කියල තියෙන්නෙ සම්පූර්ණ ඇත්ත.

    ReplyDelete
    Replies
    1. 8-) කොහෙහරි දෝෂයක් ඇති පෙන්වලා දෙන්න.

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..