මුසල්මාණු පෙම්වතිය



                        
සුදු කළු සොයන නොමියෙන මිනිසුන් අතර
කංකළු රුව නුබයි ඇවිලෙන ගිණි කතර
මත්සළු මතින් රතු ලෙය ගලනා නිතර
නෙත් කළු රුවට කුමකට ආලය වැතිර
  
සිව් දස කොනේ නුබ හිනැහී හිඳී යන්
නව රස දෙතොල මා මුවගේ වැදී යන්
හිරු රැස ඇවිත් "ෆරදා" මුව නැමීයන්
නුබ යස මලක් මගෙ දෝතේ පිපීයන්
  
ආදර නදිය ගලනා විට ඉවුරු තලා
සාගර මසුන් පොරකයි රස වතුර බලා
කෑදර බවින් මා සිත නුබ ලඟට වෙලා
මේ දර වලට අළු වෙයි හෙට රටම හලා
  
ජාතිය පලක් නෑ නුබ මා ළඟ ඇත්නම්
ගීතය වැඩක් නෑ තනුවක් එහි නැත්නම්
රීතිය කුමට නීතිය වල ගොස් එහිනම්
"මාතියා" මොකද විඳවනවද මේ හැටිනම්
  
ආදර කවියේ ලියවෙන පද පේලි
මා ළඟ ඇතියේ සදහට එය වේලි
සීතල රථයේ යන්නට නුබ පැටලී
ඊළඟ සතියේ එනවද මගෙ යෙහෙළි
  
කුලය මලය ගිණිගෙන හෙට දැවීයන්
ජාති භේද නැති වී මල් පිපියන්
වාද කරන හැතිකර බිම වැටීයන්
එයා සමඟ එක යහනක මැරීයන්
  
නුබව මගේ තුරුලේ හෙට දින රකිමි
හැඬුව කඳුළු මතු දිනකදී මම පිසමි
පැතුව පැතුම් හෙට දිනකට රැගෙන යමි
නැසුව ලොවම අප හා හෙට එකතු වෙමි





Share on Google Plus

About Unknown

19 අදහස්:

  1. එයාද මෙයා? මෙයාද එයා?

    ReplyDelete
  2. මේ කවියේ තියෙන දේවල් ප්‍රායෝගිකවත් සිත් වල තියෙනවනම් මොන තරම් අගේද...? 8-)

    ReplyDelete
    Replies
    1. ආදරයත් එක්ක ඒ දේවල් ප්‍රයෝගික වෙයි නේ.. 8-)

      Delete
  3. 'ශාන්තිනී තෙමා වැටේ....' ගීතය මතක් වුණා. අගෙයි කවි පෙළ.

    ReplyDelete
    Replies
    1. ඔයාට ඉතිං හැමදාම මතක් වෙන්නේ සින්දු නේ.. මම ආයේ කවි ලියන්නේ නැහැ. (p)

      Delete
  4. බොහෝමයක් මුස්ලිම් ගැහැණුන්ගේ ජීවිත හරිම ශෝකණීයයි. කියන්න කෙනෙක් නැහැ. අහන්න කෙනෙක් නැහැ.

    ReplyDelete
    Replies
    1. එත උන් කවදාවත් මානවහිමිකම් කාරයෝ ගාවට ගියේ නැහැ. ස්වාමියට උපරිමයෙන් තම යුතුකම් කළා.. එතන විශේෂත්වයක් තියෙනවා නේද ..?

      Delete
  5. මැලේසියන් කෙල්ලක් වගෙයි මට පේන්නෙ නං,රාලයගෙන් අහල බලමුද.

    ReplyDelete
    Replies
    1. x-) මෙයානම් මම වෙනුවෙන් ඉපදුන මුස්ලිම් කෙල්ලක් ... රාලගේ එයා මැලේ නෙව. :-?

      Delete
  6. අපූරු කවි පෙලක් :) (h)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සමියා

      Delete
  7. Replies
    1. බොහෝම ස්තුතියි

      Delete
  8. නියම අදහස් ටිකක්.

    ReplyDelete
  9. කවි ටික ලස්සණ යි (h) හැබෑ වෙනවා නං කොච්චර දෙයක් ද? ඒක නෙමෙයි, මොකද මේ නම වෙනස් කරලා?

    ReplyDelete
    Replies
    1. මම ලියන්නේ ඇත්තනම් ඇයි මම බොරු නමකින් ජීවත් වෙන්නේ කියලා හිතුනා.. 8-)
      බොහොම ස්තුතියි.. ඒ හීනයක් නෙමෙයි. ඒ නිසා හැබෑ වෙයි.. (f)

      Delete
  10. පහුගිය දොහේ මෙයා ගැනම නේද මූණු පොතෙත් කුරුටු ගැවේ.. මොනව වුණත් කවි පද පේලි නම් නියමයි.

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..