සරණ සිතුවිලි ගොඩ ගසා මා නුබ නමට පෙම දිය කළා...
මැරෙන දා එය කුණු ගඳින් ගම් නියම් ගම් පිළිකුල්
කළා...
කරන දේ මම සිතා ගන්නට බොහෝ වර නුබ සිහි කළා...
මරණ මංචක තුල හොවා නුබ ප්‍රේමයම මා නැති කළා...
අහස් ගඟ දිය මතින් සිහිලැල් පවන් අතරින් නුබ
සොයා...
සහස් දහසක් කඳුළු මා නෙත වගුරවයි නුබ මතකය
සොයා...
උසස් යැයි සිතු නුබේ වත දෙස සුදු වතින් හිඳ සිත
අයා...
ලහස් වලිනුත් මනින්නට පෙම බැරි උනා නුබටම ලියා...
අයාලේ යන සිත අදත් හිමිහිට සොයනවා නුබ මගේ
කියා...
කියා ලේ බව රුධිර කැටි මත නුබ නමින් පෙම උඩු
ගියා...
සිංහ ලේ බව සිතු නමුත් මා අඩපණයි නුබ දැකු
නියා...
බොතලේ සුව නුබට පසු මට සෙනෙහසින් ආ මා සොයා...
වක්කඩ ළඟ තිත්ත පැටව් නටන රැඟිලි දැක...
සොක්කඩ මගේ සිතුවිලි අද හිනා වෙමින් සැක...
සෙන්කඩ ගල මතකය තුල කැරකෙයි මේ සක...
මක්කද නුබ තාමත් මට කතා නැත්තේ මොක... ?
දෑත පැටලී, සිතද නොතැලි නුබ එක්ක ගිය මාවතේ...
සීත ඇතිලී, මහද පැටලී නුබ දුවයි සිත සාගතේ...
පෙමට නොගැලී, සිතින් විසිලී කලත් හඬ නැත ජීවිතේ....
නුබම පැටලී, නුබම යැදිලි කරනවා අද මා සිතේ....
මියගියත් නුබ සිතින් මා හා එක් වෙන්න වෙර
දරනවා...
හැරගියත් නුබ මගේ ළඟ හිඳ මා සිතත් පිරිමදිනවා...
හිනැහුණත් මං හදවතින් ඉකි බිඳිනවා හඬ තලනවා...
කුණු උනත් නුබේ ප්‍රේමයම මම රකිනවා එය තිබෙනවා...
මලයා මේ කවි ටික පහත ලිංකුවේ තියන විදියට කරලා දාන්න ලස්සනට තියේවි...
ReplyDeletehttp://siwpada.blogspot.com/
කනේරු මල් ගහ පාමුල ඔබ පරවි වැටිලා...........ද?
ReplyDeleteහය හතර
//කුණු උනත් // මේක 'මැළවුණත්' කරමු ද?
ReplyDeleteමොකද උනේ මේ ටිකේ ටැන්නිසන් මලයට....
ReplyDelete:o
ReplyDelete