පසු තැවිල්ල

             

අවරගිර බසින හිරු සඳු යුවලක්









සේ

කුලුළු ගිර රැඳෙන විල් මල් කලතක්

සේ

මුවග ගිර කියන ගී හඬ මියුරක්

සේ

මහද ගිර රැඳෙනු නුබ මල් කළඹක්

සේ

 

  

සිහින දිගැර තනිකම මං

මුලාවේ

දකින නෙත මගැර යන්නට

උනාවේ

සැදෙන සිත නිතර මං තනි

වෙලාවේ

කියන බස මෙතර සවනත

වැකුනාවේ

 

  

මුල මැද අග සමබර නැති

ජීවිතය

සැලමුද නැග දිවිතෙර ඇති

මීවිතය

මළ අද ඇඟ සමකර යති

හිරිකිතය

පල සිඳ මග තනිකර සිත තනි

මටය

 

  

පත් ඉරු කියවා රොඩු ලෙස කුණු

වෙන්ට

සිත් පිරු නැතුවා නුබටම හිමි

වෙන්ට

මත් බරු ගැසුවා සැමදින මිය

යන්ට

ගත් හිරු ඇතුවා උණුහුමෙ

වියලෙන්ට

 

  

- ඉස්කෝලේ උගන්වන්නේ නැති වෙලාවට හරි පාළුයි .. පුස්තකාලෙට ගියාම නිදි මත. නැත්නම් කවි ලියවෙනවා.. පුංචි කවි පද හතරක් දවසක් ලිය උණා.. ලිය උනේ දුකෙන් ඉන්න වෙලාවක.. දැන් හේතුව මතක නැහැ.. ඔයාලත් රස විඳලා බලන්න...



Share on Google Plus

About Unknown

4 අදහස්:

  1. ඔච්චර පසුත්වෙන්න එපා බං , මේකේ අකුරු තව ටිකක් ලොකු කරහන් ,කියවන්න් අමාරුයි

    ReplyDelete
  2. අකුරු ලොකු කරන්නට :)

    නියමයි පද පෙල.

    ReplyDelete
  3. අකුරු ලොකු කරන්නෝ....

    ReplyDelete
  4. අකුරු දුර නිසා කවි පෙලේ වටිනාකම අපරාදේ මල්ලි ෆොන්ට් එක හදන්න ..

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..