▶ නුඹ හා ඇය




නුඹට ඇත්තේ රත් පැහැ දෙතොල් ය.
ඇයට ඇත්තේ ලේ සිඳී ගියාක් වැනි දෙතොලකි.

මා නුඹේ දෙතොල මත මා දෙතොල තබනවා සේම ඇගේ දෙතොල මත ද දෙතොල තබා රසයට මත් වෙමි.
නුඹත් මාත් අතර සිප ගැනීමේ කාලජේදය උපරිම විනාඩියක් ව ගත වන විට,
සමාවන්න, ඈ සමඟ මා විනාඩි 5ක් හෝ 6ක් වත් සිප ගන්නට මැලි නොවෙමි.


නුඹට රෝස පැහැ ගත් වතකමලක් හිමිය. ඇයට සුදු පැහැ ගත් වත කමලක් හිමිය.
නුඹගේ දෑත පමණක් මා දවටා ගනිමි. නමුදු
සමාවන්න, මා ඇයගේ මුළු ගතම ස්පර්ශ කරමි.

නුඹේ ප්‍රේමය මා හදවතේ ලේ හා මුසුව හුස්මක් පවා ස්පර්ශ කරමින් නුඹව අනන්තාපරිපන්නව සිහි කරවයි.
නමුදු ඇගේත් මගෙත් ප්‍රේමය ආරම්භ වන්නේ ගර්ත වලිනි.


සමාවන්න, ඈ මගේ ගර්ත වල හිඳ හුස්ම හා වෙලෙමින් රුධිරයට කාන්දු වෙයි. ඈ මගේ ශරීරයේ නොයෙන තැනක් වේ දැයි මා නොදනිමි.

මා නුඹටද පෙම් කරමි.
මා ඇයටද පෙම් කරමි.


මා නුඹ හා සරණ යමි.
මා ඇය හා ද සරණ යමි.

නුඹ හා මා යන්නේ, ".. විවාහ මණ්ඩපයටයි .."
සමාවන්න, මා ඇය හා යන්නේ ".. මරණ මංචකයටයි .."

නුඹ මට ලං වුවා පමණි.
නමුදු, ඇය ලං වූයේ, නුඹ දුන් වේදනාව තුළිණි.
".. වෙනස.." නම් එයයි.

".. අවවාදයයි දුම් බීම පිළිකා ඇති කරයි.." 




---------- ♡ ---------- ♡ ---------- ♡ ---------- ♡ ---------- ♡ ---------- ♡


            
පහස සොයන කල වියපත් හිතින් මම
රහස කියන ඇය අත්හැර දමනු කිම
අහස බලන නෙතඟට දිය උනපු වම
සහස තරුණ විය දියවෙන අරුත කිම
  
දෙතොල ලඟට එන හැඟුමන් පොකුරු රැළ
වදුල වගෙයි හදවත තුල ගලන දොළ
පතුල බලන කල දිය තුල පෙනෙන ගල
කඳුල නෙතඟ තෙමමින් රිදෙනවද බල
  
අවර ගිරට පෙම් බැඳී හිරු අද දුකට
කවර ලෙසට හෝ ලැබගමි ඒ සතුට
පවර ගැහැට විඳිමින් දුක විඳි පවට
මෙවර නුඹට නැත, ලෙන්ගතු විස දුමට
  
Share on Google Plus

About Unknown

1 අදහස්:

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..