මරණය අභියස

       

-ම කියන ගී මිහිර නුඹට අද ඇසෙන්නයි
-ඳවන්න බැරි තැනක අපි ඉන්න නිසාමයි
-ය නැතිව ආලකම් මම දුන්නුරිසින්මයි
-න මගට කඳුළු මල් සුවඳ අදමගෙන්මයි
  
-ද දිනට නැගෙන හිරු අවර දැක ඇදෙන්නේ
භි -ය නැතුව හිඳින මම නුඹට පෙම් කරන්නේ
-ටි හිතම ඉරි තැලෙන විට නෙතටදැනෙන්නේ
-ඳ නැතුව මම කොහොම පසට පෙම් බඳින්නේ
  





----------------------------------------------------------------------------

අපිට පුලුවන්ද දෛවය උරඟා බලන්න.. මමද දෛවය ද කියලා.. අපිට පුළුවන් ද දෛවය වෙනස් කරන්න..
හිතන්න.. නුඹ පෙම් කරනවා. ඔහුට හෝ ඇයට.. ඔබට ඔබ ගැන විශ්වාසයි.. ඔබට ඇය/ඔහු ගැනත් විශ්වාසයි.
නමුත් ඔබ කොහොමද දෛවය ගැන විශ්වාස කරන්නේ.. !

----------------------------------------------------------------------------

 -ම කියන ගී මිහිර නුඹට අදඇසෙන්නයි
ර -ඳවන්න බැරි තැනක අපි ඉන්නනිසාමයි
 -ය නැතිව ආලකම් මම දුන්නුරිසින්මයි
 -න මගට කඳුළු මල් සුවඳ අදමගෙන්මයි

මම ඔබට ගීයක් කියන්න ද..? මම  ගැන.. අපි ගැන... ආදරය ගැන.. මම දන්නවා නුඹ අහගෙන ඉන්නවා.. ඒ නිසයි මම මෙහෙම කියන්නේ.. නුඹට ඇසෙනවා ද මම කියන දේ ගැන..

අපි ළං වුණා.. අපි ආදරේ කළා. අපි හීන දැක්කා. අපි හිනා වුණා.. අපි එකට ජීවත් වුණා.. පැයක් දෙකක් හෝ විනාඩි කීපයක් හෝ අපි එකට ජීවත් වුණා.. අපිට අපිව විශ්වාසයි..

නමුත් සොඳුරිය, නුඹ දන්නවා ද..? මා නුඹ ළඟ ගතානුගතිකව රැඳවිය නොහැකි බව ..?

නුඹට මා ළඟ රැඳෙන්නට අවසර නොමැති වග..

නුඹ මට ණය නොවන වග, මා නුඹට ණය නොවන වග අප දනිමු. එතරම් අප සෙනෙහසට අරුත් එක් කළෙමු. නුඹ මා ගැන සිතද්දී මා නුඹ ගැන සිතුවෙමි. මා නුඹ ගැන සිතද්දී නුඹ මා ගැන සිතුවාය.. අප දෙහද බැඳුනේ එකිනෙකාගේ සතුට වෙනුවෙනි.
නුඹ මා උදෙසා ඔබේ සතුට පරිත්‍යාග කලාය.. මා නුඹ උදෙසා මගේ සතුට පරිත්‍යාග කලෙමි.

අප දෙදෙනාම ආදරය නමැති ව්‍යාපාරයේ හවුල් කරුවන් ව, එහි ලාබ ලැබුවෙමි.

ඉඳින් මා නුඹට ණය නැත.


ප්‍රියාවිය,

මට යන්නට අවසර ද..? මා යා යුතුය.. මේ ආ ගමන නිමා වී ය. මා නුඹේ දෑසට එබුනෙමි. නුඹ හා බැඳී සිටියෙමි.

මා නුඹට බලාපොරොත්තු හීන දුන්නෙමි. නමුත් මට සමාවන්න,, ඒවා ඉෂ්ට කරන්නට මගේ දෛවය සුදානම් නොවන වග. එය මගේ වරදක් නොව, මගේ කර්මයේ වරද බව නුඹ දැනගත යුතුමය..

නුඹ කඳුළු දකින්නට මා අකමැතිය. මට අවැසි සිනහව දකින්නට පමණි. නුඹ වෙනුවෙන් මෙදා මම හඬන්නම්..


( කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආදරෙන් ඉන්නවා. ගොඩක් ආදරෙන්. එකිනෙකාව විශ්වාස කරනවා. ඒ ආදරේ දකින මිනිස්සු හිතන්නේ ඒ ආදරේ තමයි උතුම්ම ආදරය කියලා..
ඒත් එක පාරම කොල්ලා වෙනස් වෙනවා. කෙල්ලට ඒ දේ දරාගන්න බැහැ.. කෙල්ල දැන ගන්නවා කොල්ලා හිතපු තරම් සුන්දර කෙනෙක් නොවන වග..

වෙනස් ලෝකයක් කෙල්ල ඉදිරියේ මවපු බව..
විශ්වාසය බිඳෙනවා.. ඒ දෙන්න වෙන් වෙනවා. වෙන් වීමක් නොවුනත් සිත් බිඳෙනවා ..)

 -ද දිනට නැගෙන හිරු අවර දැක ඇදෙන්නේ
භි -ය නැතුව හිඳින මම නුඹට පෙම් කරන්නේ
 -ටි හිතම ඉරි තැලෙන විට නෙතටදැනෙන්නේ
 -ඳ නැතුව මම කොහොම පසට පෙම්බඳින්නේ

ඔයා දන්නවද ? හිරු අවදි වෙන්නේ අවරට යන බලාපොරොත්තුවෙන්.. හිරු නැගෙන විටම තීරණය කරලා ඉවරයි හිරු යන්න ඕනේ අවරට කියලා.. මේ සංසාර චක්‍රය වගේ. ඉපදෙනවා මැරෙනවා වගේ..

අපි ඉපදෙනකොටම මරණය අප තුලම වැඩෙනවා. අපි ආයුෂ අවසන් කරනවා කියන්නේ අප තුල වැඩෙන මරණයේ නාමික ස්වරුපය නොවේ ද..?

මමත් අවරට යන්න කාලය එළැඹිලා.. මට මේ පරණ දවස නිමා කරලා ආයේම අලුත් දවසක් අරගෙන එන්න ආරාධනා ලැබිලා..
.
මම භය නම් නැහැ.. චුට්ටක්වත්.. ඔයා දන්නවා ද..? මම ඔයාට ආදරෙයි කියලා.. ඒක කියාගන්න ඔයා මගේ ළඟ නැහැ. ඒත් මම දන්නවා මට බැන බැන, මම ගැන හිත හිත තාමත් ඔයා ඉන්න බව.. ඔයා මට ආදරෙයි කියලා මම දන්නවා. මට සමාවෙන්න..

මටත් ඒක කියාගන්න ඕනේ.. ".. මම ඔයාට ආදරෙයි .." කියලා.. ආයේම සැරයක් මට ආසයි ජීවත් වෙන්න ඔයා මත්තේ.. ඒත් මට අවසරනම් නැහැ.
.
දැන් මට හිතක් නැතුවද මන්දා.. හිනා වෙලා උන්නට මම විඳින දුක දන්නේ මම විතරයි.. හිත තැලිලා පොඩි වෙලා ඉරි තැලිලා.. පටක වලින් කවුරුහරි අදිනවා වගේ. තුවාලයකට ඉඳි කට්ටකින් අයිනවා වගේ.. මගේ හිතට දැනෙන දේ මට ඔයාට කියා ගන්න බැහැ..

ඒ දේ කාටවත් පේන්නේ නැහැ.. මගේ නෙත විතරයි දන්නේ ඒ වේදනාව ගැන..

මම දන්නවා, අද හෝ හෙට මම යා යුතුයි.. නමුත් මම ආදරෙයි නේ.
.
"... මම ඔයාට ආදරෙයි නේ දෙයියනේ.."
.
ඒ දේ ගැන මම කොහොමද ඔයාට තේරුම් කරන්නේ.. ඔයා හිනා වුනේ මගේ හිනාව දැකලා. හරියට සඳ සූර්ය කඳම්භයෙන් සඳ ආලෝකමත් කරනවා වගේ.. ඔයාගේ හිනාව දකින්න මම වෙනස් වුණා.. හැම මොහොතේදීම.. මගේ සඳවතියට මම කොතරම් ආදරේ කළා ද..?

මම ඒත් මේ ගමන යා යුතුයි නේ.. මට නුඹව හැරලිය නොහැකි වුවත් මට මේ ගමන ප්‍රතික්‍ෂේප කල නොහැකියි.. මන්ද මා දෛවයෙන් බැඳී ඇති නිසා..
.
( ඒත් වෙන් වුනේ ඇයි කියන්න ඒ කොල්ලා කාටවත් ඇත්ත හේතුව කියන්නේ නැහැ.. ඒ කොල්ලා විතරයි දන්නේ මැරෙන්න මොහොතයි තවම තියෙන්නේ කියලා.. ඉතිං කොහොමද වේදනාවක් දෙන්නේ.. මරණය හිස මත තියාගෙන විරහව භුක්ති විඳිනවා.. )

( ෆැන්ටසිය නොවේ යතාර්ථය මත ජීවත්ව මෙසේ මිය ගිය බොහෝ අය අතීතයේ මෙන්ම, මිය යාමට පණ අදින වුන් වත්මනෙහි ද සිටී.. )
Share on Google Plus

About sameer sandaru

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..