සිහිනයක් නොවූ සිහිනය


                            
සවන නුඹේ හඬ මිහිරිය ඇහෙන විට
මවන සිනා අසමින් ගී ගයන විට
යනෙන ගමන් දෑතට නුඹ දැනෙන විට
හැඟෙන තරම් මිහිරක් වෙන කොහිද මට
  
මලා නිකව හද පෙර මෙහි තිබෙන වෙලේ
සලා පවන් එක පිට නුඹ පිඹින කලේ
පලා යන්න හිතුනත් ජීවිතය සැලේ
ගලා බසින ගඟුලකි ආදරය දැලේ
  
සිහින දකින හද ගැහෙනා රිද්ම පවන්
දැහැන බිඳෙන හැමවිට හද පද්ම බලන්
හඬන නිතින නෙතු හැමවිට යුග්ම කරන්
රිදෙන දැනෙන හදවත නුඹ එක්ම ගිහිං
  
පුරුක් එක මතින් ඇමිණෙන පෙම් ගීයේ
උරුක් කරන දැඟිලි තව නැත ආයේ
සුරුක් උවැසි දන නපුරින් නෙව පෑයේ
නරක් වූ හදක් නැත අප තුල වූයේ
  
හෙටක් නැතත් ඉරක් පායා එනු ඇත දුරදී
අදත් ඇතත් සඳක් තරුත් හිනැහුණ විටදී
මමත් ඔබත් සැනසුම ළඟ දිවි මග එත්දී
ඔහුත් ඇයත් කෙලසින් ළඟ ඒවිද පැද්දී
  
හිතට හොරා නුඹ ළඟ හද අද තනි වෙනවා
සැමට කියා නුඹ ළඟදීම අරගෙන එනවා
මවට ඔයා දී සැනසුම් සුසුම් හෙලනවා
මගට වෙලා මා පැතුමන් හීන දකිනවා
  
තනුව ඇය වූ, වචන පෙම වූ කවිය ලියමින මා මෙදා
ගැයුව හඬ වූ, දැක්ම සතු වූ දෑස ඔබෙ විය මේ ලෙදා
පාන සඳ වූ, මාගෙ ලොව වූ ඇයයි දිවියම මට සදා
තාම ලියවූ, ඉවර නැති වූ කවිය හෙට දින දෙමි වදා
  

Share on Google Plus

About Unknown

11 අදහස්:

  1. ලස්සන හැගීමක් අපූරුවට අකුරු කරල තියෙනව සමීරයො... පට්ට..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුන්න ඇගයුමට... ජය වේවා සහෝදරයා :)

      Delete
  2. සියල්ල සුපිරි විදියටම තිබේ. එළිවැට පෙර වැට රැකල තියේ. එත් සඳැස් කවියේ එන යවයන් දොසක් දුටුවෙමි.
    //රිදෙන දැනෙන හදවත නුඹ එක්ම ගිහිං//
    මේකේ අගත් හල් නයන්නම ආවනං මසුරන් කවක්

    ReplyDelete
    Replies
    1. මම රීතින් නීතින් දන්නේ නෑ අයියා..
      මට එව්වා ඉගන ගත්තොත් මගේ සිතුවිලි පටු වෙනවා කියලා දැනෙනවා මට..
      නිදහසේ ගලන දේ අකුරු කරනවා.. :)
      කවියෙක් නෙමෙයි මම.. ඒත් අනේ මන්දා.. :D

      Delete
  3. හෙටක් නැතත් ඉරක් පායා එනු ඇත දුරදී
    අදත් ඇතත් සඳක් තරුත් හිනැහුණ විටදී
    මමත් ඔබත් සැනසුම ළඟ දිවි මග එත්දී
    ඔහුත් ඇයත් කෙලසින් ළඟ ඒවිද පැද්දී

    මමනම් ආසම කවිය මේක තමයි මේ පදවැලේම

    ReplyDelete
    Replies
    1. ///හෙටක් නැතත් ඉරක් පායා එනු ඇත දුරදී///

      හෙටක් අපිට තිබුනත් නැතත් මේ විශ්වයේ හිරු සඳු පෙර සේ හිනැහේවි.. ඒවා පෙරදා මෙන්ම දුරින් පායා තිබේවි..

      ///අදත් ඇතත් සඳක් තරුත් හිනැහුණ විටදී//

      අද කියන දවස තිබ්බත් පෙර කියූ හෙට සේම සඳු තරු හිනැහී තියේවි, පෙර මා කියූ දුර සිටම..

      ///මමත් ඔබත් සැනසුම ළඟ දිවි මග එත්දී///

      අපි ජීවිතය කියන දේ ඇතුලේ පෙර කී හිරු සඳු තරු සේ දුරින් පිහිටි සැනසුම නමැති දේ සොයා අපි එනකොට, සැනසුම තුල අපි දෙන්නා බැඳෙන කොට,

      ///ඔහුත් ඇයත් කෙලසින් ළඟ ඒවිද පැද්දී////

      ඔහුත් ඇයත් එනම් නුඹගේ ජීවිතය ගැන බලාපොරොත්තු හීන මල් වගුරපු නුඹගේ මවත් - පියත් කෙලස අපි සෙවූ සැනසුම පිලි ගනීවිද මා නොදනිමි...


      ( මේ කවියේ මං සඟවා දාපු තේරුම මේකයි අයියේ.. :) )

      Delete
  4. මාරම ලස්සනයි මල්ලියා....
    හරිම ලස්සනට ලියලා තියනවා.....

    ReplyDelete
  5. හැඟුම් කවි කර, වදන් කැටි කර බැ‍ඳෙන සුමියුරු පදවැලේ
    රසය මුසු කර, ආලෙ මතු කර කියන මෙපුවත මනකලේ
    ඇගෙත් ඔබගෙත් මවු දෙමවුපිය ආසිරිත් ලැබ හැම කළේ
    සුවෙන් සතුටින් යෙහෙන් වැජඹෙනු පැතුම මා මෙහි එක් කලේ

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. එකම කොමෙන්‍ටුව තාක්ශණික දෝෂයක් නිසා තුන් වරක් පලවූ නිසා ඒ අමතර පලවීම් ඉවත් කරන ලදි.

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..