පූදින ප්‍රේමයක්..


                            
හිමිකම සොයා මගෙ සිත දුර දුවන තරම්
තනිකම නැතත් හිමි වුන ඔබ එවන රිදුම්
නැතිකම මගෙන් ඈතට ගෙන දුවන සිතුම්
හිමිකම හොරෙන් අරගෙන මම හිඳිමි ඉතීම්
  
පෙම් බස් දොඩා රෑ දහවල ගතවන්නේ
යම් කිසි කෙනෙක් ඔබ හැර නෑ සොයමින්නේ
සිම් පත පුරා හාදුව පිදු සිතකින්නේ
නම් ගලපන්න විගහට කවදද එන්නේ
  
සිහින දකින නෙතු දහවල මද පවනේ
දැහැන නොබිඳ ඔබමයි හද ඇතිරෙන්නේ
යදින සුසුම් සුළගේ පා වී එන්නේ
හැඳින ටික කලයි සෙනෙහස පූදින්නේ

  
මනු සිතුවිලි විකසිත වී හමන සුළඟ ඔස්සේ
ගනු මගෙ පෙම පූදිනවා හදවත තුල ඕසේ
දෙනු අදවත් හිමිකම මට පෙම තුල අද සිත් සේ
යනු හැකිනං දුර තෙර වෙත ආලය නෑ දත් සේ
  
කැදලි හදන කුරුල්ලනේ කියා දියව් මට
පැතලි කාසි මොණර පැටව් සොයා යන්න හෙට
හෙරළි වගේ සොරා ගත්තෙ සිත මගෙ ඈ හට
කොරලි මාළු වගේ නෙමෙයි තෙත්පිලි රස කට
  
කියා ගන්න බැරි තරමට වචන ගොළු වෙලා
ලියා ගන්න බෑ මා හට සිතත් හිර වෙලා
නිදා ගන්න නොහැකියි අද නෙතත් ඇහැරිලා
සොයා ගන්න ආසයි නුඹ තුරුලේ අතුරලා
  
දිවුරුම් දුන්නා මතකයි නුඹහට පෙර මම
සැමරුම් සෙව්වා සැමවිට සිනහව නුඹ ගෙම
පැවරුම් නැතුවට සැමවිට සිටියා නුඹ හැම
පැතිරුම් කුමටද හෙට දින දැකුමට එමි මම
  
Share on Google Plus

About Unknown

10 අදහස්:

  1. අම්මෝ... හර බර පේමණීය හිතිවිල්ලක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. :)

      Delete
  2. ලස්සන අදහසක්... හැගීම් එකතු කරලා ලස්සනට හැඩ කරලා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.. තැන්ක්ස් යාළුවා.. !

      Delete
  3. ඔයාලගේ බ්ලොග් අඩවි මගේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න මට ලින්ක් එවන්න, තව ඔයාලා දන්න සිංහල බ්ලොග් වගේම ලංකාවේ බ්ලොග් පිටු වල විස්තර අපට එවන්න අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න. අපේ බ්ලොග් රචකයන්ට හා පාඨකයන්ට මේකෙන් යම් පහසුවක් සලසා දීමයි මෙහි අරමුණ.

    ReplyDelete
    Replies
    1. හා හා... මෙය මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමක් නොවේ. :D

      Delete
  4. එල කවි ටික...මාස ගාණකට පස්සේ බෙන්ගේ අඩවියට එන්න උනේ...කියවන්න බැරි උන ටික නිවි සැනසිල්ලේ කියවන්න ඕනි...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි පාඨකයා දැක්කේ නෑ. කොහෙද ගිහිං උන්නේ.. :) බොහොම ස්තුතියි. යාළුවා.

      Delete
  5. කාලෙකින් මේ පැත්තට ආවේ :)

    ReplyDelete
    Replies
    1. දැන් එනවා අඩුයි නේද..? :) ස්තුතියි නැවත පැමිණීමට.

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..