නවමු පෙමක, හදවත් ගැස්ම



                 
ලුණුයි බතුයි කමුයි කියා ලඟට ආව ඔයා
ගිණියි කියා නොකියා බඩ සඟවයි ඇස පියා
දිරයි කලක් යනවිට ලණු වේයෝ කාල ගියා
තනියි නුඹට සුර සැප නැත හිඳී ද "නෙතු"ඔයා
  
සාගර ජලයත් මදි මට නුඹ ගැන ඇති සෙනේ
කාමර තුල සිටියත් අපි දුර ගියාද අනේ
මාතර කඩ තුල කෑවත් උන්නේ අපි වනේ
ආතුර මට කතරට දිය බිඳක්ය නුඹ සෙනේ
  
මුදු දෙතොලට හාදු තියන් ගෙවුණා කාලය
සඳු ඇති රැයවල් සොයමින් බැඳී ඒ මාලය
සිඳු නේ නෑ කිසිදින පණ වාගෙයි ආලය
බඳු නේ විෂ නෑ මධුවිත සතුටයි මා ලය
  
හිනාවෙත්දී දුරට ගියපු මතකය බොහොමයි
ඔයා යද්දී හදවතනම් ගැහුණා සත්තයි
හිතාගද්දි නුඹ ගැන මම හැමතැන නිහඬ යි
පලායද්දී හඳ නම් නුඹ වාගේම හැඩමයි
  
මල් සුවඳේ රොන් සොයාන ආව බඹරා මම
සිල් ගත්තේ නෑ හැඟුමන් නුඹ දුටුවිට හැම
කල් බලමින් සිටියා මම කියාගන්න පෙම
යල් මහ විත් මල් සුවඳට මත් වෙලාද කිම
  
නුඹ වත දෙස බලා උන්නේ රස විඳින්න නොවේ
හැම සත නුඹ දිහා බැලුවේ පෙම් කරන්න නොවේ
රස බත මම නුඹෙන් කෑවේ රස නහරට නොවේ
හද වත මම අරං ආවේ අත් හරින්න නොවේ
  
ඕලු නෙලුම් කෙකටිය මල් පිපුණේ විලේ තමයි
මාළු පැටව් දිය කඩිත්තේ නැටුවෙ සතුට නිසයි
පාළු ගතිය හදින් බිමට දමා දුන්නේ නුබයි
ඕලු මලට මං සෙනෙහස දෙන්නේ මෙහෙම තමයි
  
නුඹ දෙතොල අද හාදු වැස්සෙන් තෙමී උණුහුම සොයනවා
නුඹ හදේ ඔය ගැහෙන හඬ මට, මගේ ලොවටත් ඇසෙනවා
නුඹ එක්ක පියමැන්න ඒ මග දුරට යන්නට හැදෙනවා
නුඹ මවක්.. ! අද මගේ පුතු හෙට නුඹ තුලින් ලොව දකිනවා
  
Share on Google Plus

About Unknown

11 අදහස්:

  1. ලස්සන අරුත්බර කවි සිතිවිල්ලක්....දෙවරක්ම කියවා රස වින්ද.....

    ReplyDelete
  2. ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
  3. සුන්දර සිතුවිල්ලක්. තවත් උනන්දු උනා නං නොගැලපීම් සුළු ප්‍රමාණයක් අඩු කරගන්න තිබ්බා.. ජය වේවා

    ReplyDelete
  4. හරිම අපූරු සිතුවිලි පෙළක්.කීප සැරයක්ම රසවින්දා.

    ReplyDelete
  5. සඳැසට උපන් සඳරු. කවි ටික පට්ට රහයි.

    ReplyDelete
  6. ලස්සනයි සඳරු..................

    ReplyDelete
  7. සුපිරි පිරි ඉතිරි...

    ReplyDelete
  8. බොර දියට මමත් එබුනා.
    නිර්මාණයද රස විදිමි.

    ReplyDelete
  9. අදයි ආවේ කොමෙන්ටුවක් දාන්න මම කොටා

    එහෙනං ආයෙත් එන්නං යන්නං දැන් ටටා

    තෝ බුකියේ ඉන්නවා දැක්කට බොගේ බොගේට මේ ආවමයි මං හිතන්නේ ඈ...

    ReplyDelete
  10. උඹ පට්ට කවියෙක්ක් බව මං කිව්වේ පලවෙනි කවියේ ඉන්දන්මනේ ඉතින්

    ReplyDelete
  11. හරිම සරලව ලියල තියෙන නිසා සරලව ලස්සනට රසවිදින්න පුළුවන් වුණා..

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..