කාසි නැති සිඟන්නී sexual beggar woman




                        
ටින් බෙලෙක්ක හොලවන් නුබ දුර යනවා
පන් පැදුරක් වත් නෑ වත නිදි යනවා
පිං සොයමින් ඇතැමුන් දුර දිවයනවා
මං නුබ දැක සිත තුල කවි ලියලනවා
  
කාසි එක දෙකින් නුබ අත පිරවෙත්දී
ලේසි නැහැ අනේ බඩගිනි වැඩි වෙත්දී
වේසි කිය කියා ඇතැමුන් ගොරවද්දී
පාසි පිරුණු වතුරට බඩගිනිවැද්දී

  
නිදිද හිරුගේ බැල්මේ ඔබ අද වෙලිලා
මහද කොනක සිටියත් හද සලිතකළා
පැහැද සිටිය මිනිසුන් නුබ පයින්තලා
යයිද කෙසේ මේ හිරු කළු වලාගලා
  
මුහුණ පුරා සොටු නාවර පෙරෙද්දී
යහන කියා පාරට පෙම වඩද්දී
සිහින රැයට පමණක් මුහු වීයද්දී
ගැහෙන හදක් නොදුටුවදෝ මේවැද්දී
  
වැහැරී ගිය ලොට තන දෙකඋරන්ට
වැතිරී ඈ හා උණුහුම ලබන්ට
පැතිරී සිටි නොමිනිස් කැල සිටින්ට
මැතිරී මෙන් කුමටද පිංලැබෙන්ට
  
කවිය නුබ නමින් ලියවී ගියත්මෙදා
සවිය නුබට ලැබ දෙන්නට නොහැකසදා
ලිවිය හැකියි අභිමන් මා සිතින්වදා
නැවිය නොහැක සිතනම් කිසි කලකලෙදා
  
Share on Google Plus

About Unknown

21 අදහස්:

  1. පට්ට...
    අත්දැකීමක්ද..?අහපු දෙයක්ද.?

    ReplyDelete
    Replies
    1. දැකපු දෙයක්.. දැනුන දෙයක්

      Delete
  2. හ්ම්ම්... හ්ම්ම්ම්.... ලත්තනයි. දුකයි.

    ReplyDelete
    Replies
    1. තැන්කු... දුක යනු කුමද්ද :D

      Delete
  3. Replies
    1. (b) මොනා කරන්නද නේද.. ?

      Delete
  4. කියන්න දෙයක් නැත මලේ, පට්ටයි උපරිමයි.

    ReplyDelete
    Replies
    1. තැන්කු... කියලා තියෙන දේ මදැයි.. :D

      Delete
  5. එළ කිරි අදහසක්. කව් ටිකත් පංකාදුයි..

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් වේවා... ! පංකාදුයි කිව්වට කන්න එහෙම බෑ.. :D

      Delete
  6. Replies
    1. උඹේ කටේ ඉන්නේ ඩයනා විතරද යකූ.. කියවන්නෙම ඩයනා ගැන..
      මොකෑ අතවරයකට ලක් උනාද..?
      ඩයනා දැන් හොඳට බිස්නස් කරලා හොඳට කාල ඇඳලා ඉන්නවා හරිය. :D

      Delete
  7. කටුක සත්‍යයය.
    ලස්සනයි කවි පෙළ.

    ReplyDelete
    Replies
    1. කටුක බව දැනෙද්දී හදවතට දැනෙන වේදනාව හා අපට ඇති නොහැකියාව පට්ටම හැගීමක් එකතු කරනවා අයියණ්ඩි..
      ස්තුතියි

      Delete
  8. නියමයි. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියා

      Delete
  9. පංකාදු කවි ටික අද තියෙන්නේ මේ ලෙසටම එළිසම පේළියට ඇව්ල්ලා..

    ReplyDelete
    Replies
    1. ;-( වෙනදා තිබ්බේ නැත්ද අලේ.. බොහෝම තැන්කු වේවා.. !

      Delete
  10. මරුම කතාවක් මචං! ළඳුනේ සින්දුව මතක් උනා.

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..