විකුණපු අයිතිය - RiGhT



හිමිකම යනු කිසිවෙකු සතු අයිතිය වේ. අයිතීන් සුරැකීමට හා ආරක්ෂා කිරීමට යම් යම් ක්‍රමවේද ලෝක සම්මුතීන් හා සම්බන්ධව නිර්මාණය වී ඇත. මිනිසෙකුට අයිතීන් සම ආකාරයෙන් හිමිවිය යුතුය. මිනිසෙකුට පමණක් නොව සියළු ප්‍රාණයෙන් හෙබි සත්ව ප්‍රජාවට සිය අයිතීන් නිදහසේ විඳීමට ඉඩ ප්‍රස්තාව ලැබිය යුතුමය.  හිමිකම් ආරක්ෂා කිරීමට නීතිය නැමැති රාමුව සියලු දෙනා වටවන සේ වැටක් මෙන් බැඳී තිබුනද, ඒ මත හිස් තැන් බොහෝ ඇත. නීතිය බලය ළඟ වැටෙද්දී, බලයට පිහිටවූ පුරවැසියාට සිය මෝඩකම් වැටහෙන්නේනම් මැනවි.


ජනතාව විසින් ජනතාව උදෙසා ගෙනයනු ලබන පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය බව ඒබ්‍රහම් ලින්කන් විසින් අර්ථ දැක්වූ නියා කුඩා කල අප ඉගන ගත්තෙමු. වයසින් වැඩෙත්ම මෙය යැයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නට තරම් දෙයක් නොදැක්කෙමු.

“පවුල් ලක්ෂ දෙකකට ඉන්නට තැනක් නැතැයි ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියනු ඇසිණි..” දේශපාලනය භිය වන්නට කිසිදු කාරණයක් නැත. ඔවුන් සැමට සිය චන්ද අයිතිය ඇත. ඔවුන්ගේ කතිරය සිල්ලරට බලවතුන් ළඟ දනගායි. චන්දය පටන් ගත් කල්හි කුණු කානු මතින්, කුණු කඳු මතින් නිවෙස් වලට විත් සිය දත් කුට්ටම පෙන්වා ආයුබෝවන් කියන උත්තම දේශපාලකයා චන්දයෙන් පසුව කොහේ කොතැනකදැයි සොයන්නටත් නොමැත. ධනයෙන් බලයෙන් සිය උඩඟුකම පෙන්වන පාලකයන්ට දෙකට නැමෙන ශ්‍රී ලංකික වැසියා ගැන දැනෙන්නේ වේදනාවකි.


එක පිට එක ඇලවෙන පෝස්ටර්, ඒ මත කළු තෙල් පැල්ලම් දකින මා සිතට වැටහෙන්නේ පුරවැසියා මුදලට මිලදී ගන්නා බවය මන්ද ඒ තුලින් පෙන්වන්නේ පාලකයා සතු බලයත් - මුදලත් ය . රුවට, හඬට, නමට, පෙළපතට සිය චන්දය දෙනවාට වඩා බුද්ධිමත් අවංක මිනිසෙකුට සිය කැමැත්ත ප්‍රකාශ කිරීම රටේ අනාගතය බොහෝ සේ බලපානු ඇත.

නිදහස් අයිතීන්ට යටත් වන චන්දය පවා ඕනෑ එපා කම් මත වෙනකුගේ අයිතියක් වීම ඛෙදජනකය. සමාජය විෂමය. මටද ඔබටද එම ආරෝහණත්වය වෙනස් කල නොහැකිය. එය හැකිනම් කල හැක්කේ අපටය. අපි යන බහු කුලකය එකට එක් වූ කල, දුෂ්‍ය උප කුලක සියල්ල නිශේධනය කිරීමට අවකාශය හා ශක්තිය ගලනු ඇත.

අයිතීන් ගැන කතා කරන විට, දෙසැම්බර් 10  දිනට ජගත් මානවහිමිකම් දිනය යෙදී තිබිණි. ලොව බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද ආශ්චර්යමත් ගමනක් යන අතරවාරයේ මෙම දිනය සමරන්නට වෙහෙස මහන්සි වූ බව පුවත්පත් අධ්‍යනයේදී මා දෑසට නතු විය.
මානව හිමිකම් දිනයේදී, ත්‍රිකුණාමලය බස් නැවතුම් පොලේ දී.  යුද්ධයේදී අතුරුදහන් වූවන් හා මිය ගිය අය වෙනුවෙන් පැවැත්වූ විරෝධතාවකට කිසියම් පිරිසක් පහර දී පලවා හැර තිබේ. යම් කිසි අයුරකින් එය මානවහිමිකම් වල උත්සව සැමරීම් අපූර්ව හා  නවතම ක්‍රම වේදයක් වන්නට ඇත. පුදුමයට කරුණ නම් මේ වනවිටත් එම ක්‍රියාවට දායකත්වය දැක්වූවන් අල්ලා නොගැනීම ය. ත්‍රිකුණාමල පොලිසිය තවමත් පරීක්ෂණ පවත්වන බව සඳහන් ය.  :D


පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය විසින් ලලිත් - කූගන් අතුරුදහන්වීම වීම පිළිබඳව ද විරෝධතාවක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවත්වා ඇත. ලලිත් - කූගන් සිහිවීම ජගත් මානවහිමිකම් දිනයේදී හෝ සිදුවීම මා පෞද්ගලිකව අගය කරමි.
සියලු දෙනාට අමතක වූ ඔවුන්ව මොවුන්ට හෝ සිහිවීම ගරුකලයුතු දෙයකි. ලලිත් - කූගන් නිදහස් විය යුතුය. වගකිව යුත්තු මෙදිනටවත් දෑස හරින්නේ නම් එය දේශපාලනයට මෙන්ම, නීතියේ උත්තරිතරත්වයට කරන ගරු කිරීමකි.

පෞද්ගලිකව මා තරයේ විශ්වාස කරන කරුණක් නම්,  කුමන පක්ෂ ආවත් ඔවුන් රට හූරා කයි. හූරා කෑමට නොහැකි ඇලෙන දෑ, දිය කර යම් දේ කෙරුව යයි අඬබෙර ගසයි. වෙන්දේසි වන්නේ අහිංසක සාමාන්‍ය වැසියන් ය. නිදහස ලැබුන බව සැබෑය. නමුත් තාමත් දේශපාලනයේ ත්‍රස්තයන් ගම් නගර පාලනය කරයි. පීඩිත පන්තියේ අයිතීන් හූරා කමින් ඔවුන් සිය බඩ සරිකර ගනී. පුරවැසියා නිසොල්මන්ය. පුරවැසියා වෙනුවෙන් පෙනී සිටින්නට බොහෝ දෙනා එති. එන බොහෝ දෙනා මිටිය සරිකරගෙන ආපසු ආ මග වල යති.

සිංහයන් අතරින් පතර සිටියද, හිවලුන් බොහෝය. හිවලුන් කරන්නේ හිවල් බව ප්‍රදර්ශනය වන සේ හූ කීම ය. ආගම් න්‍යාය, ජාතිවාදය නොයෙක් දෑ මානව වාදයන් යටකරගෙන මිනිස් මොලයන් තුල වල්බිහි වී ඇත.

අල්ලස - කප්පම්- තර්ජනය හේතුවෙන් පුරවැසියා බිය වද්දමින් බලකාමියා සිය ගමන යයි. මේ සියලු දෑ උදෙසා වගකිව යුත්තා ඔබ - මා මිස වෙන කිසිවෙක් නොවේ. කියවා නිදි යහන් තුල සැඟවෙනවාට වඩා නිදිබර දෑස් අවදි කිරීම ජාතියේ කාලින අවශ්‍යතාවයකි. එසේ නොකළහොත්, මිනිසුන්ට නිදහසේ හුස්ම ගැනීමට පවා ධනවාදියාගෙන් ඉඩක් නොලැබෙනු ඇත. මිනිසාට නිදහසේ ජීවත් වීමට පවා බලකාමියාගෙන් ඉඩක් නොලැබෙනු ඇත. වර්තමයේදී පවා වන්නේ ඒ කියූ දෙයමය.

මෙය දේශපාලනය නොවේ. මෙය රැවටීමකි. මෙය අහිංසකයා සූරා කන ක්‍රමයකි. දේශයක් පානය කිරීමට නළුවෙකුට නොහැකිය, දේශයක් පාලනය කිරීමට ස්වාමින් වහන්සේ කෙනෙකුට අකැපය. බුද්ධ චීවරය පවා දේශපාලනයේ අතකොලුවන්ය. මා හට මෙය විශාල ගැටළුවක් වී තිබුණි. නමුත් මා හදිස්සියේ අතට ලැබුණු කොසොල් රජතුමාගේ සිහින දහසය විස්තර කරන, බුද්ධ දේශනාව නිසා ධර්ම පිලිබඳ යලිත් පැහැදීමක් ඇති විය.

මෙවැනි දේ සඳහා අනුබල දුන්නේ වෙන  කිසිවෙක් නොවේ. ඔබමය. ඔබ කල කි දේ නිසා, ඔබගේ වැරදි අවබෝධ නිසා කෙලසෙන්නේ මේ සමාජය වේ. සමාජ නිරුවත ඔබ නොදැක්කා සේ කරබාගෙන සිටිය නොහැක. මන්ද ඔබද මේ ක්‍රියාවට සෘජු හවුල් කරුවෙක් බව කිව යුතුමය. හේතුව බුද්ධිමත් ඔබගේ නිහඬ ගොළු බවය. ඔබගේ වරද එයයි
අවදියෙන් සිටින්නට කාලයයි.

විහිළුවක් වූ දේශපාලනයට චන්දය දෙන්නේ ඔබය.
විහිළුවක් වූ මිනිසුන් ජාතියට පත් කරන්නේ ඔබමය. ඔවුන් ගැන ලොවට කියන්නේ ඔබය. ඔබේ කර මතින් යන ඔවුන් ඔබව බිමට තලන්නේනම් ඔවුන් කුමටද.. ? ඔවුන් අහිංසකයා පෙළන්නේ නම් ඔවුන් කුමක් අරඹයා නායකයෙක් වෙයි ද ?
සිය නායකයා හමු වීමට පෙර දැනුම් දීම් අවශ්‍ය නම්, සිය නායකයා වෙනුවෙන් පුරවැසියා බලා සිටින්නට අවැසි නම්, සිය නායකයා පුරවැසියාගේ දේ උදුරා ගන්නේ නම්, ඔවුන් නායකයෙක් ලෙස නම් කල හැකි ද..?

පොරත්වය යනු නායකත්වය ද ? හඬ  යනු නායකත්වය ද ? ඔබ ඔබෙන් විමසන්න. ඔබ කතාව මත ජීවත් වුවාට, ඔබ කතාවට දුන්, ඔබ හිනාවට, රුවට, දුන් චන්දයේ වටිනාකම ඔබ වින්දා ද...?

නම් කළනොහැකි...
දේශපාලනයේ....
කෙලසෙන සුදු පිරුවට දෙස බලා සටහන් කලෙමි.....
Share on Google Plus

About Unknown

16 අදහස්:

  1. ඡන්දේ ඉල්ලන්න නෙවද ආවේ බොරු කියාගෙන හොරා...

    ReplyDelete
    Replies
    1. :o හෙලා දකිනවා ඩො :(

      Delete
  2. මිනිස්සු කවදා නම් තේරුම්ගනීද

    ReplyDelete
    Replies
    1. හෙට. අපි හිතමු හෙට කියලා.. (උපකල්පනයක්.. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. )

      Delete
  3. අපෙ මිනිස්සුන්ට චන්දෙ කියන්නෙ නිකන් පැන්සලකින් ගහන කතිරයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත. අපේ පැත්තේ රුපියල් 50ට විකුනපු අයත් ඉන්නෝ.. :D

      Delete
  4. ඡන්දෙ ළඟ හින්ද දැම්ම කතාවක් නේද

    ReplyDelete
    Replies
    1. හෑ.. එහෙම එහෙකුත් තියෙනවද..? කාලීන දැනුම මගේ එහෙනම් ශුන්‍යයි

      Delete
  5. මේවා ගැන ඉතින් කොච්චර කිවුවත් වැඩක් නෑ බං..

    ReplyDelete
    Replies
    1. වැඩක් වෙයි කියලා මගේ හිතී විශ්වාසයක් තියෙනවා...අනේ මන්දා.. :(

      Delete
  6. චන්දෙ එනවා අපේ පලාතට ඊලඟට.. දෙන්න ඕනි අයට දෙන්න බෑ.. යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් ඉල්ලනවා. නාහෙන් අඩනනෙ චන්දෙ අපෙන් ඉල්ලන්නෙ දුව.. දුව ඉතින් මගෙ යාලුවා.. නොදී කොහොමෙයි :D

    ReplyDelete
    Replies
    1. වැඩේ අවුල හරිය. :3

      Delete
    2. ගෑණු ළමයෙක් හන්දා දෙන්ඩම වෙනා

      Delete
  7. ලංකාවේ දැන් ඉන්න දේශපාලුවන්ට ඡන්දේ දෙන එක අපේ මෝඩකම බං ;-(

    ReplyDelete
    Replies
    1. :)) හොඳ වැඩේ... අන්ඩාපං ඉතිං දැන් දුන්නා නම්..

      අපි චන්දෙ දෙනවා..
      අපිම ඉල්ලන් කනවා. :D

      Delete
  8. ඡන්දේ දුන්නත් නුදුන්නත් පරාදේ මහජනතාවට තමයි.

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..