ෆාතිමා හා රිසාඩ් ( Crime )

සඳ එළියේ නුබ ඇවිදින් දොරගුළු අබියස
පෙම්බස් දොඩමින් මා හා සිටියා ඔබ යස
සිත් ඇතුලේ පෙම් වත ගිනි අවුළුවන්නේ රස
නුබ එනවද මාත් එක්ක මරණය ඇත හිස

ඔබ ආදරය කර තිබේද..? නැත යැයි කියන්නේ අල්පයක් පමණි. පාඨක ඔබ  පෙම්වතෙක් හෝ පෙම්වතියකගේ භූමිකාවේ මදකට හෝ ජීවත් වන්නට වරම් ලද්දෙක් වන්නට ඇත. එකල්හි, මතකයන් ඔබේ සිත් තුල තවමත් ප්‍රාණයට,  තෘප්තියක් එකතු කරනු නිසැකය. බාදක බැමි මතින් ගැලු ආදර ගඟුලට නිමාවක් තබන්නට ගතානුගතිව සුදානම් වුවද හෘද සාක්‍ෂිය එයට ඉඩ නොදෙන්නට ඇත. මන්ද ප්‍රේමය වනාහි සංසාරගත බැමි පුරුක් බිඳමින් නැවත නැවතත් අළුතින් පුරුකින් පුරුක බැඳී, ජීවිතය පවත්නා තෙක් ගමනේ යෙදෙන බැවිනි.

පාසල් ප්‍රේමය ජීවිතයක හොඳ මෙන්ම නරකද තීරණය කරයි. යොවුන් වයසේ සිටින හිරිමල් යුවතියන් තම ප්‍රථම පෙම බදා ගන්නේ ජීවිතයේ ලද ඉහලම දායාදයක් සේ ය. යෞවනයන් අතර ප්‍රේමය දිව ඔසුවක් සේය.ඔවුන් එය සලකන්නේ සංසාරගත බැඳීමක් සේ ය. පළමු දැක්ම, සිනහව, වැනි දෑ අධි ආශ්වාදයක් ඔවුනොවුන් ගේ සිත් වල ඇති කරයි. පුංචි හෝ සිත් තැවුලක් දෙදෙනාගේ සිතට ගෙනෙන්නේ කල්ප යුග වේදනාවක් සේ ය. ඒ ආදරයේ සැබෑ විවරණය වේ. වැඩිහිටියන් කවදත් මේ දෙස බැලුවේ නුරුස්සනා බැල්මෙන් බව ඉතිහාසය සාක්ෂි අපුරුවට සපයයි. ඒ නුරුස්සනා බැල්ම, අවවාදයෙන් කෙලවර වී අවසන් වන්නේ ඔවුනටද එවන් අතීතයක් තිබුන බව පසක් වී යැයි සිතේ.. නමුත් එය මරණයකින් කෙලවර වුවහොත්....! 

ඉතිහාසය දෙස මා හැරී බැල්මි. පෙම්වතුන් ඉතිහාසයේ වීරයන් ය. රෝමියෝ - ජුලියට් ප්‍රේමය නිසා සිය ජීවිතය පිදුවෝය. සාලිය - අශෝකමාල තවත් එක් පුරා වෘත්තයකි. ඉසුරුමුණිය පෙම් යුවල ඉතිහාසයේ ප්‍රේම පුරාණයන් මොනවට ඔප්පු කරයි. 

මා ඉතිහාසය තුල බොහෝ විට තනි වීමි. ඉතිහාසය විටක කෘර ය. විටක පැහැපත් ය. විටක ආදරණීය හැගීම් මවයි. විටක එය වීරත්වයේ නටබුන් මවා පෙන්වයි. පඬුවස්නුවර රාජධානිය ද එසේ ප්‍රේම පුරානයක නටබුන් එක් කල පුරා වෘත්තයක් මැවූ ප්‍රදේශයකි. උන්මාද චිත්‍රා - දීඝ ගාමිණි පෙම් පුවත කුරුණෑගල පඬුවස්නුවර අපිටනම් අළුතින් එක් වූ කතාවක් නොවේ. උන්මාද චිත්‍ර ලා මෙන් යෞවනියන්, දීඝ ගාමිණි ලා වැනි පෙම්වතුන් පඬුවස් නුවර පුරාවට බොහෝ වෙසෙති. ඒ අතීතයේ හිඩැස පුරවන්නට යැයි කිසිවෙකුට සිතෙන්නට පුළුවන. 

උන්මාද චිත්‍රා - දීඝ ගාමිණි සිය ආදරය මෝරා වැඩෙත්ම ජීවිතේ දිනා ගත්තෝය. ප්‍රේමයේ උණුහුම මත, කුස නෙරා වැඩි පණ්ඩුකාභය කුමරු මෙලොව එලිය දුටුවේය. එයනම් ඉතිහාසය වේ. හුදෙක් මේ සුදානම ඉතිහාසය ඇවිස්සීමට නොවේ. එවන් පෙම් පුවතක් මරණයේ බිහිසුණු දැල්ලෙන් අළුවී ගිය සටහනයි.
පඬුවස්නුවර ප්‍රදේශයේ ජාතින් අතර අන්‍යෝන්ය වශයෙන් විශාල බැඳීමක් පවතී. බහු සංස්කෘතික ජන සමාජයක ලක්ෂණ ඇති මෙම ප්‍රදේශය පුරාවට මුස්ලිම් වරුන් හා සිංහල වැසියන් එකට විසීම සාමාන්‍ය දෙයකි. පඬුවස්නුවර මඩිගේ මිදියාල යනු එවන් තවත් ගම්මානයකට නිදසුනකි. ප්‍රේමය සිංහල වේවා දෙමල වේවා මුස්ලිම් වේවා හදවතට දැනෙන්නේ එක ලෙසිනි. අප සැවොම පෘතග්ජනයන් ය. 

ආදරයට සීමා මායිම් නැත, ආදරයට මිල මුදලේ තරම වැටහෙන්නේ නැත. ආදරයට කුලය මලය බලපාන්නේ නැත. ඉදිරියක් ආදරය තුල නැත. ආදරය තුල ඇත්තේ ජීවත් කරවීමත් පරිත්‍යාගයත් අහිමිවීමත් පමණක් බැව් ඔහු අප ප්‍රදේශයට ඒත්තු ගැන්නුවේය. 


ඔහු නමින් "රිෆාඩ්" ය. අවුරුදු 18ක වයසේ පසුවන යෞවනයකි. පොත් බෑගය උරා ලා ගත් ඔහු සිය යහළුවන් හා අධ්‍යාපනයේ මං සෙව්වේය. ඔහුට අරමුණක් තිබුනේය. වෙනකක් නොව අධ්‍යාපනය නමැති දායාදයේ ඉහලම අතු රිකිල්ලක සිය කූඩුව සදා ගැනීමයි.
සෑම උදෑසනකම ඔහු එක් දසුනක ජීවත් උනේය. ෆර්දාවෙන් වැසුන ඇය ඔහු ගණනකට නොගෙන පියමන් කළා ය. යාන්තමට සිනහ පාද්දී ඔහු ඒ සිනහවෙන් සිහින අතර තනි විය. සැබවින්ම ඔහු ඇයට මහත් සේ ආදරේ කළේය. ඔහු වසනාවන්තයකි. ෆාතිමා හා රිෆාඩ් පෙම්වතුන් වුවෝය. 

පාසල් ප්‍රේමය ඔවු නොවුන්ට  රිසි සේ විඳින්නට නිදහස ඕනෑවටත් වඩා තිබිණි. තුරුල් වෙමින්ද, දෑත් පටමින්ද ඔවුනොවුන් ජීවිතයේ අනාගතය වෙනත් පෙම්වතුන් සේම සිහින මැව්වේය. රැය ගෙවුනේය. නැවත පහන් වුයේය. දහවල උදා විය. සැන්දෑ අඳුර ගලා ආවේය. මේ තුන් කාලයේම ඔවුනොවුන් ප්‍රේමයේ සුව විඳි අවස්ථා අපමණය. ෆාතිමාට ඔහුගෙන් තොර ලොවක් නැති තරම්ය. ඔහුද ෆාතිමා වෙනුවෙන් ජීවිතය වුවද පරිත්‍යාග කරන්නට බලා සිටියේය. එය ප්‍රේමයේ හැටිය. අභියෝග හමුවේ නොසැලී සිය සහකාරිය හා පෙම් සටන ගෙන යන්නට ඕනෑම පෙම්වතෙක් ආශා කරයි. ඔහුද එසේය. මේ නිසාම ෆාතිමාගේ නිවසේම හොර රහසේ හමුවන අවස්ථා බොහෝ විය.
තම උත්තරීතර ආදරය වෙනුවෙන් කාලය කැප කල ඔහු, ලැබෙන පුංචි අවස්ථාවේ පවා ෆාතිමා දැකීමට උත්සහ කලේ ය. ෆාතිමාටද වෙනත් ලෝකයක් නැත්තා සේ ඔහු මත්තේ ජීවත් විය.

ඔවුන් දෙදෙනාම සිය ආදරයට "අල්ලා " දෙවියන්ගේ පිහිට ලැබෙනු ඇතැයි සිතන්නට ඇත. ඔවුන්ගේ ආදරය දෙදරා යන්නේ මේ අතරේය. ආදරය දෙදෙනාටම නැතිවම බැරිවන සේ මෝරා වැඩෙත්ම ෆාතිමා ගේ නිවසින් ෆාතිමාට අවවාද කළේය. සිය පවුලට නොගැලපීම හා රිෆාඩ් ලා මුදලින් හීන වීම එයට බලපාන්නට ඇත. ෆාතිමාට හෝ රිෆාඩ් ට ආදරය මත වල් මත් වී සිටියදී මෙම අවවාද බිරි අලින්ට වීණා වාදනයක් සේ දැනිණි.
ෆාතිමාට සිය නිවාස අඩස්සියට වැටෙන්නට සිදුවන්නේ මේ අතර ය. නමුත් ප්‍රේමයට කුමන බාදාවක් ද..? ෆාතිම හැකි සෑම අවස්ථාවකම සිය දුරකථනයෙන් ඔහුට  කෙටි පණිවිඩ යැව්වේය. ඔහුද පෙරලා පිළිතුරු දුන්නේය. ෆාතිමාගේ කඳුල දරාගත නොහැකි වූ කල ඔහු ෆාතිමා මෙන්ම වේදනා වින්දේය, සිය ප්‍රේමයට බාදක බැමි වැටෙද්දී ඔහු ඒවා කිසිවක් ගැන වෙහෙසුනේ නැත. ෆාතිමා කෙරේ බැඳුන පෙම තව තවත් දැඩිව මෝරා වැඩිණි.

"... තෝ ඕක නැවැත්තුවේ නැත්නම්, තොපි දෙන්නම මරලා දානවා.."      ෆාතිමාට නිවසින් තර්ජනාත්ම අණකි. ෆාතිමාගේ අප්‍රමාන ආදරය තර්ජන මත නොසිඳී පෙරටත් වඩා පැවතිනි. ඔවු නොවුන් අන් කිසිවටත් වඩා සිය ආදරය ගැන අප්‍රමාණ විශ්වාසයකින් කටයුතු කළේය.

ඒ, වයඹ පළාත් සභා ඡන්ද ප්‍රචාරක සමයයි. ඡන්ද උණුසුම පෙරටත් වඩා වයඹ පළාතේ දකින්නට තිබිණි. ප්‍රබල අපේක්ෂකයන් ඡන්ද සටනේ සිටීම හේතු වන්නට ඇත. සිය බලය, ඡන්ද සටනේ පෙන්වන සාධකයක් වුයේ ඡන්ද අපේක්ෂකයා ලබාදෙන සංගීත ප්‍රසංගයක සතුට විඳ ගැනීමට ජනතාවට ලබා දීමයි. 

රිෆාඩ්, ෆාතිමාගෙ ප්‍රේමය හදවතින් විඳිමින් ඡන්ද අපේක්ෂකයෙක් විසින් සංවිධානය කල සංගීත ප්‍රසංගයක් නැරඹීමට ගියේය. මධ්‍යම රාත්‍රියත් ගත විය. දුරකථනයේ කෙටි පණිවිඩයකි. 

"... මට ඔයාව දකින්න ඕනේ.. ගෙදර කවුරුත් නැහැ.. පුරුදු තැනට එන්න.." ෆාතිමා විසින් කල ආරාධනයකි. සිය පෙම්වතිය දැක ගන්නට පෙරුම් පෙරූ ඔහුට එය කදිම අවස්ථාවකි. මග අරින්නට හේතුවක් නැති තරම්ය. ප්‍රේමය විඳ ගන්නට ඔහු සිය ගමන ඉක්මන් කලේ ය. ඔහු නැවතුනේ ෆාතිමාගේ නිවසේ ජනේලය ලඟයි.
".... අන්න අරූ ඇවිත්... ගහපල්ලා.... ගහපල්ලා..." ඇසෙත්ම ඔහුට පිටු පස දකින්නට කිසිදු අවස්ථාවක් නොලැබුණි. එක පිට එක වැදුණු පහරවල් නිසා ඔහු වේදනාවෙන් මිරිකී ගියේය. 


"...අනේ ගහන්න එපා...." ෆාතිමා මොර දුන්නේය. ඔහුගෙන් ශබ්ධයක් නැත. සැබවින්ම ඔහු මිය ගිහිං ද...? නැත ඔහු මිය ගියේ නැත. ඔහු සිහිය විකල් වී බිම ඇදගෙන වැටුණි. පහර දුන් නරුමයන් සිතුවේ ඔහු මිය ගිය බවයි. 

යතුරු පැදියක දමාගත් ඔහුව, මඩිහේ මිදියාල මධ්‍යමහා විද්‍යාල භූමියේ ගේට්ටුව අසල සිරුර තැබීය. ඔහු කෙඳිරි ගාන හඬ ඇසෙයි. ආදරේ කල පව ඔහු වටා අඳුර පරයමින් වැඩුණේය. විද්‍යාලීය ලිඳේ ලණුව ගලවාත් නරුමයන් පිරිස ඔහුව විද්‍යාල දොරටුවේ එල්ලුවේය. ෆාතිමාට පෙම් කල වරදට ඔහු ගෙල වැල ලා මියැදුණි.
අමානුෂික වධ හිංසා වලට නැතුව ගෙල සිර කර එල්ලා දැමු නරුමයන්ට ගැලවීමට අවස්ථාවක් මුදල් බලයෙන් ලැබිණි. මරණ පරීක්ෂණ වාර්තාව ඔවුනට වාසි සහගත ලෙස " රිෆාඩ් සිය දිවි හානි කරගත් " බවට ලබා ගත්තේය. තිස්සව කෝරළේ හදිසි මරණ පරීක්ෂක වරයා හදිසි මරණ පරීක්ෂණයේ දී කල පරස්පර විරෝධී ප්‍රකාශ එයට විධිමත් සාක්ෂි සපයන අතරම,  වාරියපොළ කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරිවරයා මෙය සියදිවි හානි කර ගැනීමක් ලෙස පොලිස් පොතට සටහන් තබ ඇති බවට ඇතුලත් ය. විධිමත් ලෙස සාක්ෂි තිබියදී මෙය සැඟවීමට තරම් නීතිය වල් බිහිවීම ගැන කනගාටුවට කරුණක් වුවද, රිෆාඩ් සිය දිවි හානි කරගත් බවට වල් මත් නීතිය ඉදිරියේ ඔප්පු කර ඔහුගේ අවසන් කටයුතු සිදු විය.

නමුත් ඔහුගේ පවුලේ පිරිසට ඇතිවූ සැකයක් මත, වාරියපොළ පොලිසියට නැවත කල පැමිණිලි වලදී, ඒ පිළිබඳව පොලිස් පරීක්ෂකවරයා කිසිදු සලකා බැලීමක් කර නැති අතර, සිය රාජකාරිය හිතා මතාම පැහැර හැරිය බවට රිෆාඩ් ගේ පවුලේ සාමාජිකයන් චෝදනා කරයි. 

මේ අනුව මෙය අපරාධයක් බවට ඇති සැකයක් මත, ජනාධිපති විමර්ශන අංශයට කල පැමිණිල්ලකට අනුව නැවත රිෆාඩ් ගේ සිරුර පසුගිය දා ගොඩ ගැනින. විමර්ශන අංශයේ නියෝගයකට අනුව කොළඹ විශ්විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍යවරයා ඇතුළු සිසුන් කණ්ඩායමක් විසින් පරීක්ෂණය මෙහෙයවනු ලැබීය. ඒ වාරියපොළ දිසා මහෙස්ත්‍රාත් ඒ.එස්.කේ. පටබැඳිගේ මහතා ඉදිරියේය. කුලියාපිටිය කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරිගේ මෙහෙයවීම මත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙහෙයුම් කටයුතු සිදු කරයි. 

මේ වනවිට සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇතත්, සිද්ධිය යටපත් කල පුද්ගලයන් ගැන කිසිදු වග විභාගයක් නොමැතිවීම මා හට ඇති ප්‍රබල ගැටලුවකි. ( ඒ පිළිබඳව පෞද්ගලිකව සොයමින් පවතී )
ඔහු සිය පෙම්වතියට හදවතින්ම ආදරේ කල වරදට ජීවිතයෙන් වන්දි ගෙව්වේය. ආදරය නිසා මිලිනව ගිය ඔහු යම් දිනක මේ පොලෝ තලයේ ඉපදෙනු ඇත. මරණයට හෝ කිසිදු සදාරණයක් ඉෂ්ට නොවූ විට ඔහු වැඩු ප්‍රේමයෙන් පලක් වීද...? මතු දිනක උපත ලබන ඔහුට මෙවන් නරුමයන් අතර උපත නොලැබේවායි මාගේ පැතුමයි.. 


( පරීක්ෂණ මට්ටමේ පවතින සිදුවීමකි. මෙම ලිපිය ඉදිරියේදී සංස්කරණය වන්නට ඉඩ තිබේ. කිසිදු කෙනෙකුට පෞද්ගලිකව නින්දා කිරීමට හෝ අපහස කිරීමට මෙය සටහන් නොකලබවත්, තුන් වෙනි පාර්ශවයකට කිසිදු පීඩාවක් කිරීමට මෙය තුලින් අදහසක් නොමැති බවත් දන්වා සිටිමි...  තවත් රිෆාඩ් කෙනෙකුන් බිහි නොවන්නට ඒකායන අදහසින් වචන මුහු කල මුත්, නීතියේ ආධිපත්‍ය යුක්තිය සදාරනාත්මක විසෙදෙන තුරු අප විමසිල්ලෙන්...)

Share on Google Plus

About Unknown

14 අදහස්:

  1. ආදරේ කියන්නේ ... මහා විනාසයක්... එක වෙලාවකට.... එක මහා ආශිර්වාදයක්... එත් ඕක අල්ලාගෙ කමත්තනේ බන් ... -_- .. මොනවා උනත් පවු අහිංසක කොල්ලෙක්... වන්දි ගෙවුවා.. ඕව ලියනකොට බලාගෙන.. හෙට සුදු වෑන් එක්ක කළු ත්‍රි විල් එයි.... -_-

    ReplyDelete
    Replies
    1. ඔව්.. මරණ පරීක්ෂණය තියපු එකා මේක දැක්කොත් හෙට ඉඳන් මටවත් පවුලේ කෙනෙක්ටවත් ගමේ වසලා හමාරයි.. :D
      අනේ මටත් සීත නේ... මොකෙක් හරි එකෙක් උණුහුම් කරලා ගන්නේ නැතැයි.. හොඳ හොටෙලෙකින් කාලෙකින් කෑවේ නෑ.. බඩ පැලෙන්න කන්න ඕනේ සුද්දෝ..

      Delete
    2. :-b 21 වර හොඳ හෝටලේකින් කවන්නම් =)) උඹ ඉතින් මයේ පනනේ කොමත් x-)

      Delete
  2. ආදරේ සුන්දරයි කියලා අපි හිතුවට ඒ සුන්දර බව විඳින්නේ අල්ප සංඛ්‍යාවක් විතරයි .ගොඩක් අයට ඉතුරු වෙන්නේ වේදනාවයි මරණයයි විතරයි...
    පව් අහිංක ජීවිත... හොඳ කතාවක් සාර්ථකයි ... (o)

    ReplyDelete
    Replies
    1. (f) බොහොම ස්තුතියි සෙව්වන්දි.. ඔයත් රෝස මලක් නේ පරිස්සම් වෙන්න. ලෝකේ හිතන තරම් සුන්දර නැහැ.

      Delete
  3. සත්‍යය යටපත් වෙන්නෑ කවදාවත්. ඒක කවද හරි ගොඩ එනවා.. මම කතන්දරේ දන්නව උනාට මේ විස්තරේ අද තමා දැනගත්තේ .තැන්කුයි බෙන්...

    ReplyDelete
    Replies
    1. ඔව් කවදාහරි එලියට එනවා. ඕනෑම මිනි වලක් ඇතුලේ රහසක් තියෙනවලු නේ.. mawbima පත්තරේ දිගු විස්තරයක් තිබුනා.. :)

      Delete
  4. මේ ගැන ලිපියක් මවුබිම පත්තරේ ගියා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් මම ලින්කුව එව්වේ.. :D ඒක නෙමෙයි, මම ඔයා කියපු එක ගැන සලකා බැලුවා. අවුස්සන්න දෙයක් නැති තරම් අයියණ්ඩි.. මං හිතන්නේ දැන් නීතිය නියම පාරේ යනවා.

      Delete
  5. මුදල, බලය සහ අවනීතිය ඉදිරියේ වැලලීගිය ඔය වගේ කතා තව කොච්චර ඇද්ද?

    ReplyDelete
    Replies
    1. වලළුන දේවල් එලියට ගමු, එක අපි ඒ මරණයට කරන සාදාරණ යුතුකමක් වේවි නේද..?

      Delete
  6. //මතු දිනක උපත ලබන ඔහුට මෙවන් නරුමයන් අතර උපත නොලැබේවායි මාගේ පැතුමයි.. // එය අපේ ද පැතුම යි.

    ReplyDelete
  7. ආත්මාර්තය හින්දයි ඔක්කොම... ආදරේට තේරු ගැනීමක් අවශ්‍යයි.. දෙමව්පියො උනත්...

    ReplyDelete
  8. අදයි මේ පැත්තෙ ආවේ ...

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..