ජීවිතයක ජීවත් වෙමු - Blood Donation

යම් දෙයක් තමා සතු ද, එය පරිත්‍යාග කිරීම පහසු දෙයක් නොවේ. එම පරිත්‍යාගය තම කය ආශ්‍රයෙන් වේ නම් එය මහත් අසීරු කර්තව්‍යකි. ඊට හේතුව ලෝභය යන අකුශල ක්‍රියා අප ජීවත වල සදාකාලිකව ජීවත් වීමට වෙර දැමීම නොවේ ද..? 

ස්වහසක් නොමිනිසුන් අතර, සිය ආත්මය කැප කර ජීවිත පරිත්‍යාගයේ යෙදෙන බොහෝ මිනිසුන් මේ ලොව වසයි. පෞද්ගලිකව පුස් සතුටක් උදෙසා කය පිනවීමේ යෙදෙනවට වඩා, තමා සතු දේ, තමාට දිය හැකි සේ යම් කෙනෙකුගේ ජීවිතයයේ පණ නල උදෙසා පිදීම ජීවිතය පවත්නා තුරු ආත්මතෘප්තියට හේතු වනු නියතය. 



ලෝභ - දෝෂ - මෝහ යන පීඩාකාරී සිතුවිලි තුලින් වල් බිහි වී ඇති නුබේ සිත මදකට විවර කරන්න. සිතේ වල් උදුරා එයට පහන් ආලෝකයක් එක් කිරීමට නිසි කාලය එළඹ ඇත. ඔබ වෙනුවෙන් යම් කෙනෙක් ජීවත් වෙන්නේ නම්, ඔබ විසින් ලද දායදයකින් ඔහුගේ හද ගැහෙන්නේ නම් එය කොතරම් අපූරු ක්‍රියාවක් ද...?

පිණ පව ලොව පවන්තා භිය මූලික කරගෙන සැදුනු බැමි මෙනි. පිණක් සිදු වුවද පවක් සිදු වුවද යම් කාරණයක් මූලික වන්නේ මානුෂීය වශයෙන් ඔබ්බට යන්නේ නම් පමණි. යම් කෙනෙක් ඔබ වෙනුවෙන් සතුටු වෙයි ද, ඔබගේ ක්‍රියාවන් නිසා ඔහු හෝ ඇය පීඩාවන්ට ලක් නොවන්නේ නම් එය ඔබ ලබන සදාකාලික ජයග්‍රහණයකි.

එසේනම් මේ ඔබ පරිත්‍යාගශීලියෙක් වන්නට නිසි කාලයයි. ඔබ හද ගැහෙන්නේ ද..? පපුවට අත තබා බලන්න. ඔබගේ සුරතේ නාඩි පිරිස්සන්න. පුදුමයකි. ඔබ හද ගැහෙයි. ඔබ දන්නවා ද...? කිටි කිටියේ දුවන රුධිරය ඔබව ජීවත් කරයි. එයනම් අපූර්ව නිර්මාණයකි.

ඔබ දන්නවා ද.....? 

 
අවුරුද්දකට රුධිර රුධිර පාරවිලයනයක් අවශ්‍ය පිරිස ලක්ෂ දෙකකට අධික ලෙස ඉහල ගොස් ඇත.
සෑම තත්පර 30කටම වරක් ලංකාවේ කොහේ හෝ කෙනෙකුට රුධිර පාරවිලයනයක අවශ්‍යතාවක් ඇතිවේ.

ඔබ මෙන් මා,  මා මෙන් ඔබ මේ ලොව ජීවත් වන්නෙමු. අපට දිය හැකි දේ බොහෝය. අප නොදෙන දේ බොහෝය. ශ්‍රී ලංකාවේ ජනග්‍රහණයෙන් 30%ක්පමණ පිරිසකට රුධිරය පරිත්‍යාග කල හැකි වුවත් රුධිර පරිත්‍යාගයේ නියැලෙන්නේ 2%ක් පමණ සුළු පිරිසකි.  ( ඇතැම් වාර්තා අනුව, අනාගතයේදී සංස්කරණය විය යුතුය. )

වාර්තා එසේ ලිය වෙත්දී, සහෘද ඔබ 2% පිරිස අතරට කැටි වී, මිනිස්කම හඳුනන සැබෑ හද ගැහෙන්නෙක් වීමට කැමති ද...?

සිත් ත්න්රානා.... !!!


 [When]
    Sunday, 12 January 2014

 [Time]
    09:00 until 15:00

[Where]
    ගම්/ ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය - ගම්පහ
[Description]
    රුධිරය හිඟකමින් ජීවිතයත් මරණයත් අතර සටන් කරනා අසරණ සිත් සනසන්නට
ෆේස්බුක් මිතුරු කැලගේ ලේ දන්දීමේ කඳවුර....
 

< Organizer  >  O2

follow >>> ThIS EvEnT

Dr Shiromenගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවන මෙම සත්ක්‍රියාවට ඔබ සම්බන්ධ වන්නේ නම්,

පැමිණීම තහවුරු කිරීම සදහා -  0717383167 - පොඩි මල්ලී - 0777615332 (බ්ලැක් පුමා)


වෙනත් උපකාර වේනම් - 0714041977 (ගිණී කුකුළා)
 

යන අයවලුන් සම්බන්ධ කර ගන්න 



ජීවිතය විඳින ඔබ, විඳවන මිනිසුන් වෙනුවෙන් පහන් සිත් දල්වන්න.. එය ඔබට සදාකාලික ආත්මතෘප්තියකට මග පෑදෙනු ඇත.
Share on Google Plus

About Unknown

17 අදහස්:

  1. ela machan beno

    ReplyDelete
  2. බොහොම හොද වැඩක්.. මම අනිවා අවුරුද්දකට දෙපාරක් දෙනවා.. එන්න වෙන්නෑ ඒත් කටයුතු සාර්ථක වේවා.

    ReplyDelete
    Replies
    1. යකාගේ පොරක් නේ.. අවුරුද්දට දෙපාරක් ලේ දෙනවා කියන්නේ 2%කේ ටීම් එකේ පොරක්.. (h)

      Delete
  3. උඹ මට කලින් දැම්මා මේක ගැන නේද? එල එල

    ReplyDelete
    Replies
    1. මුකක්, ගිණියා මාධ්‍ය අනුග්‍රහය අයැද සිටියා [-(

      Delete
  4. සාර්තක් වේවා... බොහොම පින් අතේ වැඩක්

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි... පුළුවන් නම් එන්න.. :)

      Delete
  5. මාත් එනවා ඒත් මගේ ලේ ගන්නේ නෑ වයසට අනුව බර නෑ කියලා

    ReplyDelete
    Replies
    1. ;(( මගෙත් ගන්නේ නැති වෙයි ද දන්නේ නැහැ. හුළං බෝලේ වගේ නෙව ඉන්නේ

      Delete
  6. හොද වැඩක් මෙදාත් .. මාත් ලංකාවේදී අවුරුද්දට දෙපාරක් දුන්නා.. හොදින් කරගන්න සහ වැඩි පිරිසක් එකතුවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. 8-) ඔයා එන්නකෝ අනී

      Delete
  7. මම පෙර දෙවතාවක් ලේ දීලා තියෙනවා.ගිය අවුරුද්දේ ලේ දෙන්න කියල ගියාම අවුරුදු 60 ට වැඩිය අයගෙන් ලේ ගන්නේ නැහැ කියල මාව ප්‍රතික්‍ෂේප කළා. එහෙම සීමාවක් දාපු එක නම් හරිම අසාධාරණයක් කියලයි මට හිතෙන්නෙ. බැරිද ඕක වෙනස් කරන්න.

    ReplyDelete
  8. වැඩේ ඉහළින්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  9. අඩේ මගේ බර මදි බං....මාත් හරි ආසයි ලේ දෙන්න....

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..