නොකියූ කතාවක් සහ නොකියන කතාවක්



                            
අවරට යන හිරු සැඟවී ගියා දෙන්
පෙරඹර සඳු හිනැහී අද තිබුණා දෙන්
සවසට හීතල හිරිගඩු පිපුණා දෙන්
මහගිර වන් හදවත මගෙ පිරිලා දැන්
  
නුඹ ගැබ තුල සියොතුන් යන ගමන් දැක
නුඹ හා යන්නට පියඹා සසර සක
නුඹ මුව මත හාදු තියා මුවින් වක
නුඹ දැඟිලි මා දෑතට ගෙනෙමි එක

  
දෑස පියාගෙන පහනින් පූජාව
දෑතේ රුවාගෙන සරණින් සීතාව
සීත කියාගෙන තුරුලින් ගෙන ආව
දෝස කියායන මහදින් නුඹ පෑව
  
මී බිඟු රැල මල වටකර රොන් සොයනා
ඒ අර බල මගෙ කුසුමත් මෙහි තිබෙනා
මා බල කල තුල සොමි සඳ ලෙස වැඩෙනා
මේ නෙලූ මල මගෙමයි සසරම ලැබෙනා
  
බුදු රද අභියස නිරතුරු කර පූජා
සසරද සරදම් කරමින එන ඕජා
අගරද පෙම කල සැටි මතකයි සාජා
ආදරයද මෙය අයදින පෙම් පූජා
  
හදවත ගැහෙන රිද්මය නුඹේ අසන්නම්
මුවඟින් කියන දේ අහගෙන සිටින්නම්
දෑසින් බලන බැල්මන් මගෙ නොවේ නම්
ඈතින් යනෙන හැටි බලමින් සැනසෙන්නම්
  
කවිය මගෙ නුඹට දුන්නෙ ආදර වැහි අස්සේ
සවිය අරං කවිය ලිව්වේ බොර දියටනෙ වැස්සේ
නැවිය වගෙ දියට පැන්නේ ගිළුනද මඩ ඕසේ
කවිය ඉවර නෑ දිවියේ ඈ ඇත හද අස්සේ
  

Share on Google Plus

About Unknown

16 අදහස්:

  1. ''කවිය ඉවර නෑ දිවියේ ඈ ඇත හද අස්සේ"" මෙන්න මේ කොටසට තමයි මම කැමතිම

    ReplyDelete
    Replies
    1. :) ස්තුතියි ඉවාන් අයියේ.. ඇත්තටම කවිය ඉවර නෑ. මේ කවිය කියන්න බෑ.. ඉරිසියා කරයි කියලා භයයි.

      Delete
  2. ''කවිය ඉවර නෑ දිවියේ ඈ ඇත හද අස්සේ"" මෙන්න මේ කොටසට තමයි මම කැමතිම

    ReplyDelete
  3. කවිය ඉවර නෑ........
    සුභපැතුම් අනාගතයට!

    ReplyDelete
  4. ඉස්සර අපි කිව්වේ බූට් කෑවහම තමයි කොල්ලෝ කවියෝ වෙන්නේ කියලා එහෙමත් නෑ නේහ් ලව් කරන්න ගත්තු ගමනුත් කවියෝ වෙන කොල්ලෝ ඉන්නවා . . :D

    ReplyDelete
    Replies
    1. :D අෆොයි.. අයියලා ඉතිං අපිට කවියක් දාපුවම කතන්දර හදනවා නේ..
      හික්.. ඒ උනාට කවි හදන්නම කතා කියනවා නේ එයා. කවි හදන්නේ නැතුව කොහොමද ඉන්නේ මං. :)

      Delete
  5. ෂහ්. කාලෙකින් ආවත් පංකාදු පහයි.. මම විරිතට අනුව කවිය ගායනා කරා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ඔයාගේ පැමිණීම ගෞරවයක්.. කවි තමයි.. පොත් ලියන්න කෙටිකතා නං ලියන්න දැනෙන්නේ නෑ..
      ස්තුතියි... :)

      Delete
  6. උඹේ කවි හිතට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... අයියේ... කවි හිතක් නෙමෙයි මේක.. :D

      Delete
  7. ආදරේ හිතට වදිනකොට කවි සිතුවිලි ගලාගෙන එනව නේද,අපූරු කවි ටික හොඳට රස වින්දා.

    ReplyDelete
    Replies
    1. හිහ්.. :D ඇත්ත ඇත්ත දැනෙනවා ගොඩක්..
      ඒ උනාට මිනිස්සු ඉරිසියා කරයි කියන භය දැනෙනවා :)

      Delete
  8. අපූරුයි....
    හුග කාලෙකිං සංවේදී කවි පංතියක් කියෙව්ව...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. කෘතඥ වෙනවා ඇගයුමට... :)

      Delete
  9. ඔය කාළේට ආදරේ නොකර වෙන මක්කා කරන්නෙයි. ඔය කාළේ නෙමෙයි හැම කාළේම ආදරේ තියෙනවනම් කොච්චරනම් අපූරුද,,,

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..